AI ඉගෙනගන්න ආසයිද? එහෙනම් කියවන්න

AI ඉගෙනගන්න ආසයිද? එහෙනම් කියවන්න

1650
0
SHARE

AI එහෙමත් නැත්නම් කෘතීම බුද්ධිය ඉගෙනගන්න අපි කව්රුත් කැමතියි. මේකට අපි එක එක විදිහේ ක්‍රම පාවිච්චි කරනවා. අපි දන්නා online tutorials තියෙන වෙබ් අඩවි ගණනාවක් තිබෙනවා Udemy, Udacity, Tutorialspoint වගේ දැනට ලෝකයේ ප්‍රචලිත tutorials අතරට Microsoft එකතු වෙනවා AI category එකෙන්. මේ කියන්න හදන්නේ Microsoft Professional Program in AI ගැන. Microsoft ලෝකයට අවශ්‍ය දේවල් අදාල කාලයට ලබාදුන්න ආයතනයක්. ලෝකයම මේ වෙද්දී තේරුම් අරන් ඉවරයි ලෝකයට තවත් AI Engineersල අවශ්‍යයි කියන දේ. මේක නිසයි Microsoft ආයතනය Professional Program in AI ආරම්භ කිරීමට තීරණය කළේ.

Microsoft Academy එකේ Professional Program එක ඔබ විසින් බැලිය යුතුම program එකක්. දැනට ලෝකයේ පවතින core technologies වලට අවශ්‍ය වෙන විදිහේ skills ඉගෙනගන්න පුළුවන් courses collection එකක්. පුද්ගලයෙක් මේක කල යුත්තේ ඇයි කියල ඇහුවොත්, කරන්න කියන්න ප්‍රධානම හේතුව තමයි අපිට කෙනෙක්ගෙන් ඉගෙනගන්න ඕනේ, ඒත් ඒ තරම් පිළිවෙලට කියල දෙන්න කෙනෙක් හොයාගන්න නොමැති වීම. දන්න කෙනා කියාගන්න දන්නේ නැහැ. නැත්නම් වෙලාවක් නැහැ. ඔබට තිබෙන දැනුම ගැන මිනුමක් ගන්න ක්‍රමයක් නැහැ. මේ වගේ ගැටළු නිසයි Microsoft Academy එක ඔබට ඉගෙනගන්න නිවැරදි තැන වෙන්නේ.

 

මේ මුළු course එකම මොඩියුල 10කින් සමන්විත වෙනවා. මේ හැම එකක්ම පැය 8ක් හා පැය 16ක් අතර කාලයකදී ඉවර කරන්න පුළුවන්. computer vision, data analysis, speech recognition හා natural language processing වගේ පැති ගණනාවක් මේ තුලින් cover වෙනවා. ඒ වගේම තවත් වැදගත් කරුණක් කියන්න ඕනේ. මෙය ඔබ වෙත ලැබෙන්නේ නොමිලේ නම් නෙමෙයි. Microsoft Academy එක බලාපොරොත්තු වෙනවා මේ තුලින් professionalsලා ම තමන්ගේ අරමුණ කරගන්න.  Google Courses ගැන ඔබ අවධානයෙන් සිටියානම් ඔබේ ඇස ගැටෙවී ඒවා Professional Developersලා වෙනුවෙන් ගොඩනැගුනු ඒවම නොවන බව. ඒ Courses ආරම්භ වෙන්නේ සරලම තැනින්. ඒ වගේම සැලකිය යුතු කරුණු ගණනක් දක්වා මෙය ගිහින් එතනින් අවසන් වෙනවා. හුගක් වෙලාවට IT Industry එක බලාපොරොත්තු වෙන තරම් මේ තුලින් ලැබෙනවද කියන දේ ප්‍රශ්නාර්ථයක්. ඒක නිසා වෙන්න පුළුවන් Microsoft Academy එක මේ සරල පියවර පසු කරන් ගිහින් තරමක් සංකීර්ණ පියවරක් කරා එළඹෙන්නට ඇත්තේ. Microsoft Professional Program for Data Science, මුළු course එකම $990ක් වෙනවා.

AI ඉගෙනගන්න කලින් දැනගෙන ඉන්න ඕනේ දේවල් තිබෙනවද? ඔබට අනිවාර්යෙන්ම Microsoft Account එකක් තිබිය යුතු වෙනවා. ඒ වගේම Fundamental Mathematical දැනුමක් පැවතිය යුතු වෙනවා. Programming Concepts පිළිබඳව basic knowledge එකක් තියෙන එකත් වැදගත් වේවි. Hardware පිළිබඳව වද වෙනවනම් ඔබට අවශ්‍ය වෙන්නේ Windows Mac හෝ Linux පරිගණකයක් පමණයි. මෙතන ලින්කුවෙන් වැඩිදුර විස්තර ලබාගන්න පුළුවන්.

නැවත හමුවෙමු…

Source:https://www.theverge.com/2018/4/3/17193302/microsoft-ai-machine-learning-course-professional-program-paid

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY