Windows 10 Anniversary Update එක ලබා ගන්නේ මෙහෙමයි.

Windows 10 Anniversary Update එක ලබා ගන්නේ මෙහෙමයි.

5006
1
SHARE

Microsoft සමාගම ලොව පුරා සිටින Windows 10 පාරිභෝගිකයන්ට Windows 10 Anniversary Update එක ලබා දීම ආරම්භ කළා. මේ update එක සමඟ නව අංග රැසක් Windows 10 මෙහෙයුම් පද්ධතියට එකතු වෙනවා. ඒ අතර Windows Ink, වඩාත් කාර්යක්ෂම Edge Browser එක, දියුණු කල ආරක්ෂක අංග ආදිය ප්‍රමුඛ වෙනවා. Windows 10 Mobile මෙහෙයුම් පද්ධතියට මේ update එක ලැබෙන්නේ තව සති කිහිපයකින්. නවතම පරිගණක වලට මුලින්ම මේ update එක ලැබෙනවා. Windows updates ස්වයංක්‍රියව ලැබෙන පරිදි ඔබේ පරිගණකයේ සැකසුම් සකස් කර තිබෙනවා නම් විශේෂ යමක් සිදු කල යුතු නැහැ.

ඔබට මේ update එක ලබා ගන්න පුළුවන් ආකාර දෙකක් තියෙනවා.

1. Settings හරහා update කර ගැනීම.

    Settings > Updates & Security > Windows Update වෙතට යන්න.

    Windows Update හි Check for Updates කරන්න.

    Anniversary Update එක “Feature update to Windows 10, version 1607” ලෙස දක්නට ලැබේවි. Update මත ක්ලික් කරන්න.

2. .ISO file එක හරහා.

මේ ලින්ක් එක හරහා ඔබට .iso file එක download කරගන්න පුළුවන්.

Microsoft සමාගම මේ සමඟ නව වීඩියෝ මාලාවක් දියත් කළා. මේ එහි පළමු වීඩියෝව,

Windows 10 Anniversary Update එක සමඟ ලැබෙන නව අංග පිලිබඳ සවිස්තර ලිපියක් බලාපොරොත්තු වන්න.

Comments

comments

1 COMMENT

LEAVE A REPLY