Visual Studio වංශකතාවේ 20 වන සැමරුම

Visual Studio වංශකතාවේ 20 වන සැමරුම

2663
1
SHARE

Visual Studio මෙය ඔබට නුපුරුදු වචනයක් නම් වන්නට කිසිසේත්ම නොහැකිය. Windows පරිගණක භාවිතා කරන්නෙකු නම් අවම වශයෙන් ජීවිතයේ එක් වරකට වඩා ඔබ මෙය අසා තිබිය යුතුය.ඒ තරම්ම Microsoft නාමය සමග Visual Studio යන්න බැදී පවතී. 21 වන සියවසේ මුල් යුගයේදී පරිගණක ක්‍රමලේඛනයට අත් පොත් තැබූවන් බොහෝ දෙනෙක් ඔවුන්ගේ ප්‍රථම කේතකරන අත්දැකීම මෙම වැඩසටහන සමග බව ඔබට කියාවි. මෙය මේ මොහොතේ කියවන ඔබත්, මෙය ලියන මා මෙන්ම Visual Basic වලින් පරිගණක කේත කරනයට අත් පොත් තැබූවක වන්නට ඇති. එසේ නම් Visual Studio යනු ඔබට තවත් අළුත් වැඩසටහනක් නොවේ.

Visual Studio ගැන මේ දිනවල කවුරුත් කතා වෙන උණුසුම්ම මාතෘකාව වන්නේ එහි 20 වන සැමරුමයි. ඉතින් අපිත් තීරණය කලා මේ ගැන තොරතුරු ටිකක් අපිත් එක්ක ඉන්න අපේ යාළුවො කට්ටිය එක්ක බෙදා හදා ගන්න. ඔබ Visual Studio වල ප්‍රවීණයෙක් වන්නට පුළුවන් එසේත් නැතිනම් ආධුනිකයෙක් වන්නට පුළුවන්. නමුත් වෙනසක් නැතිව Visual Studio 20 වෙනි සැමරුම ගැන දැන ගැනීම ප්‍රයොජනවත් කියල අපි විශ්වාස කරනවා. මෙම වසරේ මාර්තු මාසයේ 7 වන දිනට යෙදී තිබෙන Visual Studio වල 20 වන සැමරුමේ වැදගත්ම අංගය වන්නේ Visual Studio මීලග සංස්කරණය වන Visual Studio 2017 නිකුතු කිරීමේ දිනයත් එදිනට යෙදී තිබීමයි. දැනට ලබා ගැනීමට හැකි වත්මන්ම සංස්කරණය වන්නේ Visual Studio 2015 ය. 2017 සංස්කරණය සමග නව අංග ගණනාවක් අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්. මේ ගැන දැන ගැනීම සදහා Microsoft ආයතනය විසින් මාර්තු 7 වන දින සජීවි විකාශයක් දියත් කිරීමට කටයුතු සූදනම්. මේ සදහා Visual Studio වල ආයතනික උප සභාපතිනි Julia Liuson ඇතුළුව Brian Harry, Miguel de Icaza සම්භන්ද වීමට නියමිතයි.

 Julia Liuson
Julia Liuson

එහිදී Visual Studio, .NET, Xamarin, Azure වල නවතම අංග ගැන කතා කිිරීමට නියමිතයි. මේ සදහා වැඩි විස්තර දැන ගැනීමට මෙම link එක භාවිතා කරන්න.

මීට අමතරව මාර්තු 8 වන දින සම්පූර්ණ දිනය පුරාවටම පැවැත්වෙන online වැඩමුළුවක්ද Microsoft විසින් පැවැත්වීමට නියමිත වෙලා තිබෙනවා.

මෙම සියළුම වැඩමුළු හා සමගාමීව ලෝකය පුරාම විසිරී ඇති Visual Studio Community Groups වැඩමුළු දියත් කිරීමට නියමිතයි. ඔබට මෙම link ඒක හරහා ශ්‍රි ලංකාවේ පැවැත්වීමට නියමිත වැඩසටහන සමග සම්බන්ධ වීමටත් හැකියි. එහිදී ඔබට Visual Studio සමහ එක් වී ඇති නවතම අංග මෙන්ම ඔබගේ developing වැඩ වඩාත් පහසු මෙන්ම කාර්යක්ෂම කරගැනීමට ඒවා යොදා ගන්නා ආකාරය Visual Studio සහ .net ප්‍රවීණයන්ගෙන්ම දැන ගන්න පුළුවන්. මෙම වැඩ සටහන සමග සම්බන්ධ වීම සදහා ඔබට කිසිදු මුදලක් වැය වන්නේ නැහැ.

Visual Studio ආයතනික උප සභාපතිනි Julia Liuson, Visual Studio 20 වන සැමරුම පිලිබද ඇයගේ ලිපියේ සදහන් කරන ආකාරයට, මේ දක්වා Visual Studio බොහෝ දුර ගමණක් ගෙවා ගෙන පැමිණ තිබෙනවා. Visual Studio දශක දෙකක් පුරාවටත්, .net දශකයක් පුරාවටත්, ලොව පුරා විසර සිටින developersලාගේ පරිගණක කේතකරන කටයුතු පහසු කරමින් සේවාවන් රැසක් සලසනවා. Visual Stuidoහි මුල්ම සංස්කරණය වන්නේ Visual Studio 97 ය. මෙම පලමු සංස්කරණයේ අරමුණ වී ඇත්තේ Visual Basic, Visual C++, Visual J++, Visual FoxPro, සහ Visual InterDev යන තාක්ෂණයන් එකට එක් කරන ලද tool එකක් හදුන්වා දීමයි. Julia Liuson මෙම කණ්ඩායමේ සේවය කර තිබෙනවා. ඇයගේ මතකය ආවර්ඡනය කරන ඇය පවසන්නනේ එය අභියෝගාත්මක කටයුත්තක් වූ බවයි. නමුුත් අද අපට දැක ගන්න පුළුවන් ඔවුන් එම අභියෝගයට සාර්ථකව මුහුණ දී ඇති බව. Visual studio ගතවූ දශක දෙක පුරාවට විවිධ වෙනස් කම් වලට ලක්වෙමින් මේ වන විට සේවාවන් ගනණාක් සපයන උපාංගයක් බවට පත් වී හමාරය. එය Windows desktop application නිර්මාණයට පමනක් සීමා නොවී මේ වන විට Android, iOS, Linux, MacOS යන platform වලට සහය දක්වන අතර mobile-first, cloud-first මෘදුකාංග නිපදවීම සදහාත් හොද මෙවලමක් වී තිබෙනවා. මීට අමතරව Azure cloud, Visual Studio Team Services සහ Visual Studio Code යනු තවත් සේවාවන් කිහිපයක් පමණි.
 Julia Liusonට වගේම ඔබටත් ඇති Visual Studio එක්ක ඔබගේ කතාවක්. ඔබ එය ආරම්භ කල හැටි වගේම ඔබගේ අත්දැකීම්. Julia Liuson ඇයගේ ලිපියෙන් සදහන් කරනවා ඔබගේ කතාවත් බෙදා හදා ගන්නා ලෙස. ඔබට පුළුවන් එය බෙදා හදා ගන්න. ඉතින් ඔබගේ කතාව සමාජ ජාල හරහා බෙදා ගැනීමේදී අමතක කරන්න එපා එය #MyVSStory ලෙස ටැග් කිරීමට. ඉතින් ඔබටත් පුළුවන් Visual Studio සදහා උපන්දින සුබ පැතුමක් facebook හෝ twitter හරහා එකතු කරන්නට.

Julia Liusonගේ ලිපිය සදහා
Source: https://launch.visualstudio.com

Comments

comments

1 COMMENT

LEAVE A REPLY