පාරිභෝගික ආරක්ෂාව තර කිරීමට Uber, Microsoft සමඟ අත්වැල් බැඳ ගනී.

පාරිභෝගික ආරක්ෂාව තර කිරීමට Uber, Microsoft සමඟ අත්වැල් බැඳ ගනී.

2152
1
SHARE

Microsoft Ignite 2016 සමුළුව පසුගිය සැප්තැම්බර් මාසයේ 26 වැනිදා පැවැත්වුණා. Uber සමාගම ඔවුන්ගේ නවතම app එක සඳහා Microsoft Cognitive Services API එක භාවිතා කරන බව Microsoft සමාගම එහිදී නිවේදනය කළා.

Uber කියන්නේ මොකක්ද කියලා බොහෝ දෙනෙක් දන්නවාට සැකයක් නැහැ. සරලව කියනවා නම් Uber කියන්නේ online transportation network එකක්. මගීන්ට Uber වෙත ලියාපදිංචි වීමෙන් ප්‍රවාහන සේවාවන් ලබා ගැනීමටත්, රියදුරන්ට Uber වෙත ලියාපදිංචි වීමෙන් ප්‍රවාහන සේවාවන් සපයන්නත් පුළුවන්.

Uber ඔවුන්ගේ සේවාවන් සඳහා අලුතින් feature එකක් හඳුන්වා දී තිබෙනවා. එය නම් කරලා තියෙන්නේ Real-Time ID Check කියලයි.
මෙමගින් කිසියම් කාල සීමාවකට වරක් selfie ඡායාරුපයක් ලබා ගන්නා ලෙස රියදුරන්ගෙන් ඉල්ලීමක් කරනු ලබනවා. මගීන්ගේ ආරක්ෂාව තර කිරීම මෙහි ප්‍රධාන අරමුණයි.

img2

සමහර අවස්ථා වලදී රියදුරන් Uber හි සිය ගිණුම වෙත sign in වෙලා එය වෙනත් කෙනෙකු වෙත ලබා දෙනවා. එවිට මගීන්ට ගමන් කිරීමට සිදු වෙන්නේ Uber සේවාව සඳහා register නොවූ රියදුරෙකු සමඟ වෙන්නට පුළුවන්. මෙය මගීන්ගේ ආරක්ෂාවට තර්ජනයක් විය හැකි බවයි Uber සමාගම සඳහන් කරන්නේ. Real-Time ID Check මෙම ගැටලුවට පිළියමක් වනු ඇතැයි ඔවුන් විශ්වාස කරනවා.

මෙහිදී Microsoft Cognitive සේවාවන් Uber සඳහා ලියාපදිංචි වී ඇති රියදුරාගේ ඡායාරුපය සහ එම අවස්ථාවේදී ලබා ගත් selfie ඡායාරුපය ක්ෂණිකව සංසන්දනය කර බලනවා. එම අවස්ථාවේදී රියදුරා තොප්පියක් හෝ අව් කණ්නාඩි පැළඳ සිටී නම් ඒවා ඉවත් කරන ලෙස ඉල්ලීමක් කරන්නටද මෙම application එකට හැකියාවක් තියෙනවා.

මෙම සේවාව, වංචාවන් අවම කිරීමට මෙන්ම මගීන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමටත් හේතු වනු ඇති බව බොහෝ දෙනාගේ විශ්වාසයයි.

Uber හි Real-Time ID Check පිළිබඳ වැඩිදුර තොරතුරු පහත video එක නැරඹීමෙන් ලබා ගන්නට පුළුවන්.

source:neowin.net

Comments

comments