Xamarin Marathon එක්ක එකතු වෙන්න ඔයත් කැමතිද?

Xamarin Marathon එක්ක එකතු වෙන්න ඔයත් කැමතිද?

2626
0
SHARE

අද මම ඔයාලට කියන්න යන්නේ Xamarin Marathon ගැන. Xamarin Marathon කියන්නේ Microsoft Certificate Program එකෙන් Xamarin Developer Certificate එකක් ලබා දෙන program එකක්. අපි මුලින්ම බලමු මොකක්ද මේ Microsoft සමාගමෙන් දෙන Developer Certificate එක කියන්නේ කියලා?

Microsoft Certified Professional(MCP) කියන්නේ Microsoft සමාගමෙන් පවත්වනු ලබන යම් ආකාරයෙන් වූ වෘත්තීමය විභාගයක්. තොරතුරු තාක්ෂණයේ සිටින developersට සහ අනෙක් අය සදහා වෘත්තීමය නිපුණත්වයක් පිරිනැමීම. මේ සදහා පාදක කරගන්නේ Microsoft සමාගමේ products. MCP Program ගැන වැඩි විස්තර දැනගන්න මෙතැනින් පිවිසෙන්න.

අපි දැන් අපේ මාතෘකාව ගැන කතා කරමු.

Xamarin Marathon කියන්නේ මං කලින්  කිව්වා වගේ Xamarin developer කෙනෙක්ට Microsoft සමාගමෙන් ලබා ගත හැකි certificate එක ලබා දෙන program එක.

කොහොමද මේක ලබාගන්නේ?

ප්‍රශ්නයක් නේද? කරන්න තියෙන්නේ හරිම සරල දෙයක්. ඔයාලා MVA ගැන මිට කලින් අහල ඇති. අපිට online ඉගෙන ගන්න තියෙන learning platform එකක්. අන්න ඒ වගේ තමා මේකත්. මේ courses, online tutor කෙනෙක් හරහා කරන නිසා ඔයාලට සහභාගී වෙන්න පුළුවන්.

ඔයාලට මේ සහතිකේ ගන්න නම් කරන්න තියෙන්නේ Xamarin පාවිච්චි කරලා App එකක් හදන තමයි. ඒක Microsoft සමාගමට prove කරන ඕන සහ ඒක Azure cloud එකටත් connect කරන්න ඕනි. ඔයාලත් අදම මේ program එකට join වෙන්න. වැඩි විස්තර සඳහා මෙතැනින් පිවිසෙන්න.

මේ සදහා මුදල් යනවද?

ඇත්තෙන්ම නෑ. සාමානයෙන් නම් වෙන අවස්ථා වලදී ඩොලර් 150ට ආසන්න මුදලක් මේ විභාගයන් සදහා Microsoft සමාගමට ගෙවන්න ඕනේ. නමුත් Xamarin Marathon Program එක ඒ වාසිය අපිට නොමිලේ ලබා දෙනවා. ඒ නිසා අපිට ඒ සහතිකය නොමිලේම ලබා ගන්න පුළුවන්.

ඔයාලට Xamarin developer facebook group වලින් තව උදව් ගන්න පුළුවන්. පහළ තියෙන්නේ ඒ group වල links.

https://www.facebook.com/groups/xamarin.developers/

https://www.facebook.com/groups/441438136013826/

https://www.facebook.com/groups/1390802744299112/

මේ තියෙන්නේ Xamarin සදහා ආරම්භයක් වශයෙන් සිංහලෙන් කරපු පොඩි Tutorial එකක්

විනාඩි 45න් Android, iOS, Windows වලට එකපාර apps හදන හැටි සිංහලෙන්ම දැනගන්න !

ඉක්මන් කරන්න මේ program එක තියෙන්නේ ජුනි 30 වෙනකන් විතරයි. ඒ නිසා ඔයාලත් පරක්කු නොවී දැන්ම MCP කෙනෙක් වෙන්න.

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY