Windows 10 වලට නොමිලේම upgrade වීම අදින් අවසන්

Windows 10 වලට නොමිලේම upgrade වීම අදින් අවසන්

1888
0
SHARE

2015 ජූලි 15. ඒ Microsoft සමාගම Windows 10 දියත් කළ දවසයි. එදාම ඔවුන් පොරොන්දු වුනා Windows 7, 8.1 හා phone 8.1 භාවිතා කරන්නන්ට වසරක් පුරාවට නොමිලේ upgrade කරගන්න අවස්ථාව ලබා දෙනවා කියලා. ඉතිං ඔන්න අදින් ඒ වර්ෂය අවසන්. නමුත් මේක phones භාවිතා කරන්නන්ට වලංගු වෙන්නේ නැහැ. ඔවුන් තෝරාගත් phones කිහිපයකට තවමත් ඒ අවස්ථාව තියනවා. නමුත් ඒ සඳහා ඔවුන් Upgrade Advisor app එක download කරගෙන තබා ගත යුතුයි.

මෙසේ upgrade කරගැනීමට ඔබට එතරම් උනන්දුවක් නැති වෙන්න පුළුවන්. නමුත් එයින් සමහරක් වැදගත් upgrades ඔබට මඟහැරෙන්න පුළුවන්. Edge බ්‍රවුසරයේ extensions, Cortanaගේ වැඩි දියුණු කිරීම්, Windows Ink,හා windows store එකෙන් windows 32 apps පහසුවෙන්ම ලබා ගත හැකි වීම වගේම ඒවා පහසුවෙන් install, uninstall කරගැනීමට හැකි වීම. ඒ විතරක් නෙමෙයි ඔබ windows 10 සඳහා ලියාපදිංචි වුන පසු windows 7, 8.1 වලට මාරු වුනත් පසු කලෙක නැවතත් windows 10 වලට මාරු වෙන්න පුළුවන්. ඒ අදින් පසුව වුනත්. Anniversary update එක ඔබට අද වැදගත් නොවුනත් එයින් පසුව එන Anniversary updates වැදගත් වෙන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි windows 10 වර්ෂ 2020 දක්වා වලංගුයි.

Source: Neowin

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY