Seeing AI නිසා දෘෂ්‍යාබාධිත අයටත් දැන් ලෝකය දිහා බලන්න පුළුවන්

Seeing AI නිසා දෘෂ්‍යාබාධිත අයටත් දැන් ලෝකය දිහා බලන්න පුළුවන්

2494
0
SHARE

Seeing AI කියන්නේ Microsoft සමාගමෙන් මේ ජූලි මාසේ අළුතින්ම හදුන්වා දීපු app එකක්. ගිය මාර්තු මාසේ තමා මේක මුලින්ම prototype එකක් විදියට හදුන්වලා දුන්නෙ. දැන් අපි බලමු මොකක්ද මේ Seeing AI කියන්නෙ කියලා.

 

හදුන්වාදීමෙදි Microsoft ලා මේ ගැන කිව්වෙ සම්පූර්ණ දෘශ්‍යාබාධිත වගේම පෙනීමේ දුර්වලතා ඇති  අය වෙනුවෙන් නිපදවපු කැමරාවක් කියලා. මේ app එක මගින් සිදුවෙන්නෙ අපේ ජංගම දුරකතනයේ කැමරාව භාවිත කරගෙන අවට ලෝකය අපට විස්තර කරදීමක්. හරියටම කිව්වොත් පෙනෙන ලෝකය ඇහෙන ලෝකයක් බවට පත් කිරීමක්.

මේ app එක download කරගැනීමෙන් පසු අපි අපේ ජංගම දුරකතනයේ කැමරාව කිසියම් පුද්ගලයෙකු වෙත යොමු කරා කියලා හිතමු. එය ඔබට පවසාවී ඒ පුද්ගලයා ගැහැණු අයෙක්ද පිරිමි අයෙක්ද, දළ වශයෙන් වයස, ඒ වගේම මුහුණේ ඉරියව් අනුව ඒ මොහොතේ ඔහුගේ හෝ ඇයගේ හැගීම් මොනවගේද කියන එකත්.

ඒ වගේම කැමරාව යම්කිසි text එකක් වෙත යොමුකරා යැයි සිතන්න. ඒ text එක කියවීමේ සහ scan කිරීමේ හැකියාවද මේ app එක සතුයි. යම්කිසි භාණ්ඩයක barcode එක කියවීම මගින් ඒ භාණ්ඩය හදුනාගන්නත් මෙයට පුළුවන්. මේ සෑම දෙයක්ම සිදු කරන්නේ කෘතීම බුද්ධිය භාවිත කිරීමෙන්.

මෙහිදී භාවිතා කරන තාක්ෂණය රියදුරෙකු නොමැතිව ගමන් කළ හැකි වාහන ( self-driving cars ) ඒ වගේම ඩ්‍රෝන වල භාවිතා කරන තාක්ෂණයට බොහෝ දුරට සමානයි. මේ app එකේ ක්‍රියාකාරීත්වය බොහෝ දුරට පදනම් වෙලා තියෙන්නේ device එක මත. මෙයින් අදහස් කෙරෙන්නේ අන්තර්ජාලයට පිවිසීමේ අපහසුතා ඇති අවස්ථා වලදී වුනත් ඔවුන්ට වේගයෙන් ප්‍රවිශ්ඨ වෙන්න පුළුවන් කියන එකයි. කොහොම වුනත් මේ app එක මගින අවට වට පිටාව විස්තර කරන විට වගේම අත් අකුරු හදුනා ගැනීමේදීත් cloud එක හා සම්බන්ධතාවයක් තිබිය යුතුයි.

මේ app එක වගේම ක්‍රියා කරන අනෙකුත් app අතර මෙහි විශේෂත්වය වෙන්නෙ වේගය. අපි හිතමු ජංගම දුරකතනයේ කැමරාව යම්කිසි පුද්ගලයෙකු වෙත යොමුකරා කියලා, මිලි තත්පර ගණනකදී ඔබට එය ප්‍රතිචාර දක්වාවි.

හැබැයි තවමත් මෙහි නිකුත් කරලා තියෙන්නේ iOS version එක විතරයි. එයත් ඇමරිකාව තුළ පමණයි. තවමත් මෙය Android සදහා හෝ වෙනත් රටවල් සදහා හෝ නිකුත් කරන බවට පවසා නැහැ.

Source: https://www.theverge.com/2017/7/12/15958174/microsoft-ai-seeing-app-blind-ios

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY