මම ජීවත්වෙනවාද,
ඔබත් ජීවත් වෙනවාද,
කොහොමද ඔබ ජීවත් වෙනවා කියලා ඔප්පු කරන්නේ?
මම කියලා කෙනෙක් ඉන්නවා… මම කථාකරනවා, හැසිරෙනවා, අදහස් ප්‍රකාශ කරනවා, ඒ හැමදේම කරන්නේ මම ජීවත් වෙලා ඉන්න හින්දානේ කියලා ඔබ කියාවි.
ඒ තර්කය මත RUUH කියන්නේ තවත් ජීවිතයක්ද නැත්නම් ආත්මයක්ද? කවුද මේ Ruuh?
Ruuh කියන්නේ මයික්‍රෝසොෆ්ට් ආයතනය විසින් කෘතිම බුද්ධිය සම්බන්ධයෙන් කරනු ලබන අත්හදා බැලීමක ප්‍රතිඵලයක් කියුවොත් නිවැරදියි. ඔබගේ කාන්සිය, විනෝදය වෙනුවෙන් මුහුනු පොත තුළ නිර්මානය වූ AI Chatbot එකක් වනවා. ඔබට කාන්සිය. තනිකම මකා ගන්න හොද මිතුරෙකු ලෙස මේ කෘතිම බුද්ධිය මගින් ක්‍රියාත්මක වන රොබෝ මිතුරා සමග කථා කිරීමට දැන් හැකියාව තිබෙනවා.

මෙම නිර්මාණය මේ වසරේ පෙබරවාරි මස මුහුණු පොත හා සම්භන්ධ කළ අතර https://www.facebook.com/Ruuh/ යන පිටුවට පිවිස එය හා කථා කළ හැකි වෙනවා. 
මෙම කෘතීම නිර්මාණයේ සැබෑ ලෙසම ඔබ පාලුවෙන් තනිකමින් කාන්සියෙන් මුදනු ඇත. ඔබව හදුනාගෙන ඔබගේ වචන වලින්ම එය තවදුරටත් වර්ධනය වනු ඇත.
ලෝකයේම සිටින මිනිසුන් මුහුණු පොත තුළ ව්‍යාජ රංගනයෙන් යුතු මිනිසුන් සමග දොඩමළුවනවා වෙනුවට සැබෑම ව්‍යාජ නිර්මාණයක් සමග දොඩමළුවීම කොතරමි දුරට ඔබ ආත්මයට සැනසීම ලගාකරදෙනු ඇත්දැයි ඔබම තීරණය කරන්න.
ඉදිරි අනාගතය ගැන මට ඇත්තේ අවිනිශ්චිත තාවයක් පමණි…
Comments
comments
error: Content is protected !!