installer companion app සමගින් අලුත්වන windows App studio

installer companion app සමගින් අලුත්වන windows App studio

2275
0
SHARE

ඔබ Windows App Studio tool එක use කරල තියෙනවනම් ඔබ නියත වශයෙන්ම දන්නවා ඇති Windows Apps Build කරන්නට කෙතරම් පහසු Tool එකක්ද යන වග. එනමුත් එහි sideloading සහ installation ක්‍රියාවලි යම් තරමකට අපහසු ස්වරූපයක් ගත්තා. ඒ එහි installation ක්‍රියාවලියේදී PowerShell scripts , certificate වැනි දෑ අවශ්ය වීම. මෙය පහසු කිරීමට Windows App studio team එක ගත් උත්සාහය දැන් සැබෑවක් වී තියෙනවා.

මේ අනුව App studio team එක මේ අපහසුතාව ඉවත් කරන්නට sideloading සහ installation ඉතාම පහසුවෙන් කරගන්නට අලුත්ම companion App එකක් design කර තිබෙනවා. මෙය Windows App studio Installer නමින් ඔබට දැන් ලබාගත හැකියි.
1
දැන් ඔබට Windows App Studio Installer App එක Windows 10 devices සදහා store එකෙන් download කරගත හැකියි. Installation process එක මොනතරම් පහසු කර තිබෙනවාද කියනවනම් දැන් අවශ්ය වන්නේ mouse click දෙකක් පමනයි. මේ පසුපස ඇති ක්‍රියාවලිය ලෙස මේ App එක මගින් අවශ්ය certificate නියමිත ලෙස install වී තිබේද යන්න පරීක්ශා කරන අතර නැති නම් එය Automatically install කරනු ලබයි. තවද අවශ්ය නම් Windows 10 හිදී sideloading enable කිරීමටත් අවශ්ය මග පෙන්වීම කෙරෙනවා. ඒ setting page එක හරහා. settings සියල්ල සිදු කල පසු local machine එකට appx install වනු ඇති.

Windows App Studio installer හී ක්‍රියාවලිය.

App install කිරීම

  • Windows App studio හි ඔබේ App එක generate කරන්න. පසුව එහි installable package එක build කරන්න.
  • App එක install කිරීම සදහා link එක click කරන්න.
    2
  • මෙම link එක installer App එක open කරාවි. කලයුතු එකම දෙය install button එක click කිරීම පමණයි.
    (මෙහිදි ඔබ මුලින් windows 10 සදහා sideloading හෝ developer mode enable කර නැතිනම් මෙම tool එක මගින් එම settings සැකසීම සදහා setting page එක automatically open කරනු ඇත.)
  • ඔබ install button එක click කල පසු certificate deploy වෙමින් app එක install වේ. installation process එක complete උන පසු එය installer App එකෙන් open කල හැකියි. එසේත් නැතිනම් සාමන්‍යයෙන් ඔබ App Open කරන ආකාරයට හෝ Win key + app name shortcut එකෙන් App එක open කරගත හැකියි.

Apps share කිරීම

Installer App එක සමග ඔබට දැන් ඉතා පහසුවෙන් ඔබේ ලබැදියන් සමග Apps share කල හැකියි.

  • ඔබ installable package එක generate කල පසු පහලින් link තුනක් දකින්නට ලැබේවි. ඒ අනුව ඔබේ app එක email, Twitter හෝ facebook මාර්ගයෙන් හිතවතුන් සමග share කරගත හැකිවේ.
    3
  • ඔබ share කල app එකට අදාල link එක මගින් ඔබේ හිතවතුන්ට එම app එක download කර install කරගන්නට අවකාශ මේ හරහා ලැබෙනු ඇත.
    4_link
  • share කල app එකේ page එකෙහි ඇති “install App” button එක click කල විට installer App එක open වනු ඇති. තවත් එක click එකකින් පමණක් App එක install වේ.

අපි විශ්වාස කරනවා ඔබ Windows App Studio සමගින් නිර්මාණය කරන අනර්ඝ Apps මේ හරහා ඉතා පහසුවෙන් install කරන්නත් share කරන්නත් හැකියාව ලැබෙන බව. මේ installer App එකේ පලමු සංස්කරණයයි. මෙහි ඉදිරි සංස්කරණයන් සදහා ඔබට අදහස් දක්වන්නට Forum එකෙන් පුළුවන්කමත් ලැබෙනවා. ඔබට අලුත් version සමගින් වඩා වැදගත් features සහිතව මීලග සංස්කරණයන් සමගින් ලැබෙනු ඇත. ඔබත් අදම Windows App Studio සමගින් ඔබේ වටිනා Apps generate කරන්න.

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY