හැමෝම කතාවෙන Generative AI ඉගෙනගමුද? – Part 06 (Prompts)

හැමෝම කතාවෙන Generative AI ඉගෙනගමුද? – Part 06 (Prompts)

121
0
SHARE

Generative AI ලිපි මාලාවේ 6 වැනි ලිපිය තමයි මේ. අපි Generative AI වල මූලික දේවල් කතා කරලා තියෙන්නෙ, ඒ වගේම Microsoft Copilot ගැන අපි කතා කළා. අපිට ලැබෙන response එකක තිබෙන ප්‍රමිතිය, එහෙම නැත්නනම් quality of response පවත්වාගෙන යන්න අපි භාවිත කරන language model එක විශාල කාර්යභාරයක් කරනවා. ඒ වගේම User කෙනෙක් සපයන prompt type එකත් සෑහෙන කාර්යභාරයක් කරනවා. Prompt එකක් කියන්නෙ අපි අපේ application එකට කරන්න අවශ්‍ය instructions provide කරන ක්‍රියාවලිය.

A screenshot of the considerations for improving a copilot response that corresponds with the numbered list below.

පහත දක්වලා තිබෙන්නෙ Generative AI assistant විසින් ලබාදෙන response එක improve කරගන්න කරන්න පුලුවන් දේවල් කිහිපයක්.

  • ආරම්භයේදීම specific goal එකක් ලබාදෙන්න අවශ්‍ය වෙනවා අපේ කාර්යය ගැන
  • මූලාශ්‍රයක් ලබාදුන්නොත් Generative AI Assistantට පුලුවන් තමන්ගෙන් request කරන prompt එක ගැන පැහැදිලි අවබෝධයක් ලබාගන්න
  • අපි එකතු කරන context එක නිතරම එකතු වෙන්න අවශ්‍ය වෙන්නෙ අපේ පිළිතුරට ගැලපෙන තොරතුරු පමණයි, අනික් තොරතුරු වලින් අපේ අරමුණ වෙනත් පැතිවලට යන්න පුලුවන්.
  • අලුත් තොරතුර ලබාගන්න කලින් කලින් prompts වලට දුන්න පිළිතුරු එක්ක පරික්ෂා කරන්න අවශ්‍යයි හරි පිළිතුර ගන්න පුලුවන්ද කියලා.

මේ Prompt එකක් නිර්මාණය වෙන්න සහ එය AI වලට යවන්න අවශ්‍ය වෙද්දි ඒ type කරපු text එකම නෙමෙයි ඇතුලත් වෙන්නෙ. ඒ වෙනුවට පහත සදහන් වෙන විදියට වෙනස් වෙන්න පුලුවන්.

  1. System Message – මේ තමය් AI assistantට ලබාදෙන උපදෙස. මෙි උපදෙස නැත්නම් instruction එක AI response එක තවත් පැහැදිලි වෙනවා.
  2. The conversation history – ‌මේ දැන් අපි වැඩ කරන session එකේ තොරතුරු. මේකට ඇතුලත් වෙනවා past prompts හා responses. මේ chat history එක විශාල දායකත්වයක් ලබාදෙනවා අලුත් තොරතුරු නිර්මාණය කරගන්න.
  3. Optimized Prompt – AI විසින් ඹබේ prompt එක modify කරනවා සහ වඩා හොදින් පැහැදිලි කරගන්නවා better response එකක් ලබාගැනීම සදහා

AI response එකක් වඩා පැහැදිලි ලෙස ලබාගැනීමට prompt එකක් වෙනස් කිරීම අපි prompt engineering ලෙස අපි හදුන්වනවා.

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY