ඕනෑම මෙහෙයුම් පද්ධතියක් සඳහා ගැලපෙන Skype edition එකක් හඳුන්වා දීමට Microsoft සමාගම...

ඕනෑම මෙහෙයුම් පද්ධතියක් සඳහා ගැලපෙන Skype edition එකක් හඳුන්වා දීමට Microsoft සමාගම සූදානම්.

1981
0
SHARE

Microsoft සමාගම Skype මෘදුකාංගයේ විශාල වෙනසක් සිදු කරන්න යනවා කියල තමයි ආරංචි වෙන්නේ. ඒ ඕනෑම මෙහෙයුම් පද්ධතියක් සමඟ භාවිතා කරන්න පුළුවන්, ඒ කියන්නේ cross-platform Skype edition එකක් හඳුන්වා දීමට සුදානම් වීමයි. දැනට පවතින එක් එක් මෙහෙයුම් පද්ධති වලට විශේෂ වූ Skype editions වෙනුවට තමයි මේ cross-platform edition එක හඳුන්වලා දෙන්න යන්නේ.

දැනට Skype මෘදුකාංගය එක් එක් operating system එක සඳහා ගැලපෙන පරිදි වෙන වෙනම versions විදිහට සකස් කරන්න Microsoft සමාගම කටයුතු කරලා තියෙනවා. එහිදී මතු වෙන ගැටළුවක් තමයි එක එක platform වලට ගැලපෙන පරිදි වෙන වෙනම software versions develop කරන්නට අවශ්‍ය වීම වගේම ඒවා වෙන වෙනම maintain කරන්නත් සිදුවීම. එකේ ප්‍රතිපලයක් විදිහට එක් එක් platforms වලට release වුන Skype versions අතර වෙනස්කම් දැක ගන්න පුළුවන්.

දැනට Microsoft සමාගම පහත දැක්වෙන Skype versions වෙළඳපොළට නිකුත් කරන්නට සමත් වෙලා තියෙනවා.
Windows 10 සඳහා Universal Windows Platform app එකක් විදිහට
Windows PC සඳහා desktop application එකක් විදිහට
iOS සහ Android application එකක් විදිහට
macOS සඳහා application එකක් විදිහට
Linux සඳහා වෙබ් based application එකක් විදිහට
linuxmac

Ars Technica කියන වෙබ් අඩවිය වාර්තා කරන විදිහට Microsoft සමාගම තවත් Skype edition එකක developments පටන් අරගෙනයි තියෙන්නේ. ඒ වෙන වෙනම තියෙන Skype versions වල development සහ maintenance කටයුතු පහසු කරගැනීමේ අරමුණ ඇතුවයි.

Skype for Life කියලා හඳුන්වන මෙම Skype version එක cross-platform version එකක්. ඒ කියන්නේ Windows , iOS , Android , macOS සහ Linux යන ඕනෑම මෙහෙයුම් පද්ධතියක් සමඟ භාවිතා කරන්න පුළුවන් කියන එකයි. Unified application එකක් develop කිරීම මගින් වෙන වෙනම application versions develop කිරීමේදී මතුවෙන ගැටළු අවම කරගන්න පුළුවන්.

අලුත් version එකේ developments සමඟ Skype හි දැනට භාවිතයේ පවතින versions, ‘maintenance’ status එකට යනවා කියලා තමයි Microsoft සමාගම කියන්නේ. ඒ කියන්නේ අලුත් edition එක release වෙනකන් දැනට පවතින Skype versions වල වැඩි වෙනසක් සිදු වෙන්නේ නැහැ කියන එකයි.

London නුවර පැවති Skype office එක වසා දැමීම, අලුත් Skype edition එකේ developments වලට වැඩි අවධානයක් යොමු කිරීමට ගත් උත්සහයක් ලෙසයි මාධ්‍ය වාර්තා කරන්නේ.

source : neowin.net

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY