AI එක්ක නැගිටින Microsoft Teams

AI එක්ක නැගිටින Microsoft Teams

1812
0
SHARE

ඔබ දිගටම Windowsgeek ලිපි කියවන්නෙක් නම් ඔබට මේ වෙද්දී Microsoft Teams ගැන පැහැදිලි වැටහීමක් ඇති. Workplace එකක chats notes, presentations, attachments ඔක්කොම එකට එකතු කරලා ඒකට වචනයක් කියනවනම් ඒ තමයි Microsoft Teams.

ඉස්සරම මේ Work Space Communication වලට තිබුනේ Slack application එක. මේ තනි බලය කඩන්න Bill Gates තමයි කිවේ අලුත් එකක් හදමු කියන කරුණ. මේ නිසා Skype for Business ගොඩ නැගුනත්, පසුව 2016 අවසානයේදී Microsoft මේ අලුත් යාළුවගේ ආගමනය නිවේදනය කළා. Teams පහසුකම, Messaging පහසුකම, Meeting, Education Facility, Video call පහසුකම වගේ දේවල් එක්ක තාක්ෂණික ලෝකයට ආපු Microsoft Teams අද වෙනකොට Microsoft office365, MacOS Office365, iOS: iTunes app store එකේ තියෙන Microsoft app  , Android:  Google Play එකේ තියෙන Microsoft app එක, Windows 8 Phone එක වගේම Windows 10 Mobile එක මේ වෙද්දී තාක්ෂණික ලෝකය වෙත පැමිණිලා හමාරයි.

අපි මුලින් කතා කලේ Microsoft Teams කියන්නේ මොකක්ද? මොකටද පාවිච්චි වෙන්නේ කියන කාරණාව. ඔබත් ආයතනයේ Conference Calls ගන්න කෙනෙක්නම් වටපිටාවේ වෙන සිද්ධි ඔබේ සේවා දායකයට පෙනෙන එක වලක්වන්න බැහැ. නමුත් මේ සිදුවීම් පෙන්වන්නේ නැතුව කෙලින්ම අදාල කරුණම ඉලක්ක කරන්න පුලුවන්නම් ඒක පාර්ශව දෙකටම පහසුවක්. AI-powered Background Blur feature කියන්නේ Microsoft Teams තුලින් එන අලුත්ම feature එක.

ඉහත ඔබට දකින්න ලැබෙන්නේ මම කිවුව කරුණෙන් කියවුනේ මොකක්ද කියන දේ. සමහර ජංගම දුරකථන වල වගේම සමහර web cam වල පවා මේ සේවාව අන්තර්ගත වෙනවා. නමුත් ඔබට Video Conference එකක් පවත්වන වෙලාවට මේ වගේ අනවශ්‍ය hardware සොයමින් කරදර වෙන්න ඕනේ වෙන්නේ නැහැ. ඔබේ ආයතනයත් මිට පෙර Slack පාවිච්චි කරලා මේ වෙද්දී අලුත් විසදුමකට යන්න අදහස් කරගෙන ඉන්නවනම් මම ඔබට Microsoft Teams මෘදුකාංගය recommend කරන්න කැමතියි.

නැවත හමුවෙමු…

Source:https://www.microsoft.com/en-us/microsoft-365/blog/2018/09/24/10-new-ways-for-everyone-to-achieve-more-in-the-modern-workplace/

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY