අද දින සැන් ෆ්‍රැන්සිස්කෝ නුවර පැවැත්වෙන Build 2016 සමලුවෙහිදී Microsoft සමාඟම විසින් digital pen එක භාවිතාකරමින් ස්පර්ෂ තිරයමත සිදුකල හැකි නවතම විෂේශාංග පිළිබඳ හෙලිදරවු කරනු ලැබූ අතර ඒවා පහත අයුරිනි.
Bryan Roper විසින් pen එක භාවිතාකරමින් එහි වූ තිරයක් මත තිබූ Sticky Notes තුල ඇදීමට පටන්ගත් අතර එහිදී එම වචන සමූහයේ ඇති Tomorrow වචනය නිල් පැහැගන්වමින් එය දිනයක් ලෙසට sticky note එක මඟින් වෙන්කර හදුනා ගන්නා ලදී.
මෙම tomorrow යන වචනය මත ක්ලික් කිරීම මඟින් Cortana විවර කර එය Reminder එකක් ලෙසට භාවිතා කළ හැකිය.
තවද Bryan Roper විසින් Windows 10 හි ඇති නවතම Ink Workspace මෙවලම හඳුන්වාදුන් අතර එහි ඇති එක් සුවිශේෂී විශේෂාංගයක් නම් එහි ඇති ඩිජිටල් මිනුම් කෝදුවයි.
මෙහිදී ඔවුන් විසින් අරමුණු කරගනු ලැබූවේ Touch Screenඑකක් තුල Digital Pen භාවිතය ඇත්තම පෑනක් හා කොලයක් සමඟ ලැබෙන අත්දැකීමම වන බව පෙන්වීමය.
Source :Neowin