Microsoft ආයතනයෙන් Windows 10 පාරිභෝගිකයන්ට අලුත්ම Xbox desktop experience එකක්

Microsoft ආයතනයෙන් Windows 10 පාරිභෝගිකයන්ට අලුත්ම Xbox desktop experience එකක්

4678
0
SHARE

පහුගිය දවස් වල Microsoft ආයතනය විසින් Windows 10 වල තියන Xbox app එකේ වෙනස්කම් කිහිපයක් සිදුකරලා තියනවා.මුල්කාලයේදී මේ app එක භාවිතයෙන් pc එකේ තියන Xbox friends list,messages,party features වගේ දේවල් වලට විතරයි access වෙන්න අවස්ථාව තිබුනේ.හැබැයි Microsoft ආයතනය කියන විදිහට මේ අලුත් update එකත් එක්ක Xbox console’s features වගේම settings තවදුරටත් සංකීර්ණ වෙනවා වගේම නවතම features කිහිපයකින්ද සමන්විත වෙනවා.Microsoft ආයතනය මේ අලුත් app update එක නම් කරලා තියෙන්නේ “Xbox Console Companion” කියලයි.

මේ Windows 10 එකත් එක්ක එන update එකත් එක්ක Windows පාරිභෝගිකයන්ට අලුත්ම desktop experience එකකට සම්බන්ද වෙන්න අවස්ථාවක් ලැබෙයි කියලයි Microsoft ආයතනය කියන්නේ.ඒ වගේම Microsoft ආයතනය ඉතා මෑතකදී Windows 10 සදහා අලුත්ම updated Game Bar එක නිකුත් කරා.මේක Nvidia’s GeForce experience එකට ගොඩක් සමානයි.මේකේ LFG,messages,friends වගේ Xbox app features වලට quick access දෙන widgets ගොඩක් අඩංගු වෙලා තිබුනා.

ගොඩක් Microsoft fansලා උපකල්පනය කරේ Xbox app එක Windows 10 වලින් අයින් කරයි කියල.හැබැයි Microsoft ආයතනය වෙනස්ම ආකාරයේ desktop app එකක් විදිහට මේ Xbox app එක pc සඳහා නිකුත් කරන්න සුදානම් වෙන බවයි පේන්නෙ.
මොනාවුනත් Microsoft ආයතනයේ gaming chief , Phill Spencer කියන්නේ E3 ආගමනයත් එක්ක pc gaming ගැන Microsoft එකේ තියෙන plans ගොඩක් තාක්ෂණික වගේම අලුත්ම ආකාරයේ අත්දැකීමක් පාරිභෝගිකයන්ට ලබාදෙන බවයි.

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY