සමහර Windows Insiders වෙත ‘Redstone’ ලැබෙන ලකුණු

සමහර Windows Insiders වෙත ‘Redstone’ ලැබෙන ලකුණු

2583
1
SHARE

අතිසාර්ථකව Windows 10 නිකුත් කර තිබියදීත් Microsoft සමාගම Windows Insiders වෙත යුහුසුලුව නව OS build නිකුත් කරමින් සිටී. අසාර්ථක update එකක් පිළිබඳ තොරතුරු වාර්තාවෙමින් පවතිද්දී, Microsoft සමාගම ඔවුන්ගේ මීලඟ ප්‍රධානතම update එක වන Redstone වෙත දැඩි ලෙස අවධානයෙන් පසුවන බව නොරහසකි. ඒ පිළිබඳ සුලු වශයෙන් තොරතුරු වාර්තා වෙන අවදියක, සමහර Insidersලා හට තමන්ගේ settings menu එකෙහි Redstone පිළිබඳ සියුම් ඉඟියක් දැකීමට හැකිවී තිබේ.

rs1

ඒ අනුව Insider menu එකෙහි settings වල ‘rs1_release’ නමින් කොටසක් දක්නට ලැබෙන බවට insidersලා වාර්තා කර සිටී. මෙය සත්‍යයක් නම්, ඉන් හැඟෙන්නේ Microsoft සමාගම Redstone build සඳහා සූදානම් වන බවයි. එම builds නිකුත් වන දිනය නොදන්නවා වුවත්, rs1_release වෙත settings මාරුකිරීම මගින් Insidersලා වෙත ඒවා නිකුත් වූ වහාම download කරගැනීමේ හැකියාව උදාවේ.

2016 වසරේ කිසියම් කාලයක් වන තුරු Redstone නිකුත්වීමට ඉඩකඩ නොතිබුණත්, සැවොම දන්නා පරිදි Microsoft සමාගම එහි internal development ආරම්භ කොට ඇති අතර එය ආකාර දෙකකට නිකුත් විය හැක.

WinBeta අනුග්‍රහයෙනි.

Comments

comments

1 COMMENT

LEAVE A REPLY