Assassin’s Creed: Syndicate ඔක්තෝම්බර් 23 නිකුත්කෙරේ

Assassin’s Creed: Syndicate ඔක්තෝම්බර් 23 නිකුත්කෙරේ

10108
0
SHARE

Ubisoft ලගේ විශාලම Action Game Series එකක්වන Assassin’s Creed Series එකේ මීලඟ Game එක මේ ඔක්තෝබර් 23 Xbox One, PlayStation 4 සහ PC සඳහා නිකුත්කරනවා.

මේ තියෙන්නේ Game  එකේ Trailer එක.

මේකෙ තියෙන්නෙ 1868 වික්ටෝරියා රැජිනගේ කාලෙ කතාවක්.මේ Game එක හදලා තියෙන්නේ Ubisoft Quebec Studio එකේ.මේ Game එක තනි ක්‍රීඩකයෙක්ට විතරයි ක්‍රීඩා කරන්න පුළුවන්.ඒත් මේ Game එකේදි චරිත 2ක් අපට පාලනය කරන්න පුළුවන් ඒ Twins Jacob හා Evie Fry විදිහට.ඒත් මේ Preview වල එක්කෙනෙක්ගේ Features විතරයි පෙන්වලාදීලා තියෙන්නේ.

Assassin’s Creed : Syndicate එකේදී ඔයාලට මේ Game එක Play කරන්න වෙන්නේ Jacob Frye විදිහට ,කාර්මික විප්ලවය කාලේ ලන්ඩන්වල පාතාලයේ මිනීමරුවෙක්. වැඩකරන පන්තියෙ ජනතාව හා අළුතෙන් කිරුලු පලඳින රජු අතර ගැටුම් වර්ධනයවෙනවා. Jacob පාතාලයේ ඉහලටම යනවා ඒවගේම නගරයක භයානකම ක්ල්ලියක නායකයෙක් වෙනවා.

IGN එකේ කියනවිදිහට වික්ටෝරියා රැජිනගෙ කාලේ හිටපු Charles Dickens සහ Charles Darwin කියන අයත් මේ Game එකේදි ඉන්නවා. 2014 දි ආපු Assassin’s Creed : Unity ඒකවගේ තවත් 30% විශාලයි මේ Game එක.ඒවගේම මේ Game එක අතරතුරදී බෝට්ටු කෝච්චි ඒවගේම අශ්ව කරත්ත පදින්නත් වෙනවා.

Game එක Play කරන Video එකක්.

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY