දැන් Spotify app එක Windows Store තුළින්

දැන් Spotify app එක Windows Store තුළින්

2613
0
SHARE

මේ ලිපිය හරහා කියන්න යන්නෙ Microsoft සමාගම විසින් Windows Store එකට හඳුන්වා දුන් Spotify app එක ගැනයි. මේ ඇප් එක Windows mobile phones වලට කලින්ම හඳුන්වා දීලා තිබුණා. දැනට ටික කාලෙකට කලින්  Microsoft සමාගම තීරණය කරල තිබ්බා Desktop version එකකුත් release කරන්න. මේ app එක store එකට එන්නෙ ඒකෙ ප්‍රතිඵලයක් විදියටයි. ඒකට භාවිතා කරේ Microsoftලාගේ Centennial Desktop Bridge tool කියන tool එක.

Spotify කියන්නෙ music, podcast හා video streaming කරන්න පුලුවන් ඇප් එකක්. මේක Universal Windows App එකක් නම් නෙමෙයි. Windows Mobile වල හෝ Xbox One console වල මේක run වෙන්නෙත් නෑ. Windows Store එකේ තියෙන Spotify ඇප් එක online ඇවිල්ල තියෙන desktop app එකට සමානයි. ලොකුම වෙනස මේ ඇප් එක store එක හරහා update වෙන එක තමයි. මේ ඇප් එකේ screenshots කීපයක් ඔයාලට පහලින් බලාගන්න පුලුවන්.

Windows 10 මෙහෙයුම් පද්ධතිය run වෙන Microsoft සමාගම විසින් මෑතකදී නිෂ්පාදනය කරපු Surface Laptop වලට තමයි මේ software එක download හා install කරගන්න හැකියාව තියෙන්නෙ. Surface Laptop වලට කොහොමත් Windows Store එකෙන් ගන්න apps විතරයි install කරන්න පුලුවන්. මේ app එක try කරන්න කැමත්තක් තියෙනව නම් ඔයාලගෙ Windows 10 Operating system එක genuine නම් Microsoftලාගේ support එකෙන් ඔයාලට Windows 10 Pro version එකකට මාරු වෙන්න පුලුවන්.  මාරු වුණාට පස්සෙ Third party Windows apps වැඩකරන එකක් නෑ. හැබැයි මේක කරගන්න ගෙවන්න වෙනවා යම් මුදලක්. ඊට පස්සෙ Windows 10 Pro version මෙහෙයුම් පද්ධතියක් ලැබෙනවා ඔයාලට. එතකොටයි Spotify ඇප් එක use කරන්න පුලුවන් වෙන්නෙ.

Source: https://www.theverge.com/2017/6/20/15840992/spotify-windows-store-app-download

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY