මිලියනයක් තවමත් අනතුරේ – Micorosft අනතුරු අඟවයි!

මිලියනයක් තවමත් අනතුරේ – Micorosft අනතුරු අඟවයි!

1717
0
SHARE

පහුගිය කාලයේදී එක වරම Windows පරිගණක රාශියකට widespread attack මට්ටමේ ප්‍රහාරයක් එල්ල වුණා. මේක ඇත්තටම එල්ල වුනේ Windows older versions එහෙමත් නැත්නම් Windows XP පරිගණක සහ ඊට පෙර තිබුණු versions වලට. තවත් පැහැදිලිව කීවොත් මේ ප්‍රහාරයට මුහුණ දුන්නේ Windows XP, Windows 7, Windows Server 2003, Windows Server 2008 R2, සහ Windows Server 2008 කියන older versions. ඔබ දන්නවා Microsoft ආයතනය මේ වෙද්දී Windows XP සහ Windows Server 2003 කියන OS දෙකම තමන්ගේ සහය ලබාදීම නවත්වලා කියන එක. නමුත් මේ ප්‍රහාරය වෙලාවේ ඔවුන් ඒ ගැන සලකන්නේ නැතුව security patch එකක් issue කරලා තිබෙනවා. මේක ඔබේ පරිගණකයටත් අවශ්‍ය කෙනෙක් ඉන්නවනම් මේ ලින්කුවෙන් ලබාගන්න පුළුවන්.

Microsoft ආයතනයේ Security Response Centerහි අධ්‍යක්ෂක විදිහට කටයුතු කරන Simon Pope සඳහන් කරන විදිහටනම් මේ වර්ගයේ ප්‍රහාරයක් නැවත ආවොත් පහසුවෙන්ම මුහුණ දෙන්න පුළුවන්. මේ වර්ගයේම කියන්නේ  ‘wormable’  vulnerability එකක්. ඔහුගේ මේ ගැන ලියවුනු සම්පුර්ණ ලිපිය මෙතනින් කියවන්න පුළුවන්.  ඕනෙනම් මේ Microsoft patches reverse engineering method එක පාවිච්චි කරලා hacker කෙනෙක්ට පුළුවන් බලවත් malware එකක් නිර්මාණය කරන්න. නමුත් ඒකට සෑහෙන කාලයක් ගතවේවි. කියන්න සතුටුයි මේ vulnerability එකෙන් windows 8 හෝ 10 පරිගණක වලට කිසිම විදිහක ගැටළුවක් වෙන එකක් නැහැ. ඔබ දන්නවා Windows 10 පරිගණක විසින් මිට යම් කාලයකට කලින් Windows 7 ඉක්මවා ගියා. ඔබ සිතනවා වගේම මේ ලෝකයේ තවත් මිලියන ගණනක් පරිගණක වල Windows 7 හා XP ක්‍රියාත්මක වෙනවා. මේ නිසා මේ attack එක සුළුවෙන් හිතන්න බැහැ.

Image result for windows  virus attack
MOST HARMFULL VIRUS OF Windows 7 Virus Attack in 2011

මෑතකදී නිකුත් වුනු වාර්තා වලින් කියවෙන විදිහට මිලියනයක් පරිගණක වලට මේ ගැටලුවට මුහුණ දෙන්න සිදුවෙනවා. ඔබ දන්නවා දැනටත් ලෝකයේ පරිගණක ගණනාවක් Windows XP, Windows 7,Windows Server 2003, Windows Server 2008 R2, හා Windows Server 2008 කියන Operation Systems තවමත් භාවිත කරනවා. Microsoft ආයතනය දැඩි ලෙස අවවාද කරනවා මේ versions දිගටම භාවිත කරනවානම් තමන්ගේ පරිගණක මේ security patches භාවිත කරලා update කරගන්න විදිහට.

නැවත හමුවෙමු…

Source : https://www.theverge.com/2019/5/31/18647646/microsoft-windows-1-million-machines-bluekeep-remote-desktop-security-exploit

 

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY