Microsoft Imagine Cup 2016, Innovation අංශයේ අවසාන වටයේ දෙවන ස්ථානය ශ්‍රී ලංකාවට

Microsoft Imagine Cup 2016, Innovation අංශයේ අවසාන වටයේ දෙවන ස්ථානය ශ්‍රී ලංකාවට

2622
1
SHARE

ජාත්‍යන්තර Microsoft Imagine Cup 2016 තරඟාවලියෙහි අවසාන වටයේ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අද දින Microsoft සමාඟමේ ප්‍රධාන කාර්යාලයේ දී තරග වැදුන Bit Masters කණ්ඩායම Innovation අංශයේ දෙවනි ස්ථානයට හිමිකම් කියනු ලැබීම අප මුළුමහත් රටටම ආඩම්බරයකි.

13730780_1319519791409912_728552285183308765_o (1)

Bitmsters කණ්ඩායම Microsoft සමඟමේ ඇමරිකාඑක්සත් ජනපදයේ රෙඩ්මඩ්, සියැටෙල්හි පිහිටි ප්‍රධානකාර්යාලය ඉදිරිපිටදී.

13626432_10206379229991287_989574333843894622_n

Bitmasters කණ්ඩායම ඉදිරිපත් කිරීම අතරතුර

13765933_10209232054705840_6950767954510707352_o

Bitmasters කණ්ඩායෙමේ ඒ ජයග්‍රාහී මොහොත

Microsoft Imagine Cup යනු ලොව පුරා සිටින සිසුන් සඳහා වන විශාලතම තාක්ෂණික තරගාවලියයි. එ වැනි තරඟාවලියකින් ශ්‍රී ලාංකික කණ්ඩායම දෙවන ස්ථානය ලබාගැනීම රටට ඉතා කීර්තියක් ගෙන එන සිදුවීමක්.මෙම තරඟාවලියට සහභාගී වූ Bit Masters කණ්ඩායමේ නායක ලක්මාල් බුද්ධික මීගහපොල Facebook ඔස්සේ තමා සතුට ප්‍රකාශ කර සිටියේ මේ ආකාරයටයි.

Bit Masters කණ්ඩායම ජාතික මට්ටමේ තරඟ වලදී තරඟ වැදුනේ මොරටුව සරසවිය නියෝජනය කරමින්. ජාතික මට්ටමේ තරඟ වලින් අනතුරුව අවසාන තරඟයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තරඟ වැදුනු ඔවුන්ට අද මෙම ජයග්‍රාහී දිනය නම් ජීවිතයේ අමතක නොවන දිනයක් වනු ඇතිබව නොඅනුමානයි.

තවද Innovation අංශයේ පළමු ස්ථානය හංගේරියාවටත්, තෙවන ස්ථානය ඇමරිකා එක්සත් ජනපදයටත් හිමිවිය.

Bit Masters කණ්ඩායම පිළිබඳ මින් පෙර පළකල ලිපිලිපියක්

Bit Masters කණ්ඩායමට Windows Geek කණ්ඩායමෙන් උණුසුම් සුභ පැතුම් !

Comments

comments

1 COMMENT

LEAVE A REPLY