Azure සමගින් Artificial Intelligence – part 02

Azure සමගින් Artificial Intelligence – part 02

1478
0
SHARE

Artificial Intelligence කියන්නේ මොකක්ද කියලා වගේම AI තාක්ෂණයේ ප්‍රධානම ආකාර කීපයක් ගැන මීට පෙර ලිපියෙන් අපි කතා කලා.මෙතනින් ඒ ලිපිය කියවන්න .තවත් AI තාක්ෂණයන් කීපයක් ගැන මේ ලිපියෙන් විස්තරාත්මකව ඔබට දැනගන්න පුළුවන්

Natural Language Processing

Natural language processing (NLP) කියන්නෙ ඇත්තටම මිනිස් භාෂාව , ලිඛිතව හෝ වාචිකව හඳුනාගන්න පුළුවන් තාක්ෂණයක්. උදාහරණ විදියට කිව්වොත් documents, emails වල තියෙන text විශ්ලේෂණය කරලා ඒවායේ තේරුම මොකද්ද කියලා හඳුනාගන්න මේ NLP යොදාගෙන හදපු software එකකට හැකියාව තිබෙනවා, ඊට අමතරව ලිඛිතව හෝ වාචිකව තිබෙන වාක්‍ය එක් භාෂාවකින් තවත් භාෂාවකට translate කරන්නත් හැකියාව තිබෙනවා. Starship Commander කියන්නේ මේ NLP යොදාගෙන නිර්මාණය කෙරුනු virtual reality (VR) game එකක්, පහළ වීඩියෝව මගින් මේ ගැන හොඳ අදහසක් ගන්න පුළුවන්

අපට අවශ්‍ය විදියට NLP මගින් software නිර්මාණය කරන්න අවශ්‍ය නම් Microsoft Azure වෙතින් ඒ සඳහා සුදුසු cognitive services  කිහිපයක්ම ලබාදෙනවා.

Service Capabilities
Text Analytics Text documents විශ්ලේෂණය කිරීමට සහ ප්‍රධාන වාක්‍ය ඛණ්ඩ උපුටා ගැනීමට, entities හඳුනා ගැනීමට (ස්ථාන, දින සහ පුද්ගලයින් වැනි) සහ හැඟීම් තක්සේරු කිරීමට (ලේඛනයක් කෙතරම් ධනාත්මක හෝ සෘණාත්මකද) මෙම සේවාව භාවිතා කරන්න.
Translator Text භාෂා 60 කට වැඩි ප්‍රමාණයක් අතර පරිවර්‍තනය කිරීමට මෙම සේවාව භාවිතා කරන්න.
Speech කථනය හඳුනා ගැනීමට සහ සංස්ලේෂණය කිරීමට මෙන්ම  කථන භාෂා පරිවර්තනය කිරීමට මෙම සේවාව භාවිතා කරන්න.
Language Understanding Intelligent Service (LUIS) කථන හෝ text-based command තේරුම් ගත හැකි භාෂා ආකෘතියක් පුහුණු කිරීම සඳහා මෙම සේවාව භාවිතා කරන්න.

 

 AI system  එකක් සමග NLP භාවිතා කරන්න පුළුවන් ආකාරය ගැන ඔබටම අත්විඳින්න මේ ලින්ක් එකට යන්න. මේ  demo interface එකෙන් virtual home එක control කරන්න ඔයාට commands යොදාගන්න පුළුවන්. හරිම Interesting වැඩක්. try කරලා බලන්න.

Conversational AI

AI agents මිනිසුන් සමග සංවාදයක් කෙරෙන එහෙම නැත්තම් මිනිසුන් සමග තවත් මිනිසෙක් මෙන් කතා කරන්න පුළුවන් bots/ AI agentsලා නිර්මාණය කෙරෙනු software වලට,..  මේ තාක්ෂණයට Conversational AI කියන term එක භාවිතා වෙනවා. ඔබටත් මෙවැනි bots ලා  ඕනෑතරම් හමුවී ඇති, web site interfaces, email, social media platforms, messaging systems, phone calls වගේ තවත් බොහොමයක් ආකාර වලින් මේ bots ලා හමුවී ඇති.

ඇත්තටම මේ bots ලා ක්‍රියාත්මක වන ආකාර එහෙම නැත්නම් ඔවුන්ගෙන් ලබාගන්න පුළුවන් සේවාවන් ආකාර විශාල ප්‍රමාණයක් තිබෙනවා. ඒ අතරින් products හෝ services සඳහා Customer support ලබාදීම , appointment මුලික වුනු ආයතන (restaurants, airlines, cinemas) සඳහා Reservation systems, personal digital assistants (Siri , Alexa ) වගේ දේවල් අපිට නිතරම මුණගැසෙන දේවල් වෙනවා.

පහල වීඩියෝව මගින් විවිධ ආයතන මේ AI තාක්ෂනය යොදාගන්නා ආකාරය ඔබට දැකගත හැකිවේවි.

Microsoft Azure මගින් ඔබට ලබාදෙන මේ services මගින් ඔබට අවශ්‍ය ආකාරයට conversational AI solutions නිර්මාණය කරගන්න පුළුවන්.

Service Capabilities
QnA Maker මෙම cognitive සේවාව මගින්  කෙටි කාලයක් තුල මිනිසෙකු සහ  AI agent කෙනෙක් අතර සංවාදයක් ගොඩනැගීමට අවශ්‍ය වන ආකාරයේ මුලික ප්‍රශ්න සහ පිළිතුරු ඇතුළත් knowledge base එකක් නිර්මාණය කරගත හැක 
Azure Bot Service මෙමගින් ඔබට bot කෙනෙක් නිර්මාණය කොට publish කිරීමට අවශ්‍ය පහසුකම් ලබාදෙන අතරම Bot Framework එක භාවිතා කිරීමෙන් bot නිර්මාණයටද Azure Bot Service මගින් එය manage කිරීමට එනම් QnA Maker සහ LUIS වැනි back-end services සම්බන්ධ කිරීම සිදු කල හැක 

 

මෙතනින් ඔබට Azure මගින් නිර්මාණය කෙරුණු healthcare bot දැකගන්න පුළුවන්.ඒ වගේම chat කරන්නත් පුළුවන්  

AI භාවිතයේ අභියෝග සහ අවදානම්

Artificial Intelligence කියන්නේ බොහොම ප්‍රයෝජනවත් බලසම්පන්න tool එකක් කීවොත් නිවැරදියි. නමුත් අනෙකුත් ඕනෑම දෙයක වගේම AI භාවිතයේත් අභියෝග සහ අවදානම් තිබෙනවා. ඒවා හඳුනාගෙන නිවැරදිව භාවිතා කිරීම කලයුතු වෙනවා.

AI application developer කෙනෙක්ට මුහුණ දීමට සිදුවෙන වැදගත් අභියෝග සහ අවදානම් කිහිපයක් පහතින් දක්වා තිබෙනවා.

අභියෝගය හෝ අවදානම උදාහරණ 
Bias can affect results ණය අනුමත කිරීමේ ආකෘතියක් පුහුණු කරන ලද දත්ත වල පක්ෂග්‍රාහීභාවය හේතුවෙන් ස්ත්‍රී පුරුෂ භාවය අනුව වෙනස් කොට සැලකීම සිදුවිය හැක
Errors may cause harm ස්වයංක්‍රීය වාහනයක් පද්ධති බිඳවැටීමකට මුහුණ පා ගැටීමක් ඇති වීම සිදුවිය හැක  
Data could be exposed අනාරක්ෂිත ලෙස ගබඩා කර ඇති සංවේදී රෝගී දත්ත උපයෝගී කරගනිමින් වෛද්‍ය රෝග විනිශ්චය බොට් එකක් පුහුණු කිරීම
Solutions may not work for everyone දෘශ්‍යාබාධිත පරිශීලකයින් සඳහා නිවසේ automation assistant විසින්  audio output ලබා නොදීම
Users must trust a complex system AI මත පදනම් වූ මුල්‍ය මෙවලමක් ආයෝඡන නිර්දේශ කරයි – ඒවා පදනම් වන්නේ කුමක් මතද? 
Who’s liable for AI-driven decisions? facial recognition මගින්  ලැබෙන සාක්‍ෂි මත නිර්දෝෂී පුද්ගලයෙකු වරදකරුවෙකු වේ – වගකිව යුත්තේ කවුද?

 

Artificial Intelligence සමග මුසුවුනු වගකීම් 

AI Applications නිර්මාණය කිරීමේදී වඩාත් සැලකිලිමත් විය යුතු කාරණා බොහොමයක් තිබෙනවා, මේ සෑම application එකක් මගින්ම ලබාදිය යුතු සේවාව වඩාත් නිවැරදි වගේම අයහපත් අතුරු ප්‍රතිපල අඩංගු නොවිය යුතුයි. මේ සඳහා Microsoft මගින් principles/ ප්‍රධාන මුලධර්ම 6ක් අනුගමනය කරනවා. ඒවා එකින් එක විමසා බලමු

Fairness – සාධාරණ බව

AI systems මගින් සෑම පුද්ගලයෙකුටම එක හා සමානව සැලකිය යුතු වෙනවා, උදාහරණයක් වශයෙන් loan එකක් approve කරන system එකක් නම් මිනිසුන්ගේ ජාතිය, වයස, ලිංග භේදය වැනි අසමානකම් නොසලකා හැරිය යුතු වෙනවා.

සාධාරණත්වය සඳහා සලකා බැලීම් පිළිබඳ වැඩි විස්තර සඳහා පහත වීඩියෝව බලන්න.

Reliability and safety – විශ්වසනීයත්වය සහ ආරක්ෂාව

AI systems මගින් වඩාත් නිවැරදිව සේවාව සැපයිය යුතු වගේම එය වඩාත් විශ්වාසවන්ත විය යුතුයි. උදාහරණයක් ලෙස රෝගීන්ගේ රෝග නිශ්චය කරන system එකකට වැරදීම් සිදු නොවිය යුතුයි, ඒ වගේම ස්වයංක්‍රීය වාහන මගින්ද මෙලෙස වැරදීම් සිදු නොවිය යුතුයි. මෙවැනි එක් වැරදීමකින් තවත් මිනිසෙකුගේ ජිවිතයක් පවා අහිමි විය හැකියි .

විශ්වසනීයත්වය සහ ආරක්ෂාව සඳහා සලකා බැලිය යුතු කරුණු පිළිබඳ වැඩි විස්තර සඳහා පහත වීඩියෝව බලන්න.

Privacy and security – පෞද්ගලිකත්‍වය සහ ආරක්‍ෂාව

AI models train කිරීමේදී අති විශාල දත්ත ප්‍රමාණයක් භාවිතා වෙනවා, මේ අතරේ ඉතාම පෞද්ගලික දත්ත තිබෙන්න පුළුවන් වගේම ඒවා ඉතාම ආරක්ෂිතව තබාගත යුතු වෙනවා. AI systems මගින් predictions/ අනාවැකි පල කිරීමේදී මෙම දත්ත යොදා නොගත යුතු අවස්ථාද තිබෙනවා, එම නිසා මේ පිලිබඳ වඩාත් සැලකිලිමත් විය යුතු වෙනවා.

පෞද්ගලිකත්‍වය සහ ආරක්‍ෂාව පිළිබඳ සලකා බැලීම පිළිබඳ වැඩි විස්තර සඳහා පහත වීඩියෝව බලන්න.

Inclusiveness – ඇතුළත් වීම

AI systems මගින් සෑම පුද්ගලයෙකුටම එක හා සමානව සැලකිය යුතු වෙනවා. ශාරීරිකව හෝ මානසිකව දුබලතා වලින් පෙලන පුද්ගලයන්ට වගේම විවිධ ජාතීන් වැනි භේදයකින් තොරව මෙම තාක්ෂණය භාවිතා කල හැකි විය යුතු වෙනවා

ඇතුළත් වීම සඳහා සලකා බැලීම් පිළිබඳ වැඩි විස්තර සඳහා පහත වීඩියෝව බලන්න.

Transparency – විනිවිදභාවය

AI systems භාවිතයේදී වඩාත්ම සැලකිය යුතු තවත් කාරණයක් තමයි මෙම තාක්ෂණය භාවිතා කරන්නන්ට එය සංකීර්ණ නොවිය යුතුයි, සරලවම යම් AI system එකකින් සිදුවන දේ, එහි limitations, සහ එය භාවිතා කල යුතු ආකාරය පුද්ගලයන්ට හොඳින් අවබෝධ විය යුතුයි

විනිවිදභාවය සඳහා සලකා බැලීම් පිළිබඳ වැඩි විස්තර සඳහා පහත වීඩියෝව බලන්න.

Accountability – වගවීම

AI systems නිර්මාණය කිරීමේදී සමාජීයව සහ පාලන හා ආයතනික මූලධර්ම වලට අනුකුලව නිර්මාණය කල යුතු වෙනවා

වගවීම සඳහා සලකා බැලිය යුතු කරුණු ගැන වැඩි විස්තර සඳහා පහත වීඩියෝව බලන්න.

මේ principles මගින් ඔබට හඳුනාගන්න පුළුවන්, AI system එකක් නිර්මාණය කිරීමේදී developer කෙනෙක්ට සැලකිලිමත් වීමට සිදුවෙන වගකීම් පරාසය වගේම විවධ අභියෝගයන්.

අවසන් වශයෙන් දීර්ඝ ලිපි දෙකකින් අධ්‍යනය කෙරුණු කාරණා කෙටියෙන්ම කියනවා නම් Artificial Intelligence කියන්නේ අපේ කාර්යයන් අති විශාල ප්‍රමාණයක් ඉතාම පහසුවෙන් වගේම වඩාත් නිවැරදිව කරගැනීමට යොදාගත හැකි ඉතාම වටිනා තාක්ෂණයක්. මේ තාක්ෂනය වඩාත් නිවැරදිව වගේම විශ්වාසවන්තව භාවිතා කිරීමට අප වගබලාගත යුතු වෙනවා.

 

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY