ලෝකයේ ඉදිරියට ගමන් කරද්දි ආයතන තමන්ගේ ව්‍යාපාර සහ මෙහෙයුම් කටයුතු නිවැරදිව පවත්වාගෙන යෑමට බොහෝ වෙලාවට Agile Methodology භාවිතා කරනවා. මේ ආයතන සතුව විශාල I.T සම්පතක් නැහැ. ඒ වගේම software engineering වගේ අංශයක් හරහා කරන්න පුලුවන් දේවල් සම්බන්ධ ලොකු දැනුමක් ඔවුන් සතුව නැහැ. Programming Skills නැත්නම් Coding knowledge එකක් නැතුව custom applications නිර්මාණය කරගන්න පුලුවන් ඉතා දැවැන්ත platform එකක් තමයි power platform, නැත්නම් power apps කියලා කියන්නේ. මේ ලිපි මාලාවෙන් අපි කතා කරන්නේ මේ platform එක හරහා කරන්න පුලුවන් දේවල් සහ අපට මේ හරහා නිර්මාණය කරන්න පුලුවන් දේවල් ගැන.
මේ power apps අපිට ඔිනම device එකක run කරන්න පුලුවන්. උදාහරණයක් විදියට mobile phones, tablets, සහ desktops යන ඔිනම වර්ගයක. මේ power apps නිර්මාණය කිරීමේ මූලික අරමුණ වෙන්නේ ව්‍යාපාර වලට ඹවුන්ගේ process, automate කරගන්න අවස්ථාවක් ලබාදීම, අලුතෙන් කරන innovative application එකක් වැඩිකාලයක් යන්නෙ නැතුව customer කෙනෙක්ට ලැබෙන්න සලස්වන එක.
Power apps වල අඩංගු වන key features මොනවාද?
- low code development – minimal coding කියන concept එකෙන් වැඩ කරන මේ power apps build interface එකේ තියෙන්නෙ components, drag-and-drop කරන්න පුලුවන් behavior එකක්. Non-developers, තමන්ගේ ලග තියෙන real world problem එකට effective, efficient solution එකක් තියෙන, නමුත් software development, coding experience ලොකු අවබෝධයක් නැති අයට පුලුවන් power apps පාවිච්චි කරන්න.
- Integration Capabilities – Power apps වලට පුලුවන් integrate වෙන්න Office 365, Dynamics 365, සහ Azure වගේම තවත් දහස් ගණනක් වුන third party apps එක්ක.
- Responsive Design – කලින් මම සදහන් කලා වගේම ඔිනෑම device එකක් එක්ක වැඩ කරන්න මේ apps නිර්මාණය වෙන්නෙ. ඒ හරහා usersලාගේ interaction, usage වගේම user friendliness පවා පහසුවෙන් වැඩි කරගන්න පුලුවන්.
- AI-Driven Tools – power apps platform එක තුල තිබෙන AI features වලින් machine learning හා predictive analytics වගේ AI mechanisms භාවිතා කරන්න පුලුවන්.
low code development නිසා business වලට පුලුවන් තමන්ට අවශ්‍ය දේවල් තමන්ටම නිර්මාණය කරගන්න. ඒකෙන් මුදල්, කාලය වගේම තමන්ගේ ආයතනය තුල විශ්වාසය වුනත් වැඩි කරගන්න පුලුවන්, budget එක limited කියලා projects අයින් කරන්න අවශ්‍ය වෙන්නෙ නැහැ.
මේ හරහා ක්‍රියාත්මක වෙන apps මොනවාද, හදන විදිය අපි ඉදිරි ලිපි වලින් කතා කරමු! සුබ දවසක්!