Amir Netz -ඩීජිටල් රත්තරං සොයා

Amir Netz -ඩීජිටල් රත්තරං සොයා

2736
0
SHARE

වීඩියෝ එක බලද්දී හිතුනද “Wow! එයානම් මාරයි” කියලා?

මේ 2013 World Partner Conference එකේදී දහස් ගණනක නරඹන්නන් පිරිසක් ඉදිරියේ Office 365 සඳහා Power BI හඳුන්වා දුන් අවස්ථාවක්. ඔහු ඉතා උද්යෝගිමත් ලෙස සහ ඉතා විනෝදකාමී ලෙස ප්‍රේක්ෂකයන්ගේ අවධානය දිනාගන්නවා. Power BI හි data visualization features වලින් Elvis Presley සිට Rihanna දක්වාම Pop ගීත 50කටත් අධික ප්‍රමාණයක් මොහු මේ වෙලාවේ විෂ්ලේශණය කරනවා. Nelly ගේ ගීත ගැන: “මගේ ලමයිනම් කැමතියි. ඒත් මට ඒවා අහද්දී ඇහැරිලා ඉන්න ටිකක් අමාරුයි.” මේ වෙලාවේ ඔහු කියනවා.

ඒක Presentation එකක් කියනවාටත් වඩා stage concert එකක් කියලා හඳුන්වන එක වඩාත් සුදුසුයි කියලා හිතෙනවා. මොකද ඔබ දකින්න ඇති එය ප්‍රේක්ෂකයන්ගේ ප්‍රීති ඝෝෂා මැදින් “Thank you, Rihanna! Thank you, Power BI! Thank you all!” කියා කෑගසා අවසන් වූ ආකාරය.

Netz තමන්ගේ වැඩ ගැන තරමක් ආඩම්බරෙන් ඉන්නේ. මොකද ඔහු Power BI වෙනුවෙන් වැඩ කරද්දී Power Pivot සහ Excel හි Power view වැනි බොහෝ වැඩ ප්‍රමාණයක් සඳහා දායක වෙන්න අවස්ථාව ඔහුට ලැබුනා. ඔහු Designing වැඩ වලටත් කැමතියි. ඔහු පවසන පරිදි “Designing කියන්නේ ටිකක් පරක්කු වෙලා හම්බ වුන මගේ ඇඟේම තියන දෙයක්.” නමුත් ඔහු data එක්ක සෙල්ලම් කරන්නයි වඩාත්ම කැමති.

Netz කියන විදිහට “Business Intelligence කියන්නේ මිනිස්සුන්ට data ටිකක් බලලා යමක් තේරුම් ගැනීමට හැකි වීමයි. Company එකේ මොනවද වෙන්නේ, වෙළඳපොල මොන අතටද යන්නේ, තව වැඩි කරගන්න පුලුවන් අවස්ථා මොනවද, සැඟවිලා තිබුන අවස්ථා මොනවද යන්න තේරුම් ගැනීම සහ වැදගත්ම දේ තමයි ඒවාට ක්ෂණිකව ප්‍රතිචාර දක්වා ඒ පරිසරයට හැඩගැසීම”.

බොහෝ Companies වලට BI කියන්නේ නිධානයක් වගේ. මේකෙන් company එකේ අනාගතේ සම්පූර්ණයෙන් වෙනස් කරනවා. ඒ වුනාට මේ නිධානය හාරන්න මෙවලම් ඔබ ලඟ නැත්නම් ඒකෙන් කිසිම වැඩක් වෙන්නේ නැහැ. BI ඒ සඳහා සියල්ල සපයනවා: පොළව හාරන්න සවලක්, ගල් බිඳින්න මිටියක්, නොවටිනා ගල් වලින් වටිනා ගල් වෙන් කරගැනීමට හලනයක්. ඔහුගේ BI වැඩ වලින් රන් නිධියකට ගැලපෙන මෙවලම් ටික සුපිරියටම හදාගෙන ඉන්නේ.

Ariel Netz ඔහුගේ සහෝදරයයි. දෙන්නම එකට company එකක් ආරම්භ කලා. දැන් Microsoft එකේ වැඩ. ඔහු කියන විදිහට “Amir කියන්නේ මං දන්න අති දක්ෂයින්ගෙන් එක්කෙනෙක්. යමක මුළු රාමුවම දකින්න ඔහු දක්ෂයි. ගැටළුවක් එන්න පුලුවන් තැනක් තිබුනොත් එතන හිර වෙලා ඉන්නේ නැහැ. ඔහු එක්ක වැඩ කරන එක හරිම නිදහසක්. මොකද වැඩේ වරදින එක ඔහු පීඩනයක් කරන්නේ නැහැ”.

up_close_smile

Netz ඉපදුනේ ඊශ්‍රාලයේ Giv’atayim නම් නගරයේ සාමාන්‍ය පවුලකයි. පියා සොල්දාදුවෙක් සහ මව ගුරුවරියක්. Netz තම කුඩා කාලය ගැන ඉතා සතුටින් මතක් කරයි, “ඒ ඊශ්‍රාලයනම් දැන් එකට වඩා ගොඩාක් ගොඩාක්ම වෙනස්. ඒක කිසිම හෙවනක් නැති ජිවිතයක්. අපි වීදී දිගේ නිමක් නැතුව දිව්වා. අපි හැම තැනම සෙල්ලම් කලා. සමහර දවස් වල අපි තවත් ලමුන් 20ක් පමණ එක්කරගෙන ගිහින් ඉවක් බවක් නැතුව මහ රෑ වෙනකන් සෙල්ලම් කරනවා. ඒ වගේම ඒ කාලේ ඒකට අවසර තිබුනා. අද, අපේ දෙමව්පියන්ව අත් අඩංගුවට ගන්න වුනත් ඉඩ තියනවා දරුවන්ව නොසලකා හැරියා කියලා එහෙම කලොත්. ඒ තමයි ඒ කාලේ හැටි”.

මුල් කාලයේමයි ඔහු පරිගණක ගැන තියන උනන්දුව පෙන්නුවේ. “වයස අවු: 10දී punch cards යොදාගෙන එක්තරා විශ්ව විද්‍යාලයක පලමු Fortran program එක කලා.” එය මතක් කරන විට ඔහුට සිනහවක් එයි.

Amir ගේ දෙමවුපියන් මොහුගේ රටාව නිසා දිරිමත් වුනා. ඔහු පන්තියේ කැපී පෙනුන ශිෂ්‍යයෙක් නෙමෙයි. අවු: 16 දී පාසලෙන් ඔහුව පන්නා දැම්මා. දෙමවුපියන් හිතුවා මේකෙන් ඔහු නව මාවතකට යොමු වෙයි කියලා. ඒ නිසා ඔහුට වාසනාව ගෙනත් දුන්න ඒ ආම්පන්න ටික ලබා දෙන්න ඔවුන් තීරණය කලා.

“PC විප්ලවය පටන් ගද්දිම මටත් තේරුනා ඒවායෙන් එකක් මටත් අවශ්‍ය බව. ඒ ’80 ගනන් වල මුල් කාලයේ. ඔන්න ඉතින් මිල දී ගන්න පුලුවන් විදිහක PC එකක් අවා: Sinclair Z80 ඒක ඉතා කුඩා පරගණකයක්. පවුම් 100ක් වුනා ඒ දවස් වල. ලොකු ගානක් තමයි, ඒත් ඒක දරන්න පුලුවන් මිලක්.”

Amir_Young

“මගේ දෙමවුපියන් හරිම සකසුරුවම් විදිහට වියදම් කරන දෙන්නෙක්. ඉතින් සල්ලි ඉල්ලද්දි මට ටිකක් හිතන්න වුනා. නමුත් ඉතා පුදුමසහගත දෙයක් වුනේ. මම Sinclair එක ඉල්ලද්දි මට ඒ වෙනුවට ලැබුනේ ඒ දින වල තිබූ මිල අධිකම PC එකයි; Apple II, disc drives 2ක් සහ matrix Epson ප්‍රින්ටරයක් සමඟ. මෙය වෙන්න ඇති ඔවුන් ජිවිත කාලෙටම ගත් මිල අධිකම දේ. ඔවුන් හිතුවේ ඒ දේ කරන්නේ මං වෙනුවෙන්නම් ඒ තීරණය ගැන දෙවරක් හිතන්න දෙයක් නෑ කියලයි”.

ඔහු පරිගණකයත් සමඟ පිස්සුවෙන් වගේ වැඩ කරන්න පටන් ගත්තා. කොටින්ම කියනවනම් පාසල් නොයා මාස 3ක් ගෙදර නැවතිලා හිටියා code කරන්න. උසස් පාසලෙන් මොහුව නෙරපා දැමූ කාලය ලොකු වෙනසක් කලා. සියලු කරදර වලින් මිදුන මේ ශිෂ්‍යයා තමන්ගේම කියලා software එකකටත්, ව්‍යාපාරයකටත් උරුමකම් කියනවා.

“මං මගේම word processing software එකක් හැදුවා. ඊශ්‍රාලයේ හැම දේම යන්නේ දකුණේ සිට වමට. ඉතිං word processing software එක ඊශ්‍රාලයට හරි ගියේ නෑ. මං අළුතෙන්ම එකක් හැදුවා”.

” මට අවුරුදු 16දීමයි තේරුනේ software hacking කියන්නේ හොඳ දෙයක් නොවන බව. කාගේ හරි බුද්ධිමය දේපළක් සොරකම් කරනවා කියන එකේ ගැටළුවක් තියනවා”

playing_pool

“ඊශ්‍රාලයේ ප්‍රචණ්ඩත්වය කියන්නේ සාමාන්‍ය දෙයක්. අපි හැමෝම ස්වභාවයෙන්ම ප්‍රචණ්ඩයි. කාගේ හරි අවධානය ඔබට අවශ්‍යනම් කෑගසන්න. විනීතබව එහේ දුර්වලකමේ ලකුනක්. ඒත් මට මෙහෙට ආවට පස්සේ තේරුනා ඊශ්‍රාලයේ කරපු දේවල් මෙහෙ කරන්න බෑ කියලා.”

“Amir ඕනෑම ප්‍රශ්නයක් කුඩා කොටස් වලට කඩාගෙනයි ඒ ගැන කතා කරන්න පටන් ගන්නේ. ඔහුට එතරම් තරහ යන්නේ නැහැ. ඔහු සැරෙන් කතා කරනවා මං අහලා නැති තරම්” Ariel Netz පවසයි.

අද, Amirගේ සතුට තම කාර්යාලයෙන් එහා ගොස් තියෙන්නේ. ඉතා සතුටින් පවුල් ජිවිතයක් ගත කරන ඔහු දරුවන් 4 දෙනෙකුගේ පියෙක්. ඒ ගැන ඔහු පවසන පරිදි, “three boys and a princess”. ඒ වගේම පොත්ගුල්ලෙක්, ක්‍රීඩකයෙක්. “ලමයින්ට soccer play කරන්න කියලා දෙන්න මම හරි කැමතියි. එයින් ශාරීරිකවත් යමක් ලැබෙනවා. නමුත් මම ගැඹුරු මුහුදේ කිමිදෙන, උඩු ගුවනෙන් පහලට පනිනවා වගේ භයානක දේ කරන කෙනෙක් නෙමෙයි. මගේ ත්‍රාසය තියෙන්නේ වැඩ වලයි.”

ඇත්තෙන්ම ඒ ත්‍රාසය තියෙන්නේ ඔහු වැඩ කරන දත්ත වල නෙමෙයි, ඔහුගේ පරිගනක වලට තියන ආශාවෙත් නෙමෙයි. එය මුල් බැසගෙන තියෙන්නේ මිනිසුන්ගේ ප්‍රශ්න සහ අවශ්‍යතා හඳුනාගෙන ඒවා වේදිකාවට ගන්න ඔහු දරන උත්සාහයෙයි.

There are action movies in theaters But that contain less action than Netz’s presentations

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY