Generative AI Chat Assistant ඉතා හොදින් ගොඩනගා ගැනීමට පුලුවන් AI application එකක්. ඒකට හේතුව වන්නෙ language models වල වර්ධනය හා සුලබ බව. Microsoft Copilot කියන්නෙත් ඒ වගේම Microsoft වලින් නිර්මාණය වුන application එකක්. මේකෙ open architecture එක නිසා developersලාට පුලුවන් මෙහි ඇති features භාවිත කරලා තමන්ට ගැලපෙන AI assistantsලා නිර්මාණය කරගන්න.
ව්‍යාපාර වලට Microsoft Copilot භාවිත කරන්න පුලුවන් AI generated content නිර්මාණය කරන්න සහ task automation වගේ කාර්යයන් වලට. Developer කෙනෙක්ගෙ කාර්යභාරය වෙන්නෙ Copilot වලට සම්බන්ධ කරන්න පුලුවන් plug-ins හරහා workflows හා custom AI assistantලාව නිපදවන එක.
Generative AI ව්‍යාපාර වල භාවිත කිරීම
AI assistantsලා integrate කරන්න ප්‍රධාන ක්‍රම 3ක් තිබෙනවා:
- Microsoft 365 වගේ දැනටම පවතින AI tools හරහා කාර්යක්ෂමතාවය වැඩිකර ගැනීම
- Copilot භාවිතය පුලුල් කිරීම මගින් තමන්ගේ ව්‍යාපාරයට පදනම් වුන ප්‍රතිඵල ලබාගැනීම
- Custom නිර්මාණය කරපු AI assistantsලා හරහා තමන්ට ආවේනිත දත්ත ගබඩාවක් නිර්මාණය කර ගැනීම
Microsoft Copilot භාවිත වෙන අවස්ථා ගණනාවක් අපිට හදුනාගන්න පුලුවන්.
- https://copilot.microsoft.com/ හරහා Web browsing කරන්න පුලුවන් වගේම ගැටලු සාකච්ඡා කරන්න, content නිර්මාණය කරන්න, Microsoft Copilot app එක, Bing search engine හා Edge browser එක භාවිතයෙන් අන්තර්ජාලය භාවිතා කරන්න පුලුවන්
- Microsoft Edge වලින් browse කරන ඔබට එහි තිබෙන Copilot pane එක භාවිත කරන්න පුලුවන්.
- Microsoft 365 Copilot පාවිච්චි කරන්න පුලුවන් Microsoft Word සමග. natural language prompt එකක් හරහා අලුත් document එකක් නිර්මාණය කරලා, එහි content පවා සකස් කරන්න පුලුවන්.
- Microsoft PowerPoint වලට භාවිත කරන්න පුලුවන්, presentation එක improve කරගන්න.
- Microsoft Outlook වල emails summarize, schedule checking වගේ දේවල් වලටත් එය භාවිත කරන්න පුලුවන්.
මේ වගේම තව Dynamics 365 Sales, Dynamics 365 Supply Chain Management සහ Microsoft Fabric කියන software වල Microsoft Copilot භාවිත කරන්න පුලුවන්.
GitHub Copilot
Copilot for Azure
මීළග ලිපියෙන් අපි prompts ගැන කතා කරමු…