Global Azure Bootcamp කියන වචන පේලිය ලංකාවේ ඔබට එතරම් අමුතු වචන ටිකක් නෙමෙයි. නමුත් පසුගිය වසරේ පැවැත්වුණු Azure Bootcamp එකට ඔබත් සහභාගී වුනානම් මෙවරත් ඔබ ඒ වෙනුවෙන් ඇඟිලි ගනිනවා වෙන්නට පුළුවන් .
මුලින්ම මම ගියපාර event එක ගැන පොඩ්ඩක් පැහැදිලි කරන්නම්. ගිය පාර 2018 April මාසේ උදේ 8.00 ඉඳන් සවස 5.00 වෙනකන් Movenpick Hotel එකේ පැවැත්වුණු Azure Bootcamp එකේ tracks දෙකක් යටතේ events පැවතුණා. tracks දෙකක් කියන්නේ වෙන වෙනම ස්ථාන දෙකකදී sessions පවත්වනවා, ඔබේ කැමැත්ත හා ඔබට හිතෙනවනම් ඔබට වැදගත් වන්නේ මෙය කියල, ඔබටත් එයට එකතු වෙන්න පුළුවන්.
පසුගිය event එකේ පිරිස 150ක් එක්ක speakersල 14 දෙනෙක් සහභාගී වුණා. Keynote එක කරන්න සහභාගී වුනේ Champike Munasinghe (Founder/CEO Cryptofinity Ltd) මහතා. ඔහුගේ Session topic එක වුනේ Introduction to Blockchain, Applications and Infrastructure. මේ වගේම බොහොම පරිනත තවත් speakersලා 13 දෙනෙක් තමන්ගේ sessions පැවැත්වුවා. මම වෙන වෙනම නම් වලින් කියනවනම් Jaliya Udagedara, Susantha Silva, Fiqri Ismail, Muditha Chathuranga | Hasitha Methmal, Chaminda Chandrasekara, Manoj Karunarathne, Asanka Padmakumara, Haritha Thilakarathne, Sajeetharan Sinnathurai, Hansamali Gamage, Uditha Bandara, Jude Perera කියන Azure Expertsලා set එක. මෙතන හුඟක් අය MVP කට්ටිය.
මේ පාර කොහොමද මේ Azure Bootcamp එක සිද්ධ වෙන්නේ? මෙවරත් Bootcamp එක වෙන්නේ Movenpick Hotel එකෙමයි. පිරිස ඔබට අනුමාන කරන්න පුලුවන්නම්. මෙවර ඔවුන්ගේ අපේක්ෂාව පිරිස 250ක් සහභාගී කර ගැනීම. ඒ වගේම තවත් විශේෂත්වයක් තමයි මෙවර tracks 3ක් යටතේ sessions පැවැත්වීම. කෙනෙක්ට පුළුවන් සහභාගී වෙන spekersලා ගණන guess කරන්න. ගණනින් කිවොත් 22ක්. Keynote එක සහ Sessions 21ක් සම්පුර්ණයෙන්ම.
අද ඉදන් දින ගැන්නොත් හරියටම තියෙන්නේ දින 32ක් විතරයි තව ඉතුරු. මේ පාර organizersලා විදිහට කටයුතු කරන්නේ Shameera Prajapriya, Dinesh Priyankara සහ Sammani Palansuriya කියන ප්‍රවීනයන් තුන් දෙනා.
සැදී පැහැදී ඉන්න ලෝකයේ විශාලතම azure cloud සැණකෙළිය තව නොබෝ කලෙකින්ම වැඩ ආරම්භ වෙනවා නොඅනුමානයි. නිතරම https://www.facebook.com/gabccolombo/ වගේම https://gabccolombo.azurewebsites.net/ වෙබ් අඩවිය ගැනත් අවධානයෙන් සිටින්න කියල කියන්න කැමතියි. Windowsgeek අපි ලැබෙන හැම උණුසුම් පුවතක්ම අපේ facebook පිටුවේ පල කරන්නට සුදානමින් සිටිනවා.
නැවත හමුවෙමු…