C# පාඩම් මාලාව -2 වෙනි කොටස

C# පාඩම් මාලාව -2 වෙනි කොටස

2746
1
SHARE

ආයුබෝවන්. මම අද ඔයාලට ගෙන එන්නෙ C# පාඩම් මාලාවේ 2 වන කොටස. ඉතින් මම අද ඔයාලට කියල දෙන්න යන්නෙ variable සහ data types ගැන. ඉතින් මේ variable සහ data types කියන්නෙ C# වලට විතරක් නෙමෙයි ගොඩක් Programming Languages වලට වුවමනා වෙන ගොඩක් වැදගත් දෙවල්.

ඉතින් අපිට මේ මොන දේ ඉගෙන ගන්න උනත් මුලින්ම අපි Visual Studio පාවිච්චි කරලා අලුත් project එකක් හදාගන්න ඕනේ. ඉතින් අපි දැන් බලමු කොහොමද අලුත් project එකක් හදාගන්නෙ කියලා. මුලින්ම Visual Studio, open කර ගන්න. එතකොට පහත තියෙන විදිහෙ Window එකක් Open වෙයි.

ඊට පස්සෙ File ගිහින් New කියන එකට ගිහිල්ලා Project කියන එකට යන්න. එතකොට එන window එකේ තමන්ට කැමති project name එකක් සහ location එකක් දෙන්න. ඊට පස්සෙ Console application කියන එක click කරන්න.


දැන් ඔයාට පහත විදිහෙ window එකක් ලැබෙයි. ඔයා මේකෙ තමයි C# code කරන්න ඕනෙ. මේකෙ තියෙන class, main method ගැන එහෙම මම පස්සෙ පාඩමකදි කියලා දෙන්නම්. අපි දැනට code කරන ඒවා කරන්නෙ මේ main method එක ඇතුලේ. ඒ කියන්නෙ ඔය main method එකට පස්සෙ තියෙන සගල වරහන් { } ඇතුලේ.


අපි දැන් බලමු කොහොමද අපි ලියන එහෙම නත්තම් code කරන Program එකක් run කරන්නෙ කියලා. ඒකට මම පොඩි program එකක් මේ main method එක ඇතුලෙ ලියල බලනවා මේක run වෙනවද කියලා. ඒ program එක තමයි පහත තියෙන්නෙ. ඔයා main method එක ඇතුලෙ මේ තියන එක code කලාට පස්සෙ ඔය start කියන button එක click කරන්න. එතකොට ඔයාට command prompt එකක hello world කියල දකින්න පුලුවන් වෙයි .

මේ කියන Console.WriteLine එකෙන් ඔයාට පුලුවන් මොකක් හරි output එකක් එලියට ගන්න. මේකෙ වරහන් ඇතුලෙ ඔයාට output එක විදිහට ඕනෙ මොකක්ද කියල ලිව්වහම එක ඔයාට output එකක් විදිහට command prompt එකෙ ලියනවා. අපි ඉස්සරහට කතා කරන variable වලයි data types වලට අදාල output ගන්න මේ Console.WriteLine කියන එක වැදගත් වෙනවා.

ඉතින් අපි බලමු මොනවද මේ variable කියලා. අපි දන්නවා variable එකක් කියන්නෙ විචල්‍යයක්. විචල්‍යකට විවිධ අගයන් ගන්න පුලුවන්නෙ. ඉතින් මේ programming වල තියෙන variable වලටත් මේ විදිහට විවිධ අගයන් ගන්න පුලුවන්. ඒ වගේම අපිට කියන්න පුලුවන්නේද variable එකක් කියන්නෙ memory එකෙ යම්කිසි දෙයක් වෙනුවෙන් වෙන් කර ගන්න ඉඩක් කියලත්. ඒ වගේම Data type එකෙන් කියන්නෙ අපි මේ වෙන් කරගන්න ඉඩ වෙන් කර ගන්නෙ මොකක් වෙනුවෙන්ද? (උදා:-අකුරු,ඉලක්කම්..) ඒ වගෙම මේ data එක වෙනුවෙන් memory එකේ කොච්චර ඉඩක් වෙන් කරන්න ඕනෙද? කියන එක වගේ දේවල්. ඒක නිසා data types සහ variable හැම තිස්සෙම එකට බැඳිලා තියෙන්නෙ. ඒ කියන්නෙ ඔයා variable එකක් පාවිච්චි කරනවනම් එකට අදාල data type එක මොකක්ද කියලත් කියන්න ඕනේ.

ඉතින් මේ variable වල තියෙන විශේෂම දේ තමයි ඔයාට කමති නමකින් මේ variable එක හදුන්වන්න පුලුවන්. ඒ කියන්නෙ variable name එකට ඔයාට කැමති නමක් දෙන්න පුලුවන්. දැන් අපි බලමු කොහොමද variable එකක් පාවිච්චි කරන්නෙ කියලා.
<data type> <variable name> = <value> ;

ඉහත සදහන් විදිහට තමයි variable එකකට අගයක් ආදේශ කරන්නේ. ඒ වගේම මේ variable එකට අදාල Data Type එක මොකක්ද කියල එකපාරක් කිව්වට පස්සෙ variable එක ආයෙ භාවිතා කරද්දි ඒක කියන්න ඕනේ නෑ. ඒ වගේම එක එක data types විවිධ අවස්තා වලදි එකම variable එකක් වෙනුවෙන් භාවිතා කරන්න බැහැ.
උදා:- int a=4;
String a=”hello”;

ඒ වගේම variable වර්ග 2ක් තියෙනවා.ඒව තමයි global variable සහ local variable. දැනට අපි භාවිතා කරන්නෙ Local variable විතරයි. Global Variable ඕනෙ වෙන්නේ OOP concept එකට ආවහම තමයි. ඉස්සරහ පාඩම් වලදි මොකක්ද මේ oop concepts කියන්නෙ කියල බලමු. variable ලියද්දි තියෙන වැදගත්ම දෙයක් තමයි variable name එක පටන් ගන්නෙ එක්කො English හෝඩියේ අකුරකින් හරි නැත්නම් underscore එකකින් හරි වීම. number එකකින් එහෙම පටන් ගන්න එපා.

අපි දැන් Data types කියන්නෙ මොනවද කියල බලමු. මේ data types, languages එකෙන් එකට වෙනස් වෙනවා. ඒ වගේම මේ data types ඒ programming language එකට ආවේනික වෙනවා. ඒ වගේම මේ data types, program වලට ඉතාම වැදගත් වෙනවා මම ඉහත සදහන් කරපු විදිහට data types වලින් memory එකෙ වෙන් කරගන්න ඉඩ ප්‍රමානය තීරනය කරනවා. ඒක නිසා අපි හොද software එකක් හදන්න නම් හැමතිස්සෙම සුදුසුම data type එක භාවිතා කරන්න ඕනේ. එමගින් අපිට අඩු memory space එකක උනත් භාවිතා කරන්න පුලුවන් හොද software එකක් හදන්න පුලුවන්. මේ data types වලට කියන නම් ඔයාට කැමති විදිහට භාවිතා කරන්න බැහැ. ඒ කියන්නේ ඒ data type එකට කියන නම ඒ විදිහටම භාවිතා කරන්න ඕනෙ. මේවා කලින් අර්ථ දක්වපු (define) වචන අපි මෙහෙම කලින් කරපු ඒ ඒ language එකට unique වුන වචන වලට key words කියලා කියනවා.

අපි බලමු මේ Data type මොනවද කියල, ඒවා පාවිච්චි කරන්නෙ මොන වගේ වෙලාවටද, ඒවා memory එකේ කොච්චර ඉඩක් ගන්නවද කියන එක.

Type Represents Range Default Value
bool Boolean value True or False False
byte 8-bit unsigned integer 0 to 255 0
char 16-bit Unicode character U +0000 to U +ffff ‘\0’
decimal 128-bit precise decimal values with 28-29 significant digits (-7.9 x 1028 to 7.9 x 1028)
/ 100 to 28
0.0M
double 64-bit double-precision floating point type (+/-)5.0 x 10-324 to (+/-)1.7 x 10308 0.0D
float 32-bit single-precision floating point type -3.4 x 1038 to + 3.4 x 1038 0.0F
int 32-bit signed integer type -2,147,483,648 to 2,147,483,647 0
long 64-bit signed integer type -9,223,372,036,854,775,808 to
9,223,372,036,854,775,807
0L
sbyte 8-bit signed integer type -128 to 127 0
short 16-bit signed integer type -32,768 to 32,767 0
uint 32-bit unsigned integer type 0 to 4,294,967,295 0
ulong 64-bit unsigned integer type 0 to 18,446,744,073,709,551,615 0
ushort 16-bit unsigned integer type 0 to 65,535 0

 

ඉතින් ඔයාට මේක බැලුවහම පේනවා ඇති අපි වැරදි data type එකක් use කලොත් කොච්චර memory එකක් ඉඩක් අපතේ යනවද කියලා.

තවත් විශේෂ කාරනයක් තියෙනවා ඒ තමයි values ලියන විදිහ. ඒ කියන්නෙ numerical value එකක් නම් නිකන්ම ලියනවා.
උදා:- int number1 = 4;
Float number2=5;

වචන එහෙම නැත්තම් String type එකේ ඒවා ලියන්නෙ double quotation ඇතුලේ.
උදා:- String name=”yasiru”;

අකුරු එහෙම නැත්තම් char type එකේ ඒවා ලියන්නෙ single quotation ඇතුලේ.
උදා:- char letter=’a’;

ඉතින් අද අපි ඉගෙන ගත්ත ඒවා පාවිච්චි කරලා පොඩි program එකක් ලියමුද එහෙනම්.

මට අවශ්‍යයි ඉලක්කම් දෙකක් එකතු කරන program එකක්. ඉතින් අපි බලමු කොහොමද මේක ලියන්නෙ කියලා සහ කොහොමද variable සහ data type භාවිතා කරන්නෙ කියලා.

ඉතින් ඔයලා තව උදාහරන කරලා බලන්න. එහෙනම් අපි ඊලග පාඩමෙන් මුන ගැහෙමු. සුභ දවසක් !!!!

Comments

comments

1 COMMENT

LEAVE A REPLY