HoloLens Development Edition අද දින සිට නැව්ගත කෙරේ

HoloLens Development Edition අද දින සිට නැව්ගත කෙරේ

2482
0
SHARE

HoloLens Development Edition ලබාගැනීම සඳහා ඉල්ලුම් කල සහ ඇ.ඩොලර් 3000ක් වැය කල පාරිභෝගිකයන් හට මෙය සැබැවින්ම සුභ ආරංචියක් වනු ඇත. එනම් අද දින සිට ඒවා නැව්ගත කිරීම ඇරඹේ.

එම උපාංගය සඳහා පෙරඇනැවුම් කිරීම පෙබරවාරි මස 29 වන දින ඇරඹි අතර, Microsoft සමාගම එහි ඇතුලත් විශේෂාංග ද නිකුත් කරන ලදී. ඒවා නැව්ගත කිරීම ආරම්භ කිරීම සඳහා ප්‍රථමයෙන්ම සැලසුම් කරන ලද්දේ අද දින සිටයි.

පසුගිය දින ආරම්භ වූ Microsoftහි developer සඳහා වන Build 2016 සමුළුවෙන් ලැබෙන නවතම ප්‍රවෘතිය වන්නේ HoloLens සඳහා වන Windows 10 Anniversary Update නම් Windows version එකක් නිකුත් කර ඇති බවයි.

අද දින නැව්ගත කිරීමෙන් ඇරඹෙන HoloLens Development Edition සඳහා මෙය ආරම්භයක් පමණි. කෙසේ වෙතත් HoloLens කණ්ඩායම සඳහා මෙය එක් සන්ධිස්ථානයකි.

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY