Imagine Cup 2017 තරඟාවලිය සඳහා ඉදිරිපත් වීමට අපේක්ෂා කරන ඔබට මඟපෙන්වීමක්….

Imagine Cup 2017 තරඟාවලිය සඳහා ඉදිරිපත් වීමට අපේක්ෂා කරන ඔබට මඟපෙන්වීමක්….

2115
0
SHARE

Microsoft Imagine Cup 2017 තරඟාවලිය සඳහා ඉදිරිපත්වීමට ඔබ තුලත් යම් බලාපොරොත්තුවක් ඇත්නම් ඒ සඳහා ඔබට ඇත්තේ තවත් සීමිත කාලයක් පමණයි. Microsoft සමාගම විසින් පවත්වනු පවත්වනු ලබන imagine cup තරඟාවලිය පිලිබඳව නොදන්නා කෙනෙක් නැති තරම්.

නමුත් මේ වසරේදී Imagine Cup සිය පහළොස්වන සංවත්සරය සමරන නිසාම තරඟ කොන්දේසි වල යම් වෙනස්කම් කීපයක් දැකගන්න පුළුවන්. මේ බව අපි අපගේ කලින් ලිපියකින් ඔබ වෙත ගෙන ආවා. මෙහි ප්‍රධානම හා ඔබට ඉතා වැදගත්ම වන කාරණය තමයි මෙවර තරඟාවලිය තුල නිර්මාණ කාණ්ඩ කිරීමක් දකින්නට ලැබෙන්නේ නෑ. ඒ කියන්නේ ඔබේ නව අදහස් නිදහසේ ඉදිරිපත් කිරීමේ අවකාශය ඔබට මේ වසරේදී ලැබී තිබෙනවා.

Imagine cup 2017 සඳහා ඉදිරිපත් වන ඔබ වෙත 2016 වසරේදී ලංකාවෙන් ඉදිරිපත්වූ නිර්මාණ පිලිබඳ සංක්ෂිප්ත සටහනක් තබමින් යම් නව අදහසක් ගැනීමට ඔබට අත්වැලක් වීමට windows geek අපි සුදානම්.

2016 වසරේදී Team Ruck ඉදිරිපත්කල Universal sinhala library ව්‍යාපෘතිය සිංහල අක්ෂර හෝඩියේ පැවතිය හැකි සෑම combination එකක්ම අඩංගු වන විදියට, ඒ කියන්නේ අකුරු, comma, හිස්තැන්, නැවතීමේ ලකුණු සියල්ලෙන් පරිපුර්ණ library එකක් develop කිරීම මඟින් users ලට විශේෂ functions සහ features ලබාදීමට යෝජනා කර තිබුණා. මෙහි අක්ෂර 58 ක්, vowel අකුරු 18 ක් සහ constant අකුරු 40 කින් මෙන්ම comma, හිස්තැන්, නැවතීමේ ලකුණු වලින් යුත් combination එකක් නිර්මාණය කිරීම කරනු ලැබුවා.

NavyCane ව්‍යාපෘතිය යෝජනා කල Team ZETA හි අරමුණ වුයේ අන්ධ පුද්ගලයට මෙන්ම රියදුරු මහතුන් සදහාද පහසුකම් සැලසීම සහ ඔවුන්ගේ සුරක්ෂිත බව තහවුරු කිරීම කිරීම සඳහා උපාංගයක් නිර්මාණය කිරීම. කොතරම් පහසුකම් තිබුනත්, අන්ධ පුද්ගලයින් හට තවමත් ඔවුන්ගේ ගමන් පහසුකම් සලසා ගැනීමේදී දුෂ්කරතා තිබෙනවා.මෙමගින් අන්ධ පුද්ගලයා හට පාර මාරුවීම සඳහා 50m දක්වා ඉදිරියට කහ ඉරක් පවතිනවද යන්න දැනුම් දෙනවා. තවද වැඩිදියුණු කල walking stick එක මගින් ලඟින් පවතින bus stand ගැනත් සංවේදීතාවය ඇතිකරනවා.

තමාගේ වැඩකටයුතු කරන අතරවාරයේ තමාට අවශ්‍ය තොරතුරු ඒවගේම මුළු ගෙදරම පාලනය කරන්න හැකියාවක් ලබාදෙන උපාංගයක් Project Reflex ඉදිරිපත් කර තිබුණා. මෙය සම්පූර්ණයෙන්ම පාලනය වෙන්නේ ශබ්දයෙන් ලබාදෙන සංඥා මගින් සහ Mobile Device වලින්. ඒ වගේම එම උපාංගයට හැකිවුණා කෘතිම බුද්ධියක් නැත්නම් virtual assistant කෙනෙන් විදිහට වැඩකරන්න.ඒ වගේම Smart Mirror එකක් විදිහට වැඩ කරනනිසා අපහසුවකින් තොරව සාමාන්‍ය ජීවිතයට එකතු කරන්නත් පුළුවන්. තමන් උදේට මුහුණ හෝදන අතරවාරයේ ගෙදර අනිත් විස්තර බලන්න වගේ වැඩ කරන්න ඔබට පුළුවන්.

Bit Masters කණ්ඩායම විසින් ඉදිරිපත් කර තිබු AMPLUS කියන්නේ advertising සදහාම නිර්මාණය කරපු digital signage platform එකක්. මේකේ විශේෂත්වය තමයි, මේක පාවිච්චි කරන්න හරි ලේසියි, වියදමත් අඩුයි, ඒ වගේම මේ device එක intelligent. මෙම උපාංගය HDMI port එකකින් යුත් ඕනෑම digital display එකකට සම්බන්ද කිරීමට හැකිවන විදියට, HD camera module සහ IOT device උපයෝගී කරගනිමින් design කරලා තියෙනවා. මෙම device එක පාවිච්චි කරන අයෙක් කල යුත්තේ, මෙම device එක තමන්ගේ display එකේ උඩින්, සවි කිරම පමණයි.

Sas Ninjas කණ්ඩායම ඉදිරිපත් කල Ms.USE යනු IoT උපයෝගී කරගනිමින් නිමවූ ස්ත්‍රී දූෂණ, හිරිහැර, අපයෝජන වැලැක්විය හැකි නිෂ්පාදනයක්. මෙය පැළඳිය හැකි මුද්දක් මෙය භාවිතයෙන් පුළුවන් තමන්ගේ භාරකරුවන්ගෙන් තත්පරයකටත් අඩු කාලයකදී උදව් ඉල්ලන්න එහෙම නැත්නම් මෙවැනි වැරදි දෙයක් සිදුවන විට එයට විරුද්ධවීමට කැමති අයගෙන් උදව් ඉල්ලන්න.

CycleMate නමින් ඉදිරිපත්වූ Team Regal හි අදහස මඟින් කුඩා ඉතා පහසුවෙන් සම්බන්ධ කළ හැකි Vibrating gadget එකක් handle එකට සම්බන්ධ කරන උපාංගයක් මඟින් යතුරුපැදි කරුවනට හා පා පැදි කරුවන්ට සහය දක්වනු ලැබීමට අදහස් කරනු ලැබුවා.

Phobium යනුවෙන් ඉදිරිපත්වූ නිර්මාණය මඟින් තවත් ලෝකයේ වැඩිදෙනෙකුට ඇති භීතිකාවන් සඳහා ප්‍රතිකාර කල හැකි platform එකක් නිර්මාණය කර තිබෙනවා.

2016 වසරේ game කාණ්ඩය යටතේ ලාංකික කණ්ඩයම් වැඩි ගණනක් තරග වැද ඇති බව දකින්නට පුළුවන්. ඒ අතර DrowningBunny Video Game එකේදී ක්‍රීඩකයාට ලැබෙන්නේ මේ Game එකේ එන ප්‍රධාන චරිතය ගිලෙන්නට නොදී බේරගන්න. ඒ සඳහා කරන්නට තියෙන්නේ Screen එකේ ඉහල සිට පහළට වැටෙන වැහි බිංදු Touch කිරීමයි. එසේම බන්ඩියා යනු ද්විමාන(2D) තනි ක්‍රීඩකයෙකුට ක්‍රීඩා කිරීම සඳහා නිපදවා ඇති Video Game එකකි. මෙය පරිගණකයෙන් සහ කොන්සෝලය භාවිතයෙන් ක්‍රීඩා කල හැකි Video Game එකක්.

මේ අතර පරිගණක විද්‍යාවේ ගැඹුරු සාංකල්පනික ප්‍රෙහේලිකාවක් මුල් කොටගෙන බිහිවී ඇතී game of thoughts දකින්නට ලැබෙනවා. මෙය මිනිස් මනසේ සිතුවිලි හැසිරීම් අනුකරණය කරමින් විහිදී යන දාර්ශනික අන්තයක් මෙන්ම ආකර්ෂනීය චරිත කිහිපයක් වටා ගෙතුනු කතාන්දරයක්. එමෙන්ම මෙහි virtual reality තාක්ෂණය යොදා ගෙන ඇත.

2016 වසරේදී ඉදිරිපත්වූ තවත් අදහස් අතර කෘෂිකර්මයේදී පැළවලට වැලදෙන රෝග හදුනා ගැනීමට app එකක්, දියවැඩියාව පාලනය කිරීමට අවශ්‍ය කැලරි දර්ශකයක් අඩංගු smart mug එකක්,ඇවිදීමේදී තමන් ඉදිරියෙන් ඇති බාධක පෙන්වන smart phone app එකක් , මිනුම් උපකරණ දහසක විවිධාකාර හැකියාවන් අඩංගු පැනක් බඳු උපකරණයක්, ශබ්ද ඔස්සේ ක්‍රියා කරන දෘශ්‍ය අබාධ වලින් පෙලෙන්නන්ට සකස් කල EyesTalk නම් video game එකක් හා තවත් තමන්ගේ අසල ඇති භාණ්ඩවල මිල ගණන් ආදිය හඳුනා ගැනීමට ටැග් කියවිය හැකි app එකක්, Electrifize යනුවෙන් නම් කල විද්‍යුත් උපාංග භාවිතා කරන ප්‍රමාණයන් දැනගෙන තමාගේ මාසික විදුලි බිල පාලනය කල හැකි නව තාලයේ කෙවෙනියක්, Trawater නම් ජලයේ Ph අගය ගණනය කල හැකි app එකක් හා තවත් නිර්මාණ රැසක් දකින්නට ලැබුණා.

2017 imagine cup සඳහා පෙළගැසෙන ඔබට ඔබේ නිර්මාණාත්මක අදහස තවත් වැඩිදියුණු කර ගන්නට දැන් අදහසක් ලැබෙන්නට ඇති. 2016 වසරේ ඉදිරිපත්වූ සියලුම කණ්ඩායම් හා නිර්මාණ ගැන මීට පෙර අපි ලිපි පෙළක් ඉදිරිපත් කර තිබෙනවා.

එසේම මෙම වසරේ මේ සඳහා ඉදිරිපත්වන ඔබට තරගයට ඇතුලත් වන ආකාරය මෙම ලිපියෙන් දැන ගන්න පුළුවන්.

2017 Imagine Cup සඳහා ඉදිරිපත් වන windows geek පාඨක ඔබට අපේ සුභ පැතුම්.

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY