Windows 10 Anniversary Update එක ගන්න ක්‍රම 3 මෙන්න

Windows 10 Anniversary Update එක ගන්න ක්‍රම 3 මෙන්න

3246
0
SHARE

ඔයාල හැමෝම දන්නවා ඇති ඊයේ Microsoft සමාඟම Windows 10 Anniversary Update එක නිකුත්කරපු බව. ඒ ගැන අපි කලිනුත් ලිපියකින් ඔබව දැනුවත් කලා, ඒ ලිපියේ තිබුනා කොහොමද  ඔයාගේ PC එකට Windows 10 Anniversary Update එක ලබාගන්නේ කියලා කරන්නේ කියලා. නමුත් ගොඩ දෙනෙක්ට ඒ ක්‍රම කීපයෙන් Windows 10 Anniversary Update එක ගන්න හැකියාවක් ලැබිලා නැති බව අපිට ලැබුන පණිවිඩ වලින් දැනගන්න ලැබුනා.

ඉතින් කලින් ලිපියේදී අපි කතාකරා ක්‍රම 2ක් ගැනම ඒ ක්‍රම දෙකයි තවත ක්‍රමයකුයි අන්තර්ගත කරලා තමා මේ ලිපිය සකස් කරලා තියෙන්නේ. ඔයාට කලින් ලිපිය කියවලා සාර්ථකව Anniversary Update එක ගන්න නොහැකිවුනා නම් මේ ලිපියේ තියන 3 වෙනි ක්‍රමයත් ට්‍රයි කරලා බලන්න.

Anniversary Update එක Windows Update එක හරහා ගන්න හැටි

ඔයා දැනටමත් Windows 10 පාවිච්චිකරනවා නම ලේසිම ක්‍රමයතමයිමේ.

  1. Settings Open කරගන්න
  2. Updates & Security වෙත යන්න
  3. Check for Updates යන්න ක්ලික් කරන්න

1

ඔබේ පරිගණකය Windows 10 Update Server එකත් සමඟ සාර්ථකව connect වූවානම් ඔබට Feature update to Windows 10, version 1607 ලෙස මෙතැන පෙන්නුම් කරනු ඇති.

Anniversary Update එක Media Creation Tool එක හරහා ගන්න හැටි

  1. Download the Media Creation Tool එක මෙතනින් Download කරගන්න.
    2. ඩවුන්ලෝඩ් කරත්තු MediaCreationTool.exe එක double click කර විවෘත කරගන්න.
    3. දැන් ලැබෙන වින්ඩෝවෙන් Update PC now යන්න තෝරා Next කරන්න.

windows10AniversaryUpdate
4. Download එක සම්පූර්ණ වුන පසුව Accept යන්න ක්ලික්කර Terms වලට එකඟ වන්න.
5. මතක තියාගන්න Keep personal files and apps කියන option එකට ටික් එකක් දාන්න.
6. දැන් Install බොත්තම ඔබා Windows 10 Anniversary Update එක install කරන්න.

ඔබ Windows 10 Insider කෙනෙක් විදියට Anniversary Update ලබාගන්නේ කොහොමද?

ඔයා Windows 10 Insider Program එකත් එක්ක සම්බඳ කෙනෙක් නම් හා ඔබගේ පරිගණකයේ දැනටමත් Windows 10 Build 14393.x  එකට Update කර ඇතිනම් ඔබට මේ Anniversary Update එක ලබාගැනීමට අවශ්‍ය නොවේ.

  1. Settings Open කරගන්න
  2. Updates & Security වෙත යන්න
  3. Windows Insider Program යන්න Click කරන්න.
  4. Stop Insider Preview Build ක්ලික් කරන්න.stop-insider-buids-windows-10
  5. දැන් ලැබෙන Window එකෙන් Need to stop getting Insider builds completely? යන්න Click කරන්න.
  6. Confirm බොත්තම Click කරන්න
  7. දැන් Restart Now බොත්තම Click කර Update Install වීමට සලස්වන්න.

මේ ක්‍රම කීපය හරහාම ඔයාට පුලුවන් ඔයගේ PC එක Windows 10 Anniversary Update එකට Update කරගන්න. ඉතින් මේ ක්‍රමවලින් එකක්වත් හරිගියේ නැත්නම් පහල තියන කමෙන්ට් සෙක්ෂන් එකෙ ඔබේ අදහස් ලියන්න අමතක කරන්න එපා.

පිටපත WindowsCentral ඇසුරෙනි

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY