2016 හොදම Microsoft තාක්ෂණයන් පිළිබඳ පසු විමසුමක්…

2016 හොදම Microsoft තාක්ෂණයන් පිළිබඳ පසු විමසුමක්…

2774
1
SHARE

2016 වසරේදී Microsoft සමාගම විසින් සිය පාරිභෝගිකයන් වෙත ඉදිරිපත් කරන්නට යෙදුණු තාක්ෂණික මෙවලම් අතරින් හොදම අංග 4ක් පිළිබඳව වැඩිදුර තොරතුරු ඔබ වෙත ගෙන ඒමටයි අපි මේ ලිපියෙන් බලාපොරොත්තු වෙන්නේ.

1.Skype for Business Voice

Skype for Business කියන්නේ ඔබගේ සියලුම සන්නිවේදන උපක්‍රම එක තැනකට  ගොනු කරන application එකක් කිවුවොත් නිවැරදියි. Cloud PBX හරහා ඔබට ඇමතුම් සැකසීමට වගේම ඇමතුම් ලබා ගැනීමටත් හැකියාව පවතිනවා. එයට transfer, hold සහ resume calls වැනි සියලුම පොදු ඇමතුම් විශේෂාංගත් අන්තර්ගත වෙනවා. voicemail මගින් පණිවිඩ අතපසුවීම් මගහැරවීම, missed calls සදහා ක්ෂණිකව පිළිතුරු දීමේ හැකියාව ආදිය තමයි මෙහි ඇති විශේෂ ලක්ෂණ වෙන්නේ. ඒ අතරින් Skype for Business Calling හි ඇති වඩාත් වැදගත්ම ලක්ෂණය වන්නේ default encryption (දත්ත ආරක්ෂණය) යි. එමගින් ඔබගේ පෞද්ගලිකත්වය සහ බුද්ධිමය දේපල ආරක්ෂා කිරීමටත් හැකියාව ලැබෙනවා.

2.Dynamics 365

Dynamics 365 නිර්මාණය කරලා තියෙන්නේ  apps කිහිපයක් සමඟ එකට වැඩ කිරීමටයි. ඔබගේ ව්‍යාපාරයේ කටයුතු ක්‍රමවත්ව හා වේගවත්ව සිදු කිරීමට Dynamics 365 උපයෝගී කරගන්න පුළුවන්. Dynamics 365 හි නොයෙක් විසදුම් කිහිපයක් අතරින් ඔබගේ ව්‍යාපාරයට ඉතා යෝග්‍ය වන විසදුම තෝරා ගැනීමටත් ඔබට අවස්ථාව තියෙනවා. එමගින් ඔබගේ කණ්ඩායම සෑම විටම නිවැරිදි මෙවලම් භාවිතා කරන බවට ඔයාට තහවුරු කරගන්නත් පුළුවන්.

3.Office 365 ES

Office 365 Enterprise ES ඔබගේ සියලුම ව්‍යාපාරික අවශ්‍යතා එක් application එකකින් ආවරණය කරන්න සමත් වෙලා තියෙනවා. මේ හරහා Skype for Business විශේෂාංගය මගින් calling, conferencing සහ broadcasting වැනි විවිධ සේවා ලබා ගැනීමට මෙන්ම වැඩි ශ්‍රාවක පිරිසක් සමග සන්නිවේදනය කිරීමටත් ඔබට හැකියාව ලැබේ. Office 365 Enterprise ES හි ඇතුලත් වෙන analysis tools මගින් ඔබේ දත්ත වෙනස් ආකාරයන්ට දැකීමට සලස්වා දෙනවා. Update Security Measures කියන්නේ Microsoft සමාගම ඔබ වෙනුවෙන් ඔබගේ ආරක්ෂණ කටයුතු සිදු කිරීමයි. එය පුද්ගල කේන්ද්‍රික බැවින් වැඩි පෞද්ගලිකත්වයක් මෙන්ම වඩා වැඩි පාලනයක්ද ලැබෙනවා.

 

4.HoloLens

2016 පැවති විශාල රැල්ලක් තමා මේ Mixed Reality කියන්නේ. Mixed Reality කියන්නේ Virtual Reality සහ Augmented Reality වල සංකලනයක්. විද්‍යාවේ, වෛද්‍ය විද්‍යාවේ මෙන්ම ඕනෑම ක්ශේෂ්ත්‍රයක විවිධ අනාවරණයන් සිදු කිරීමට HoloLens උපකාරී වෙනවා. සරලවම කිව්වොත් මෙම අලුත් තාක්‍ෂණය මගින් අපේ කාර්යයන් දෘශ්‍යකරණය කිරිම සිදු කරනවා.වෛද්‍ය සිසුන්ට ඉගැන්වීම් වලදී මිනිස් සිරුර පිළිබද ගැඹුරු අවබෝධයක් ලබා ගැනීමට, ඉංජිනේරු ක්ශේෂ්ත්‍රයේ ජෙට් එන්ජින් නිපදවීම වැනි කාර්යයන් වලදී පුළුල් වැටහීමක් ලබා ගැනීමටත් HoloLens විශාල ප්‍රයෝජනයක් සපයනවා.

මෙහි ගොඩනගා ඇති සංවේදක නිසා ඔබේ සුළු හැසිරීමක් මගින් cursor එක එහා මෙහා කරමින් holograms තෝරා ගැනීමට, application විවෘත කිරීමට, holograms එහා මෙහා කිරීමට ඔබට හැකියාව ලැබෙනවා. එසේම voice commands මගින්ද සියලුම apps තෝරා ගැනීම, විවෘත කිරීම සහ පාලනය කිරීම සිදු කිරීමට පුළුවන්.

references – axon-it.com

Comments

comments

1 COMMENT

LEAVE A REPLY