Windows 10 මගින් බලගැන්වෙන Samsung Galaxy TabPro S ..?

Windows 10 මගින් බලගැන්වෙන Samsung Galaxy TabPro S ..?

2858
1
SHARE

Samsung TabPro S හි ඡායාරූප කිහිපයක් Evan Blass AKA විසින් Twitter හරහා නිකුත් කර තිබෙනවා.

tpros-930x950

තවමත් එහි තාක්ෂණික විශේෂාංග නිකුත් වී නොතිබුණත් එය Windows 10 මගින් බලගැන්වෙන බව ප්‍රසිද්ධ wallpaper එක එහි තිරය මත දක්නට ලැබීමෙන් අනාවරණය වේ. එහි ඇතුලත් වෙන කල හැකි keyboard එකෙහි Surface touch cover keyboardsහි මෙන් නොව සැබෑ චලනය වන keys ඇතුලත් වන බවක් නිරූපණය වේ. එහි ඉදිරිපස හා පසුපස කැමරා දෙක පැහැදිලිව පෙනෙන්නට ඇති අතර Windows සලකුණ තිරයේ bezel එක මත දක්නට නොලැබේ.

මෙම ඡායාරූප වලට අනුව Samsung TabPro S කලු සහ සුදු පැහැයෙන් රිදී රාමුවක් සහිතව, Samsung සමාගමේ වර්තමාන tablets වල design එකට අනුකූලව නිකුත් වනු ඇත. ඒ අනුව මෙම උපාංගය Surface වර්ගයේ tablets වලට, නව Surface Book එකට හා එවැනි two-in-one උපාංග වලට අභියෝගයක් වන්නට පුලුවන.

මේ හෙලිදරව් වීම අනුව, මෙම උපාංගය Samsung සමාගමේ CES 2016 keynote හිදී නිකුත් වීමට බොහෝ ඉඩකඩ පවතී.

Comments

comments

1 COMMENT

LEAVE A REPLY