Microsoft Store නව මුහුණුවරකින් ඇවිත්

Microsoft Store නව මුහුණුවරකින් ඇවිත්

2270
0
SHARE

අද මම මේ කියන්න හදන්නේ Microsoft Store එක ගැන. Microsoft Store කිවුවට 2017 වෙනකන්ම මේකට කියුවේ Windows Store කියලා. පස්සේ තමයි මේක Microsoft Store (Digital) විදිහට වෙනස් වුනේ. මේක Digital Distribution Platform එකක් Microsoft කට්ටියගේ. කලින් මේකත් නිකන්ම app store එකක් වුණා Windows 8 හා Windows Server 2012 වල පාවිච්චි වුනු. නමුත් ටික කාලයකින් Windows 10 ආවට පස්සේ Microsoft අය මේ app store එකට Windows Marketplace, Windows Phone Store, Xbox Video හා Xbox Music එකතු කළා. 2015 වන විට අපේ Microsoft Store එක සතුව apps 669,000කටත් වැඩියෙන් තිබුණා. හැබැයි ඒ Windows NT හා Windows Phone වලට ආපු apps සේරමත් එක්ක. free apps වගේම paid apps ගන්න පුළුවන් තැනක් මේක. ඔබත් මම වගේ free apps වලින් සැනසෙන කෙනෙක් නම් ප්‍රශ්නයක් නැහැ. ඒත් ඔබට මුදල් වියදම් කරන්න පුලුවන්නම් ඔබට US $ 0.99 ඉදන් US $ 999.99 වෙනකන්ම apps තියෙනවා Microsoft Store එක තුල.

2017 නොවැම්බර් මාසයේදී Microsoft නිවේදනයක් නිකුත් කළා Microsoft Store එක හරහා hardware products හා accessories ලබාගන්න පුළුවන් කියලා Surface devices වලට. ඇත්තටම මේ කියපු විදිහටම අවස්ථාව උදා වුණා Surface Pen or Surface Pro Type Cover with Fingerprint ID, Surface Studio වගේ ගණනාවක්ම පහසුවෙන් මිලදී ගන්න මේ හරහා. මේකට තිබුනේ බොහොම සුළු navigation ගණනක් මෑතක් වෙනතුරුම. Microsoft Edge සතුව දැනටමත් extensions 98 ක් පවතිනවා. ඒත් Firefox හා Chrome වල තියෙන දහස් ගණනක extensions එක්ක බලද්දී මේ මොකක්ද කියලා ඔබට හිතෙන්න පුළුවන්.  ඒත් Edge Browser එකේ වයසත් එක්ක හා ඔවුන් ගන්න extensions වල quality එකත් එක්ක බලද්දී ඔවුන් තමන්ගේ තරගකරුවන් එක්ක කරට කර ඉන්නවා. මේ ගැන කියුවේ ඔවුන් Edge Extensions, Microsoft Store එකට එකතු කිරීමට ගත්තු තීරණය ගැන කියන්න. Edge Extensions වලට වෙනමම tab එකක් කලින් තිබුනේ නැතත් ඔබට Home Page එකේ පහලට ගිහින් ඔබට ඒක ගන්න පුළුවන්කම තිබුනා. නමුත් Microsoft අලුත්ම වැඩකට ලෑස්ති වෙනවා කියන්න පුළුවන් මේ tab එකත් එක්කම.

ඒ වගේම මාර්තු මාසෙදි තවත් tab එකක් එකතු වුණා මේකට devices පිලිබදව.  මම උඩින් සදහන් කළා ඒ පිලිබදව. ඒ වගේම ඔබ මම කලින් කිව්වා වගේ ඔබට Windows 10 වල ඉදන්ම TV shows, movies වගේ දේවල් වුනත් ලබාගන්න පුළුවන් මේ Microsoft Store එකෙන් apps වලට අමතරව. අලුත්ම තොරතුර තමයි menu එක වෙනස් වෙනවා කියන කාරණාව. menu එක ප්‍රධාන කරුණු 4කින් සමන්විත වෙනවා. Software & apps, Entertainment, Devices හා Deals තමයි මේ හතර. Software & apps වලට අයිති වෙන්නේ Office, Windows 10, Edge Extensions, Customize Windows හා Software Support කියන කරුණු. Mixed Reality, Books හා Xbox අයිති වේවි Entertainment වලට. Devices හා Deals වලට එකතු වෙන කරුණු පැහැදිලි කරන්නේ නැතුවම වැටහෙනවා. Content එක manage කරගන්න කරන දෙයක් විදිහට මේක හුගක් පැහැදිලි වේවි.

නැවත හමුවෙමු…

 

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY