Microsoft Azure එක පෙළට – 7 කොටස

Microsoft Azure එක පෙළට – 7 කොටස

1722
0
SHARE

ලිපිය පටන් ගන්න කලින් පුංචි ඉල්ලීමක් කරන්නම්. ඔබ තවමත් Bestweb.lk තුලින් අපේ Windowsgeek.lk වෙබ් අඩවියට vote කලේ නැත්නම් අදම ඔබේ vote එක දාන්න. අද වෙනකොට ලිපි 850කට අධික ප්‍රමාණයක් පල කරලා ඔබේ දැනුමට අපෙන් පොඩි හරි දෙයක් ලැබුණානම් අපේ මේ වැඩ කරන් යන වෙබ් අඩවියට පොඩි සහයෝගයක් දෙන්න.

මම මේ ලියන්නේ මගේ 86 වන ලිපිය Windowsgeek වෙනුවෙන් ලියපු. මේ ලිපි මාලාව තමයි මම මේ වෙනකන් වැඩිම ප්‍රතිචාර ලබපු ලිපි මාලාව වෙන්නෙත්. Social Media Influencer කෙනෙක් තමන්ගේ marketing හැකියාව, තමන්ගේ තාක්ෂණික දැනුම එක්ක කරන ලස්සන නිර්මාණයකට ඕනෑම කෙනෙක්ගෙන් ප්‍රතිචාරයක් ලබන එක පහසු දෙයක්. ඒත් උදේ ඉදන් හවස් වෙනකන් හැඟීම් දැනීම් නැති අකුරු ගොඩක් එක්ක ඔට්ටු වෙලා දාන ලිපියකට ප්‍රතිචාර ලැබෙනවා කියන්නේ මේ අවුරුදු ගානටම මට ලැබුණු හොඳම හැඟීම් වලින් එකක් කිවොත් වැරද්දක් නැහැ. ලිපි මාලාව ලියන් යද්දී ආපු ඉල්ලීමක් තමයි පුලුවන්නම් කලින් ලිපි වල links ඊලග ලිපියේ අනිවාර්යෙන්ම පල කරන්න කියලා. එක මේක පහලින් තිබෙනවා. තව ඉල්ලීමක් තමයි Azure වගේම AWS පැත්ත පොඩ්ඩක් අල්ලන්න පුලුවන්ද කියලා. මම අපේ ඇඩ්මින් මඩුල්ලත් එක්ක කතා කරලා ඒ ගැන ඔබව දැනුවත් කරන්නම්. තව එක්කෙනෙක් ඇහුවා අයියේ ඔයාට කියක් ගෙවනවද කියලත්!!!

මුලින්ම පොරොන්දු වුණා වගේම 1 ලිපිය, 2 ලිපිය, 3 ලිපිය, 4 ලිපිය, 5 ලිපිය සහ 6 ලිපිය. හරි අපි පහුගිය ලිපියේ කතා කලේ VM , App Services සහ Azure Functions ගැන. මේ පාර ලිපිය එතැනින් එහාට සේවාවන් ගැන කතා කරනවා.

මුලින්ම Azure Container Services ගැන කතා කලොත්, දැන් ACS නෙමේ තියෙන්නේ AKS, Azure Kubernets Services.  Kubernets කියන්නේ Open Source  Container Orchestration System එකක්. මේක design කලේ Google එකෙන්. නමුත් මේ වෙද්දී maintain කරන්නේ Cloud Native Computing Foundation එක. මේ Azure Kubernetes කියන්නේ ඇත්තටම එක විදිහකින් Kubernetes Re-branding කිරීමක් කිවොත් වැරද්දක් නැහැ. මේකෙදි ඔබට updating ගැන වද වෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද Azure මඟින් auto updates හා patching ලබාදෙන නිසා. Azure තවත් orchestration system ගණනාවකට support කරනවා. උදාහරණයක් විදිහට DC/ OS , Un-managed Kubernates, Docker වගේ systems ගන්න පුළුවන්. මම හිතනවා ඔබ අහල ඇති cluster management වල basic concepts. මේකෙදි කතා කෙරෙනවා master nodes සහ agent nodes ගැන. master nodes cluster එක manage කරන්න පාවිච්චි කරනවා වගේම, agent nodes වල තමයි ඔබගේ containers run වෙන්නේ.

Microsoft Azure වලදී pay කරන්න වෙන්නේ ඔබේ agent nodes වලට විතරයි. මේ වගේ AWS කට්ටිය භාවිත කරන service එක වෙන්නේ AWS EC2 Container Service එක. මීළඟට පැහැදිලි කිරීමක් කරන්නම් Container Instances ගැන. ඔබට අදහසක් තිබෙනවානම් single container එකක් ඔබේ application එකට එකතු කරගන්න, මේවා ඔබට වැදගත් වේවි. සාමාන්‍යයෙන් අපි කියන්නේ container as a service කියලා. ඒ කියන්නේ Containers සේවාවක් විදිහට තමයි පාවිච්චි වෙන්නේ. ඔබේ application එකේ පාවිච්චි වෙන්නේ single application එකක්නම් ඔබට networking, patch updating වගේ මුකුත්ම ඕනේ වෙන්නේ නැහැ. oechestration environment එකකට ගැලපෙන විදිහේ දේවල් ගොඩනගන්න ඕනේ වෙන්නේ නැහැ මොකද මේක තනි container එකක්. ඒ වගේම තව වාසියක් තමයි තමන්ගේ PC එකේ specifications එක්කම ඔබට පුළුවන් ඔබට අවශ්‍ය container එක design කරන්න.

Azure Service Fabric

මීළඟට කියන්නම් Azure Service Fabric ගැන. මේක Microservices හා containers වලට භාවිත කරන platform එකක්. මේක platform එකක් විදිහට කොතරම් දුරට ව්‍යාප්ත වෙලාද කියනවනම් Azure එක්කම Dynamics 365, Skype for business, CosmosDB සහ Cortana වගේ Microsoft Services වලටත් මේක භාවිත වෙනවා. මේක වැඩියෙන්ම ප්‍රසිද්ධ වෙන්නේ .NET community වල. නමුත් මේක ඒ වගේම අනෙක් languages සහ containers වලටත් support කරනවා.

Azure Clod Services

මීළඟට කියන්නේ Cloud Services ගැන. මේක කීව ගමන් බයවෙන්නෙපා Azure කියන්නේ කොහොමත් cloud නේද කියලා. මෙතන අපි කතා කරන්නේ Azure Software එක විසින් සපයන Original PaaS එහෙමත් නැත්නම් Platform එකක් වුනු cloud service එක ගැන. මේක ප්‍රධාන කොටස් දෙකකට බෙදන්න පුළුවන්, web roles සහ worker roles විදිහට. සාමාන්‍යයෙන් වෘත්තිමය වශයෙන් cloud services වෙනුවට app services භාවිත කරන්න තමයි recommend කරන්නේ.

මීළඟ ලිපිය networking services ගැන කතා කරමු අපි. නැවත හමුවෙමු…

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY