Project Honolulu , Windows Admin Center බවට පත්වෙයි.

Project Honolulu , Windows Admin Center බවට පත්වෙයි.

1796
0
SHARE

Project Honolulu විදිහට මෙතෙක් කල් Microsoft අය සිදු කරපු ව්‍යාපෘතිය Windows Admin Center විදිහට නිල වශයෙන් ප්‍රකාශයට පත් කළා. Windows Admin Center ඇත්තටම Centralized Hub එකක්. තවත් විදිහකට කියනවනම් lightweight, browser-based GUI platform and toolset එකක්. IT Admin අය පාවිච්චි කරන console ගණනාවකින් මේක සමන්විත වෙනවා. Event Viewer, Device Manager, Disk Management, Task Manager, Server Manager වගේ සේවාවන් ගණනාවක් මේ තුලින් ඉතා පහසුවෙන් ලඟා කරගන්න පුළුවන්. සරලවම කිවුවොත් Windows Server හා Windows 10 Deployment වල කළමනාකරණය තවත් පහසු කරන්න.

මේ web-based administration tool එකේ වැදගත්කම තමයි, මේකේ අඩංගු වෙන features. ඒ තමයි Certificates, Devices, Events, Files, Firewall, Local Users & Groups, Network, PowerShell, Processes, Registry, Remote Desktop, Roles & Features, Services, Storage, Storage Replica, Virtual Machines, Virtual Switches, Windows Updates කියන ඒවා. තවත් එක හැකියාවක් තමයි Microsoft Windows Server කළමනාකරණය කර ගැනීමේ හැකියාව. ඒ servers අතරට 2012, 2012R2, 2016 හා 2016 version 1709 ඒවා තමයි අයිති වෙන්නේ.

මේක අපේ පරිගණක වලට install කරන්න පුලුවන්ද?  Windows 10Windows Server 2016, or Windows Server 2016 version 1709 කියන  operating system වලට මේක install කරන්න පුළුවන්. 30mb වගේ බොහොම පොඩි MSI එකක් තමයි මේකට යන්නේ. මේ සේවාව තනිකරම Browser based යන්නේ. මේ සේවාවට Chrome Browser එක වගේම Microsoft Edge Browser එක පවා යොදාගන්න පුළුවන්. Microsoft ආයතනයේ මුලික අරමුණ වෙන්නේ Windows Server 2019 මේකත් එක්කම දෙන්න.

ඔබටත් අවශ්‍ය නම් මෙය ලබාගන්න මෙතන ලින්කුවට යන්න.

නැවත හමුවෙමු…

Source : https://www.neowin.net/news/microsoft-gives-project-honolulu-a-name-windows-admin-center

 

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY