Azure Architecture එක සරළව ඉගෙන ගමු – (Part 04) (DevOps Practices)

Azure Architecture එක සරළව ඉගෙන ගමු – (Part 04) (DevOps Practices)

216
0
SHARE

Azure Architected Framework එක organization එකක cloud practices maintain කරන්න සෑහෙන සහයක් ලබාදෙනවා Reliability, Security, Cost Optimization, Efficiency and Time කියන ප්‍රධාන කරුණු සමග. අපි මේ ගැන අපේ පළමු ලිපියේ සාකච්ඡා කරනු ලැබුවා.

DevOps කියන්නෙ Developer team හා Cloud Operations team වල එකතුවක්. DevOps team එකක් නිතරම focus කරන්න අවශ්‍ය වැදගත් කරුණු කිහිපයක් තිබෙනවා.

  1. තනි තනියෙන් වැඩ නොකර නිතරම තොරතුරු දැනුම බෙදාගැනීම (ඔබට පුලුවන් භාවිත කරන්න Azure DevOps (ADO) tasks track කරන්න සහ code management වලට. Microsoft Teams සන්නිවේදන කටයුතු වලටත්.)
  2. Development හා operations teams දෙකම customer requirement එකට focus කිරීම (Azure DevOps (ADO) වල wiki feature එක භාවිත කරන්න පුලුවන් documenting designs, incident responses, හා retrospectives වලට. A/B testing භාවිත කරන්න පුලුවන් feedback හරහා application වල user experience එක improve කරන්න.)
  3. Technology පාවිච්චි කරලා කාර්යයන් පහසු සහ ඉක්මන් කරගැනීම (මේකෙදි නිතරම processes නිතරම review කරලා standards upto dateද කියලා බලන එක, emergency drills වගේ mechanisms පාවිච්චි කරලා unexpected situations වලට team හුරු කිරීම, coding standards පවත්වා ගන්න පුලුවන් naming conventions, error handling, සහ security වගේ sections වලට)

Development Team එක සතු වගකීම්

  • Delays අඩුම ප්‍රමාණයකින් issues address කරන්න අවශ්‍යයි release එකට කලින්
  • Developer efficiency එකට focus කරන්න ඹින coding and testing cycles පුලුවන් උපරිමයෙන් optimize කිරීම මගින්
  • Processes standardize කරනවා team activities හා stakeholder expectations සමග ගලපන්න අවශ්‍ය නිසා
  • නිතරම තමන්ගේ කණ්ඩායමේ ප්‍රමාණය හා project එකේ timeline එකට ගැලපෙන software development methodology එකක් භාවිත කිරීම
  • Shared backlog එකක් මගින් නිතරම tasks prioritize කිරීම හා progress එක track කිරීම

මේකෙදි QA Team එක සතුව තිබෙන මූලික වගකීමි තමයි,

  • Project එකේ development phrase එක අවසන් වෙන්න කලින් QA process එක ආරම්භ කිරීම
  • Application components, infrastructure, හා data කියන sections සියල්ලටම testing කිරීම
  • Routine tests සියල්ල automate කිරීම. මේකෙන් අපි බලාපොරොත්තු වෙන්නෙ නිශ්චිත result එකක් හුගක් වෙලාවට

Development Efficiency එක මනින්න key metrics කිහිපයක් භාවිත වෙනවා.

  1. Bug trends
  2. Failed updates
  3. Deployment time
  4. Feedback loops
  5. Azure DevOps dashboards හා Power BI වගේ reporting tools (මේ Dashboards වලින් awareness, track trends, හුගක් හොදින් පරික්ෂා වෙනවා වගේම incidents effectively manage කරගන්නත් උදව් කරනවා.)

System එකක් නිර්මාණය කරද්දි ඒ application එක consistent results පවත්වාගන්න අවශ්‍යයි automating deployments, testing, monitoring, හා versioning වගේ ක්‍රම මගින්. Azure Spring Apps, Azure Database for MySQL, and Azure IoT Hub වගේ features මේකට භාවිත කරන්න පුලුවන්. හැම environment එකටම එක deployment manifest එකක් භාවිත කිරීමත් disaster recovery process එක simple කරන්න එක ක්‍රමයක්.

මීලග ලිපියෙන් නැවත හමුවෙමු…

 

 

 

 

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY