Generative AI ලිපි මාලාවේ හත් වැනි ලිපිය එකක් ඔබ මේ එකතු වෙන්නෙ. අපි මේ ලිපිය කතා කරන්නෙ Micosoft Copilot වගේ tools පාවිච්චි කරන ඔයාගෙ ආයතනය Copilot extend කරන්න හරි Copilot වගේ වෙනස් tool එකක් හදනවනම් ඒ වගේ නිර්මාණයක් කරන්නෙ කොහෙන්ද කියලා ගැටලුවක් මතු වෙන්න පුලුවන්.
Copilot Studio
Copilot Studio නිර්මාණය කරලා තිබෙන්නෙම low code development scenario වලදි වැඩ කරන්න. මේ නිසා business usersලා සහ developersලා අතර conversational AI experience එක වැඩි කරගන්නත් මේක උදව්වක් වෙනවා. මේ collaboration එකෙන් නිර්මාණය වෙන output එක fully managed SaaS (Software as a service) solution එකක් වගේම host කරන්න Microsoft 365 environment එකත් Microsoft Teams, chat channel එක විදියටත් සම්පූර්ණයෙන්ම Microsoft applications භාවිතයෙන් නිර්මාණය වෙනවා. https://www.microsoft.com/microsoft-copilot/microsoft-copilot-studio මගින් ඔබට මේ application එකත් සමග වැඩ කරන්න පුලුවන්.
Azure AI Foundry
Azure AI Foundry කියන්නෙ PaaS නැත්නම් Platform as a Service කියන category එකට වැටෙන application එකක්. අපි කලින් කතා කරපු Copilot studio එකේදි ගැලපෙන language models, infrastructure එක studio එකෙන්ම තෝරලා දුන්නට, මේ tool එකේදි අපිට ගැලපෙන language models තෝරන්න පුලුවන්. ඒ වගේම තමන්ට අවශ්‍ය විදියට prompt flows, orchestrate conversation flow, data augmentation සහ prompt engineering logic සකස් කරලා cloud deployment එකකින් පස්සෙ custom developed apps වලට මේවා යවන්නත් මේ tool එකෙන් වැඩි ඉඩක් ලැබෙනවා. සරළවම කිවුවොත් Azure AI Foundry කියන්නෙ Copilot studio එකක් බලද්දි සෑහෙන complex tool එකක්, හැබැයි අපිට අවශ්‍ය නිර්මාණය හරියටම කරගන්න ඒක සහය වෙනවා.
මීළග ලිපියෙන් නැවත හමුවෙමු.