Azure Architecture එක සරළව ඉගෙන ගමු – (Part 05) (Azure Performance)

Azure Architecture එක සරළව ඉගෙන ගමු – (Part 05) (Azure Performance)

293
0
SHARE

Azure Architecture ලීපි මාලාවේ පස්වැනි ලිපිය වෙන් වෙන්නෙ Azure Performance ගැන කතා කරන්න. Performance එක කියන feature එක මෙච්චර වැදගත් වෙන්නෙ ඇයි?
Clear Performance target එකක් මගින් development team එක මගින් කරන නිර්මාණය clientග‌ේ business requirement එකත් එක්ක සම්බන්ධ කරනවා. Technical දත්ත වගේම User Experience වගේ දේවල් පවා Stakeholder expectations වලට ලොකු බලපෑමක් එල්ල කරන්න පුලුවන්.

අපි උදාහරණයක් බලමු.

සමාගමක් Microsoft Azure භාවිත කරන්න තීරණය කරනවා තමන්ගෙ mobile app එකේ technical කටයුතු වලට. නමුත් ගැටලුව වෙන්නෙ stakeholdersලාගේ පැත්තෙන් clear goals set කරලා නැහැ, ඒ වගේම Azure Experience තියෙන පිරිසත් සෑහෙන්න අඩුයි. මේක නිසා ඔවුන් සෑහෙන්න කල්පනා කරනවා resources waste කරගන්නෙ නැතුව infrastructure testing කරන විදියක් ගැන.

විසදුම : මෙහිදී Business Analystsලා විසින් වෙළදපොළ ඉන්න තරගකාරී ආයතන වල solutions බලලා ඒ මගින් අවබෝධයක් ලබාගත්තා ඔවුන්ගේ goals නිර්මාණය වෙන්න ඔින කොහොමද කියලා. Developersලාට පුලුවන් වුනා Azure Features ගැන අවබෝධයක් ලබාගන්න සහ pricing tires ගැන අවබෝධයක් ගන්න. මෙමගින් ඔවුන්ට පුලුවන් වුනා clientගේ expectations හා ඔවුන්ගේ work timeline එක match කරන්න.

නිතරම early goals හා targets define කරගන්න එක මගින් redesign cost එක අඩුකරගෙන stakeholdersලාගෙ long term business goals වලට පවා සහය ලබාදෙන්න පුලුවන්.

Proactive performance measurement කියන්නෙ potential issues කලින් හදුනගන්න එක. full performance test හෝ granular optimization වගේ ගැඹුරු methods වලට යන්නෙ නැතුව බොහොම සරළව මේකෙදි වැඩකරගන්න පුලුවන්.

Proof of Concept (POC) Deployment

POC එකක් සෑහෙන විශාල සහයක් ලබාදෙනවා full deployment එකට කලින් design decisions, test කරගන්න. මේකෙන් අපි බලාපොරොත්තු වෙන්නෙ performance goals, achievable හා cost optimization කරගන්න.

අපි කලින් කතා කළා වගේම development කියන්නෙ long term process එකක්. Performance test කරන එක, Monitoring tools පාවිච්චි කරලා testing ආරම්භයේ ඉදන්ම පවත්වා ගැනීම අනිවාර්යයි. System විශාල වෙද්දි performance අඩුවෙන එක සාමාන්‍ය දෙයක්. අලුත් දත්ත මගින් වෙන මේ ගැටලු මුල සිට monitor කිරීමෙන් අවම කරගන්න පුලුවන්.

තවත් ලිපියකින් නැවත හමුවෙමු…

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY