Dynamics 365 කියන්නේ මොකක්ද -1

Dynamics 365 කියන්නේ මොකක්ද -1

1921
0
SHARE

Dynamics 365 එක්ක වැඩ කරපු අය වගේම ඒ ගැන කිසිම විදිහක අවබෝධයක් නැති අයත් මේ ලිපිය කියවනවා ඇති. සාමාන්‍යයෙන් අපි දන්නා විදිහට Dynamics 365 කියන්නේ business solution එකක්. මේකෙදි ප්‍රධාන වශයෙන් අරමුණු වෙන්නේ ERP එහෙමත් නැත්නම් Enterprise Resource Planing හා CRM, තවත් විදිහකට කිවුවොත් Customer Relationship Management කියන අංශයන් දෙක. මම මේ පාඩම් මාලාවේදී කතා කරන්න බලාපොරොත්තු වෙනවා මුලිකවම මොකක්ද මේ Dynamics 365 කියන්නේ, Dynamics 365 Deployment Types මොනවද, දින 30ක trial version එකක් ඔබට අරන් දෙනවා මම, මේවා practically කරලා බලන්න. මේකේ important terminologies මොනවද, Application navigation කරන්නේ කොහොමද, ඒ වගේම Record එකක් කියන්නේ මොකක්ද, Activity පාවිච්චි කරන්නේ ඇයි සහ ඒවා නිර්මාණය කරන්න හේතු වගේ දේවල්.

මේක මොකක්ද කියලා කෙනෙක් ඇහුවොත් හොඳම පිළිතුර තමයි මේක Microsoft කට්ටියගේ Enterprise Business Suite එකක් කියන එක තමයි හොඳම පිළිතුර වෙන්නේ. මුලින්ම කිවා වගේ මේක CRM හා ERP capabilities එක්ක තමයි යන්නේ. CRM වල core capabilities අතර ප්‍රධාන අංශයන් කිහිපයක් තියෙනවා. පලවෙනි එක වෙන්නේ Dynamics 365 for sales. ඒ වගේම Dynamics 365 for Customer Service, Dynamics 365 for Project Service Automation, Dynamics 365 for Field Service අංශ ගැනත් පොඩි පැහැදිලි කිරීමක් ලබාදෙන්න උත්සහ කරන්නම් මම.

Microsoft Dynamics 365 වල deployment methods කිහිපයක්ම තිබෙනවා. පළමු ක්‍රමය තමයි online ක්‍රමය. මේකෙදි hosting කෙරෙන්නේ Microsoft data centers වල. මේකෙදි ඔබ වෙනම data infrastructure එකක් එහෙම හදන්න අවශ්‍ය වෙන්නෙම නැහැ. ඔබට අවශ්‍ය වෙන්නේ PC එකක් හෝ laptop එකක්, browser එකක් හා internet connection එකක් විතරයි. දෙවෙනි ක්‍රමය විදිහට දක්වන්නේ On-premises ක්‍රමය. මේ ක්‍රමයේදී  internet එකේ කිසිම සම්බන්ධයක් නැහැ. ඔබට තිබෙන්නේ මේක download කරලා ඔබේ ආයතනයේ infrastructure එක මත ඔබේම server එකක establish කරගන්න. මේකේ තියෙන එකම ගැටලුව වෙන්නේ ඔබට මේකට යොදවන්න වෙනම මුල්‍යමය හැකියාවක් පැවතිය යුතු වෙනවා. මේකෙදි ඔබට අවශ්‍ය වෙනවා servers, licence කරපු dynamics 365 මිලට ගන්න අවශ්‍යයි වගේම මේ දේවල් වලට යන මිල බැලුවම සහ අලුත් කතාවක් තිබෙනවා මේ On Premises version එක microsoft විසින් ඉවත් කරන්න සුදානම් වෙනවා කියන කරුණ. මේවගේ දේවල් එක්ක මම ඔබටම බර දෙනවා මේ ක්‍රමය භාවිත කරනවද නැද්ද තීරණය කිරීමට. තුන්වෙනි ක්‍රමය තමයි Partner Hosted Version එක. මේකෙයි On Premises version එකෙයි ලොකු වෙනස්කම් නැහැ. නමුත් මේ Partner Hosted ඒවා ඔබ host කරන්නෙම partner කෙනෙක් එක්ක. ඒ කියන්නේ වෙනම hosting company එකක. මේකෙදි මේ  On Premises version එක ඔවුන්ගේ servers වලම පිහිටවලා ඔබට පුළුවන් වැඩ කරන්න.

මේ තුනෙන් Microsoft විසින් recommend කරනු ලබන්නේ online version එක. මීළඟට කතා කරන්නම් කොහොමද trial version එක ලබන්නේ සහ වැඩ කරන විදිහ පිළිබඳව.

නැවත හමුවෙමු…

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY