Continuum සමඟින් එන Acer Windows 10 ‘Pocket PC’ Smart Phone එක

Continuum සමඟින් එන Acer Windows 10 ‘Pocket PC’ Smart Phone එක

3026
1
SHARE

ඉකුත්දා Beriln හි පැවති IFA Trade Show හිදී Acer සමාගම විසින් නවතම Smart Phone එකක් හෙලි කරනු  ලැබූවා මේ Smart Phone එක නමින් Jade Primo වන අතර එහි කැපීපෙනෙන ලක්ෂණයනම්  Smart Phone එක සමඟ එන Continuum feature එක එනම් ඔබේ Smart Phone ය PC එකක් බවට පහසුවෙන් හැරවිය හැකියාව මෙහි අන්තර්ගතව තිබීමයි. මෙහි Tag line එක වන “Your pocket PC ” මඟින්ම මේ පිළිබඳ ඔබට හැගෙනු ඇති.

මේ Smart Phone එකේ Specification ගැන සැලකීමේදී අගල් 5.5 ක AMOLED තිරයක්ද, Snapdragon 808 ප්‍රොසෙසරයක්ද, Megapixel 21 පසුපස කැමරාවක්ද, Megapixel 8 ක Selfie කැමරාවකින්ද සමන්විතවේ.

මෙහි ඇති මේ Continuum feature එක නිසාවෙන් මේ  Phone එකට ඉතා ඉහල අලෙවියක් ලැබෙනු ඇතිබවට Acer සමාඟම අපේක්ෂාවෙන් සිටී.

acer-jade-primo-01_story
Continuum සමඟ එන මේ Phone එක භාවිතයෙන් ඔබට Smart Phone එක සමග Mouse,Keboard එකක් හා Display එකක් සම්බන්ඳ කල හැකිබව නොරහසකි. ඉතින් Acer සමාඟම  සැරසෙන්නේ Jade Primo Smart Phone එක සමඟ Mouse,Keboard හා Disaply එක bundel කර ලබාදීමටයි. මේ සියල්ල Connect කිරීමට තවත් අමතර සගයෙක් අවශ්‍යවේ එනම් Continuum Docking Station උපාංගයයි. මේ Jade Primo එක සමග මේ Docking Station උපාංගයද ලබාදීමට නියමිත බව ඔවුන් විසින් පවසා සිටියා.

කෙසේ වෙතත් මේ පිළිබඳ මිලගනන් නම් තවමත් Acer සමාඟම විසින් ප්‍රකාශයට පත්කර නොමැත. ඒපිලිබඳ තොරතුරු ලැබුන සැනින් අප ඔබ වෙත දැනුදීමට බලාපොරොතුවෙන් සිටිමු.

 

Comments

comments

1 COMMENT

LEAVE A REPLY