Microsoft සමාගම Android සදහා නව Word, Excel සහ PowerPoint Preview Apps එලි දක්වයි.

2291
0
SHARE

කවුරුත් අවිවාදයෙන් පිළිගන්නවනේ Android තමයි ලොව බහුලවම භාවිත කරන ජංගම දුරකථන සදහා වූ මෙහෙයුම් පද්ධතිය කියලා. ඒ හින්දම Microsoft සමාගම ඔවුන්ගේම මෙහෙයුම් පද්ධතිය සදහා නිකුත් කිරීමටත් පෙර Android (සහ iOS) සදහා Office Package එකේ Word,Excel සහ PowerPoint Apps වල Preview versions නිකුත් කරලා.

ඔවුන්ගේ උත්සාහය වන්නේ පරිගණකයක් තුල මෙම Apps භාවිත කරන විට ලැබෙන අත්දැකීම එලෙසම ජංගම දුරකථනය තුල භාවිත කිරීමේදීද ලබා දීමයි. තවද මෙහි විශේෂත්වය වන්නේ ඔබට මේ මගින් OneDrive පමණක් නොව Google Drive,Dropbox තුල ඇති ලියකියවිලි විවෘත කර ගැනීමට හැකි වීමයි.

ඔබට මෙම Preview Apps භාවිත කිරීමට නම් 1 GB හෝ වැඩි Ram එකක් සහිත උපකරණයක් තිබිය යුතුය. තවද ඒ තුල අවම වශයෙන් KitKat 4.4.x ධාවනය විය යුතුය. ඒ විතරක් නෙවෙයි ඔබට සිදු වෙනවා Microsoft Office for Android, Google+ සමුහය වෙත සම්බන්ධ වී මෙම Apps සදහා Tester කෙනෙක් වන්නට.මේ සදහා signup වීමෙන් පසු පැය 4 ක් ඇතුලත ඔබට අවසරය ලැබේවි. පසුව පහත Links මගින් Apps ලබා ගත හැක.

Download: Word | Excel | PowerPoint

කෙසේවෙතත් මෙම apps වල සම්පුර්ණ ප්‍රයෝජනය ලබා ගන්නට නම් ඔබට Office 365 Subscription පැවතිය යුතුයි.

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY