ජීවිත රැසකට ආලෝකය දීමට මුලපිරූ Microsoft සමාගමේ ශ්‍රී ලාංකිකයා

ජීවිත රැසකට ආලෝකය දීමට මුලපිරූ Microsoft සමාගමේ ශ්‍රී ලාංකිකයා

3170
0
SHARE

මේ මොකක්ද? මෙහෙම දෙයක් ගැන Windows Geek එකේ කතා කරන්නේ මොකද? මේ ලිපිය කියවන්න පටන් ගන්න ඔබ ඒ විදිහට කල්පනා කරන්න පටන් ගනීවි. ඔබට හිතන්න පුලුවන්ද මනුස්සයෙක් තමන්ට කියක්වත් අතට ලැබෙන්නේ නැති උනත් දිනන්න කියල හිතාගෙන මැරතන් දුවනවා කියල? මම මේ මොකක් ගැනද කියන්නේ?

ඔබ අහල තියෙනවද වජිර විරසේකර(Vajira Weerasekara ) ගැන? වජිර කියන්නේ Microsoft Services Asia ආයතනයේ CTO, තවත් විදිහකට කියනවනම් Chief Technical Officer. මොහු දැනට සේවය කරන්නේ Sydney, Australia වල තිබෙන Microsoft ආයතනය තුල. CTO තනතුරට අමතරව Microsoft Australia Development Leadership Team එකේ Delivery Director කෙනෙක් විදිහටත් මෙතුමා සේවය කරනවා.  මිටත් අමතරව මොහු Microsoft Solutions Development Center එකේ Co-Founder කෙනෙක් විදියටත් සැලකෙනවා. අපේ කථානායකයා වන වජිර විරසේකර වැදගත් වන්නේ මෙතුමා Microsoft ආයතනයට කරපු සේවය නිසාම නෙවෙයි. මෙතුමා දැන් සැහෙන කාලයක සිට වකුගඩු රෝගය නිසා පිඩාවට පත් වෙලා ඉන්න ජනතාවට පිළිසරණක් වෙන අදහසින් යුතුව දිවීමේ තරග වලට සහභාගී වෙනවා. ඒක තරමක අමුතු කතාවක් වුනත් මේ වන විටත් ඔහු 500Km දිවීමේ බලාපොරොත්තුවෙන් යුතුව මේ ලිපිය ලියන විටත් 382Km සම්පුර්ණ කර අවසන්. මේ මොහොත වෙන විට ඔහුගේ සහායට Larissa Tichon නම් වූ ධාවන ශුරියද එක් වී සිටිනවා.

2016 වසරේ නොවැම්බර් මාසයේ සිට මේ වනවිට මැරතන් තරග 5ක්, Ultra මැරතන් තරග 2ක් හා තවත් කුඩා දිවීමේ තරග වලින් 10Km මෙතුමා සම්පුර්ණ කර තිබෙනවා. මෙතුමා මේ මුදලින් වකුගඩු රෝගීන්ට රෝහලක් නිර්මාණය කරන්න බලාපොරොත්තු වෙනවා අනුරාධපුර ප්‍රදේශයේ. ඔහුගේ දැනට අරමුණ පවතින්නේ කෙසේ හෝ AUD$100,000 ක මුදලක් සොයාගැනීම. ඒ මුදලින් $19,118.95ක මුදලක් ඔවුන් දැනටමත් සොයාගෙන අවසන්. ඔවුන් මේ ආරම්භ කරපු ගමන නවත්වන්න ඔවුන් බලාපොරොත්තු වෙන්නේ නැහැ. Shanthi Foundation තමයි වජිර මහත්මයාට ශක්තියක් වෙමින් ශ්‍රී ලංකාව තුල මේ වගේ ව්‍යාපෘති ආරම්භ කරලා කරගෙන යන්නේ. Shanthi Foundation වෙබ් අඩවිය වෙත පිවිසෙන ඕනෑම කෙනෙකුට බලන්න පුළුවන් ඔවුන් මේ වනවිටත් කොතරම් ව්‍යාපෘති දුෂ්කර පළාත් වල සිදු කරලා තිබෙනවද කියන එක ගැන.

ඔබටත් පුළුවන් ඔවුනට ශක්තියක් වෙන්න. $2 පටන් $25,000ක් දක්වා ඔබටත් පුළුවන් ඔබේම සහෝදර ජනතාව වෙනුවෙන් ඔවුනට ශක්තියක් වෙන්න. Shanthi Foundation එක්ක ශ්‍රී ලංකා සෞඛ්‍ය අමාත්‍යංශය, ලෝක සෞඛ්‍ය සංවිධානය, ජාතික පිලිකා සංගමය වගේ ප්‍රධාන රාජ්‍ය ආයතන වගේම තවත් ලාභ නොලබන ආයතන රාශියක් අත්වැල් බැදගෙන ඉන්නේ. ඔබ මහා කෝටිපතියෙක් නොවෙන්න පුළුවන්. ඒත් පුළුවන් විදියට හයියක් වෙන්න. අපි අපිටම උදව් කරගනිමු.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY