Microsoft Powerpoint වල නවතම හැකියාවන් ගැන ඔබ දන්නවාද?

Microsoft Powerpoint වල නවතම හැකියාවන් ගැන ඔබ දන්නවාද?

5329
0
SHARE

අපි හැමෝම දන්නා විදියට powerpoint කියන්නෙ අපිට අපේ presentation skills තවත් හොදින් වැඩිදියුණු කරගන්න Microsoft ආයතනය විසින් කරන ලද මෘදුකාංගයක්.1990 මැයි 22 දා Microsoft Office Suite හි උප කොටසක් වශයෙන් තමයි Microsoft Powerpoint තමන්ගේ වැඩ කටයුතු පටන් ගත්තේ. මේ මෘදුකාංගය අද වෙනකොට Microsoft Windows පමණක් නෙවෙයි Apple Macintosh operating systems වලත් ක්‍රියාකිරීමේ හැකියාව පවතිනවා. 1990 පැවතුනු Windows 3.0 operating system එකට සම්බන්ධ කෙරුණු Powerpoint 2.0 version එකේ සිට අද භාවිතා වන Windows 10 operating system එකට අදාලව තිබෙන Powerpoint 16.0 version දක්වාම විවිධාකාර විදිහේ වෙනස්කම් වලට ලක් වෙමින් Powerpoint අපගේ අවශ්‍යතාවයන් ඉටුකරමින් පසුවෙනවා.

බොහොම මෑතකදී පැවැත්වුණු Microsoft සමුළුව පැවැත්වුනේ මුලිකවම developers පදනම් කරගෙන කියා සිතන්නට පුළුවනි. ඊට හේතුව වන්නේ ඔවුන් Azure, Visual Studio, .NET වගේ ඔවුන්ගේ ප්‍රධාන මෘදුකාංග වල තොරතුරුත් එක්කම දිනපතා Microsoft Powerpoint පාවිච්චි කරන usersලාට අලුතෙන්ම එකතුවෙන plugin කොටසක් ගැන විස්තර ලබා දිමට කටයුතු කිරීම.  ඔවුන් මේ plugin කොටස “Presentation Translator” යන නමින් හැදින්වෙනවා. ඇත්තටම මේ නම ඇහෙන ඕනෑම කෙනෙක් සිතන්න පුළුවන් මේ මොකක්ද කියන දේ.

මේ presentation translatorට පුළුවන් ස්වයංක්‍රීයව real time translated subtitles ලබා දෙන්න, නැතිනම් ඔහු powerpoint presentation එක තුල තිබෙන වාක්‍ය translate කර ලබා දීමේ හැකියාව පවතිනවා. දැනට පවතින තත්වයේ සිට බැලුවොත් මේ සේවාව අරාබි, චීන, ඉංග්‍රීසි, ප්‍රංශ, ඉතාලි, ජපන්, පෘතුගාල, රුසියා වගේ භාෂා ගණනාවකට සහය දක්වනවා. මේ සේවාවේ ප්‍රධානම වාසිය වෙන්නෙ අපි කරන presentation එක බිහිරි හා ශ්‍රවන ආබාධ තිබෙන අයටත් මේ අලුත් plugin එක භාවිතයෙන් පහසුවෙන් පාවිච්චි කිරීමේ හැකියාව ලැබීම.

මෙම ව්‍යාපෘතිය සමාජය වෙත පැමිණුනේ Microsoft Garage යටතේ. නමුත් මේ වෙද්දී මේ සේවාවට sign up වීමට පුළුවන් මෙතන click කිරීම මගින්.  Microsoft ආයතනයට අයත් ලින්කුවකින් ඔබට මේ මෘදුකාංගය බාගත කරගන්න හැකියාව Microsoft ආයතනය ලබාගන්න පුළුවන්. ඊට පිවිසීමට මෙම ලින්කුව  භාවිතා කරන්න. මෙහි ප්‍රධානතම අවාසියක් වෙන්නෙ මෙය දැනට ක්‍රියාකරන්නේ Windows 10, Windows 8.1, Windows 8 වගේ operating systems කිහිපයකට පමණයි. භාවිතා කිරීම පිළිබද තොරතුරු ලබාගන්න මෙතන  click කරන්න. ඇතිවන ගැටළු troubleshoot කර ගැනීමට මෙතන  click කරන්න.

Source:https://www.theverge.com/2017/5/10/15611058/microsoft-powerpoint-translator-add-in-features

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY