Azure Architecture එක සරළව ඉගෙන ගමු – (Part 02) (Cost Optimization)

Azure Architecture එක සරළව ඉගෙන ගමු – (Part 02) (Cost Optimization)

290
0
SHARE

අපි කතා කරන්න යන්නෙ Azure Cloud Architecture වලදි වැදගත්ම වෙන කොටසක් වෙන Cost Optimization එහෙම නැත්නම් මේ Infrastructure එකට යන වියදම ගැන අවබෝධයක් ලබාගන්නයි මේ ලිපිය අපි සූදානම් කලේ.

ඔබ දැනටමත් ඔබේ ආයතනයට Cloud භාවිතා කරන්න පටන් අරගෙන, යම් යම් කොටස් වල වියදම ඉහළ යන බව මේ වන විටත් අත්දැකලා ඇති. මේ ගැන සොයා බලන්න පටන්ගත්තම ඔබට වැටහෙන්න ඇති ඔබ මේ සේවාවන් නිවැරදිව භාවිතා කරන්නෙ නැහැ කියලා.

Cost Optimization කියන්නෙ ඔබගේ ආයතනය විසින් වියදම් කරන මුදල් උපරිම ප්‍රයෝජනයක් ලබාගැනීම සදහා යෙදවීමට. මේ විදියට මුදල් වියදම් කිරීම ප්‍රධාන කොටස් දෙකකට වෙන් කරන්න පුලුවන්.

1. CapEx (Capital Expense): මේකෙන් කියවෙන්නෙ Infrastructure Investment වගේ දිගුකාලීන ආයෝජන ගැන. මේවාගේ වටිනාකම ක්‍රම ක්‍රමයෙන් පහළ යනවා
2. OpEx (Operating Expense): Cloud Services වගේ සේවාවන් අපි හදුන්වන්නෙ pay as you go විදියට. මේවාට වෙන වියදම් අපිට අඩු වැඩි කරන්න පුලුවන් ඔින වෙලාවක.

Cost එක optimize කරන්නෙ කොහොමද?

  1. Project එක ආරම්භ කරන්න කළින් resources, business needs, සහ අවශ්‍ය services එක්ක වියදම් ඇස්තමේන්තුවක් නිර්මාණය කරගන්න අවශ්‍යයි. Cost-estimation tools භාවිතා කරන්න පුලුවන් මේ දේ සදහා.
  2. Overpay කරන එක අඩු කරගන්න නිවැරදි services තෝරගන්න අවශ්‍යයි. bring-your-own-license offers වගේ discounts තිබ්බොත් ඒවා භාවිත කරන්න.
  3. නිතරම billing statements පරික්ෂා කරලා unusual expenses හදුනාගන්න අවශ්‍යයි.
  4. Wasting resources අඩු කරගන්න පුලුවන් ක්‍රම වලට යොමුවීම
    1. idle virtual machines shut down කිරීම
    2. ඔබ ලග දැනට ඇති licence එකට ඔබ මුදල් යොදවන්නෙ නැහැ කියලා confirm කරගන්න එක
    3. වැඩිය භාවිත නොවෙන data වලට ගැලපෙන storage services තෝරා ගැනීම
    4. manual tasks අඩු කරලා ඒවා automate කිරීම

අපි මීළග ලිපි වලින් අනික් සේවාවන් ගැන කතා කරමු…

 

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY