මුලින්ම හැමෝටම තියන ප්‍රශ්නේ තමයි, මොකක්ද මේ Fitbit කියන්නේ? සරලවම කිව්වොත් Fitbit කියන්නේ Activity Tracker එකක්. අපි ඇවිදින පියවර ගණන, හෘද ස්පන්දනය, නින්දේ ගුණාත්මකභාවය වගේ ශාරීරික යෝග්‍යතාවය ඒ කියන්නේ Fitness එකට සම්බන්ධ ප්රමිතීන් මනින්න පුලුවන් wireless උපකරණයක් තමයි Fitbit කියන්නේ.
ඉතිං මේ Fitbit තමයි Microsoft Digital Assistant ඒ කියන්නේ Cortana ට අලුතින්ම එකතු වුනු skill එක. Fitbit සහ Microsoft සමාගමේ Cortana එකට එකතු වෙලා තියන නිසාම හරිම ලේසියෙන් අපේ ශාරීරික යෝග්‍යතාවය නිරීක්ෂණය කරන්න පුළුවන්. කරන්න තියෙන්නේ Cortanaගෙන් අහන එක විතරයි.
Fitbit සමග වැඩ කරන්න Cortana ගෙන් උදව් ගන්න මේ වගේ දේවල් Cortana ට කියන්න පුළුවන්.
“Hey Cortana, Ask Fitbit how am I doing today,”
“Hey Cortana, ask Fitbit how much water I’ve had today”
“Hey Cortana, ask Fitbit how many calories do I have left to eat”
“Hey Cortana, ask Fitbit how many steps do I have left”
“Hey Cortana, ask Fitbit how many workouts I need to do this week”
Cortana මගින් natural language හදුනා ගන්නා නිසා ඔබගේ කටහඩින්ම Fitbit වෙත සෘජුවම activities log කරන්න සහ update කරන්න පුළුවන්.
උදාහරණයක් ලෙස,
“Hey Cortana, tell Fitbit to log I had an omelet for breakfast”
“Hey Cortana, Ask Fitbit to log I drank 12 ounces of water”
ඒ අනුව Cortana එම තොරතුරු ඔබගේ Fitbit account එකට එකතු කරයි.
අලුතින් Fitbit skill එක සමග එකතු වීමට නම් සරලවම කියන්න තියෙන්නේ, “Hey Cortana, Open Fitbit”. එවිට අලුතින් account එකක signing-in වීමට Cortana ඔබට දැනුම් දෙයි. අවශ්‍ය ලෙස username සහ password ලබාදී account එකක් සැකසීමෙන් පසුව Fitbit ක්‍රියාකාරිත්වය පිළිබදව Cortanaගෙන් අහන්න පුළුවන්.
මේ අලුත්ම Fitbit හැකියාව Windows 10, Android, iOS වගේම වෙනත් සියලුම Cortana සදහා support කරන devices වල භාවිත කරන්න පුළුවනි.
ඔබට Microsoft Cortana වෙබ් අඩවියෙන් මෙම Cortana-Fitbit හැකියාව ලබා ගන්න පුළුවන්. නමුත් මෙය දැනට නම් ලබාගන්න පුළුවන් එක්සත් ජනපදයේ පමණයි. කොහොම උනත් පසු කාලවලදී අනෙකුත් වෙළදපොල සදහාත් මෙම සේවාව ලබා දෙන බව තමයි Microsoft සමාගම පවසන්නේ.
Source:https://www.theverge.com/2017/7/27/16050326/microsoft-cortana-fitbit-skill-features