Microsoft Cloud Skills Challenge එකට තාමත් Register වුනේ නැද්ද

Microsoft Cloud Skills Challenge එකට තාමත් Register වුනේ නැද්ද

1319
0
SHARE

අලුතෙන් දෙයක් ඉගෙනගන්න කැමති හැමෝටම ,ඉගෙන ගන්න අතරෙම win කරන්න ඔන්න දැන් chance එකක් තියෙනවා, ඒ තමයි Microsoft Cloud Skills Challenge එක , ලංකාවේ ඕනෑම කෙනෙකුට මේ තරඟයට සහභාගී වෙන්න පුළුවන්. 

ඉතින් මොකද්ද මේ තරඟය,  Microsoft ගැන හැමෝම දන්නවනේ, එයාල Microsoft Learn කියන platform එකෙන් ලොකු පරාසයකට අදාළ  learning modules ඔබට ලබාදෙනවා. මේ modules හරියට complete කරොත් ඔයාට ඒ ක්ෂේත්‍රයට අදාළ හොඳ දැනුමක් ලබාගන්න පුළුවන්. ඒ වගේම ඔයාගේ progress එක අනුව ඔයාව leaderboard එකකට add වෙනවා, මෙතනින් ඔයාට බලාගන්න පුළුවන් ඔයා වගේම තවත් ලොකු පිරිසක් මේ විදියට ඉගෙනගන්නවා කියල, තම තමන් complete කරපු modules වලට අදාලව ලැබෙන ලකුණු අනුව තමයි මේ leader board එකේ ඔයාගේ rank එක හැදෙන්නේ, ඉතින් ඉහල rank එකකට එන්න නම් ඔයාට කරන්න තියෙන්නේ වැඩි වැඩියෙන් ඉගෙන ගන්න තමයි, ඒ කියන්නේ වැඩි modules / learning paths ප්‍රමාණයක් complete කරන්නයි.

ඇත්තටම මේ learning modules කොටස් 3ට වෙන් වෙනවා, Beginner , Intermediate , සහ Advanced කියල . ඔයාට ගැලපෙන විදියට තෝරාගැනීම කරන්න පුළුවන්.

ඉතින් මේ competition එකට මෙතනින් register වෙන්න පුළුවන්, හරියටම steps 4න් මේ විදියට competition එකට add වෙන්න .

පියවර  1: Sri Lanka Cloud Skills Challenge සඳහා register වෙන්න 

පියවර 2: Leader Board එකට add වෙන්න 

  • Register වුනාට පස්සේ challenge link එකට ගිහින් challenge එකට join වෙන්න පුළුවන්.
  • ඔයාගේ  Microsoft Learn profile එකට log වෙන්න අනිවරෙන්ම , මොකද එතකොට තමයි ඔයාගේ progress එක track වෙන්නේ .

පියවර 3: ඔයාගේ learning journey එක ආරම්හ කරන්න 

  • Microsoft Learn එකට ගිහින් modules complete කරන්න 
  • leaderboard එකෙන් ඔයාගේ progress එක බලන්න 

පියවර 4: Learn. Compete. Win.

  • Challenge එක ඉවර වෙනතුරුම පුළුවන් තරම් modules complete කරන්න 
  • Cloud Skills Challenge එක අවසානයේ modules 100% complete කරපු ඉහලම 500 දෙනාට Azure Certification Vouchers වගේම තවත් වටිනා තෑගි දිනාගන්න පුළුවන් 

මේ competition එක 2021 සැප්තැම්බර් 7 වෙනිදා ඉඳන් 2021 දෙසැම්බර් 31 දක්වා තියෙනවා, competition එක අවසානයේ ඔයාලට අදාල තෑගි ලබාදෙන්නේ 2022 මාර්තු 15 වෙනිදා. ඉතින් තවමත් ඔයාට කල් තියෙනවා මේ competition එක win කරන්න, දැන්ම register වෙන්න

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY