Fitness Trackers හා Wearable ගැන ඔබ මොකද හිතන්නේ?

Fitness Trackers හා Wearable ගැන ඔබ මොකද හිතන්නේ?

2251
0
SHARE

Fitness Tracker එකක් කියන්නේ මොකක්ද? පිළිතුර හරි සරලයි. අර කට්ටිය අතේ දාන පටියක් නේද? මේකෙන් මොනවද කරන්න පුළුවන්? ඔබ කියාවි exercise කරද්දී කට්ටිය අතේ දාගෙන දුවනවා කියලා. මේ සේරම හරි මම ඔබෙන් ඇහුවොත් මටත් එකක් ගන්න හොද තැනක් කියන්න කියලා? මොහොතකට ඔබ ගොළු වේවි.මේ ලිපියෙන් ලියවෙන්නේ fitness trackers හා wearable ගැන.

Fitbit Versa

Fitbit Versa කියන්නේ Fitness ක්ෂේත්‍රයේ අයටනම් අමුතු දෙයක් නෙමෙයි. Fitbit Versa හුගක් වෙලාවට නිර්දේශ කරන්නේ Gym එකක් ඇතුලේ දුවන කෙනෙක්ට. එකට හේතුව තමයි GPS track කිරීමේ පොඩි පොඩි ගැටළු. Fitbit Versa වල තියෙන තවත් ලොකුම වාසියක් තමයි, සැහැල්ලු බව, හුරුබුහුටි බව, සුවපහසුව වෙන කිසිම උපකරණයකින් ගන්න බැහැ. සමහරු කියනවා apple දුරකථනය වගේමයි කියල,  නමුත් මේක apple දුරකතනයේ බරෙන් 1/3ටත් වඩා අඩුයි. 50-meter water resistance for swimming, 24/7 heart-rate tracking sensor, Bluetooth 4.0, මේ වගේ features ගණනාවක්ම මෙහි අඩංගුයි. තවත් විශේෂ දෙයක් තමයි ගීත ගබඩා කර ගැනීමේ හැකියාව. කිසිදු ගැටළුවක් නැතුව ගීත 300ක් ගබඩා කරන්න පුළුවන්.

Fitbit Alta HR

මේ වගේම තවත් විශේෂ වර්ගයේ tracker එකක් තමයි Fitbit Alta HR කියන්නෙත්. මේකේ ප්‍රධානම වාසි අවාසි බැලුවොත් මෙය සතුව සැහෙන ලොකු battery life එකක් තියෙනවා. ප්‍රධානම අවාසිය වෙන්නේ මේක waterproofing නැහැ. ප්‍රධාන වර්ණ 6කින් සමන්විතයි මේ tracker එක.Steps, calories, heart rate, sleep වගේ දේවල් එක්කම මුල් නින්ද, ගැඹුරු නින්ද පවා නිරීක්ෂණය කරන්න මෙයට පුළුවන්.  reminders පවා ඉතා පහසුවෙන් වැඩ කරන් යන්න හදාගන්න පුළුවන්. 100$ වගේ වෙන මේ ඔරලෝසුව fitbit.com හරහා පහසුවෙන් මිලට ගන්න පුළුවන්.

Garmin Forerunner 645 Music

සංගීතයෙන් ජිවිතේ ගෙවන්න හුරු වුන කෙනෙක්නම් ඔබට, හොදින්ම ගැලපෙන ඔරලෝසුව වෙන්නේ මේක. ගීත 500කටත් වැඩියෙන් ඔබට download කරගන්න පුළුවන් වගේම streaming services වලින් offline අහන්නත් පුළුවන්. කොච්චර සින්දු ඇහුවත් දවස් 7ක් යනකන්ම බැටරි තියාගන්නත් පුළුවන්.

අපි මේ කතා කරපු smart watches වලට වැඩිය හොදයි කියල හිතෙන එකක් තියෙනවනම් පහලින් comment කරන්න. අපි කතා කරමු ඒ ගැනත්.

නැවත හමුවෙමු…

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY