Intel වෙතින් Dual-screen laptop එකක්

Intel වෙතින් Dual-screen laptop එකක්

2174
0
SHARE

video gamers ලට අලුත්ම news එකක් දෙන්නයි මේ ලිපිය ලියන්නේ , ඔන්න video gamersලා  වෙනුවෙන්ම Intel විසින් අලුත්ම විදියේ gaming laptop එකක් හඳුන්වා දී  තිබෙනවා. මේ laptop එකේ විශේෂත්වය වෙන්නේ screens දෙකක් තිබීම. මේ අලුත් dual-screen gaming laptop එක ඔවුන් නම් කරලා තිබෙන්නේ Honeycomb Glacier නමින්. Intel company එක ප්‍රසිද්ධ වුනේ එයාලගේ processors නිසා වුනත් ඔවුන් තාක්ෂණික නිපැවුම් වල ඉන් එහා ගිය දුරකට ගොස් ඇති බව  මේ gaming laptop එකෙන් ලෝකයටම පෙන්නන්නයි ඔවුන්ගේ සුදානම. රසවත් ice cream එකක  වගේ නමක් තිබෙන මේ laptop එක screen දෙක බොහොම අපුරුවට එකක් මත එකක් දිගහැරෙන ආකාරයට design කරලා තිබෙනවා.


15.6-inch 1080p primary panel එකකින් සහ  12.3-inch 1920 x 720 secondary screen එකකින් සහ 45-watt 8-core Intel CPU සහ  Nvidia GeForce 1060 graphics වලින්  සමන්විත මේ laptop එක ඇත්තටම gamers ලට ඉතාමත් පහසු විදියේ නිර්මාණයක් , මොකද එකම ඇස් මට්ටමට පහසුවෙන්ම screen දෙකකින් මුළු game එකම බලන්නත් පහසුවෙන් play කරන්නත් හැකියාව තිබෙනවා.

පසුගිය දශකය තුල දෙවරක්ම Intel විසින් මේ screen දෙකක අවශ්‍යතාව හඳුනාගත්තා , ඒ මොකද කියනවා නම් ඔවුන් Razer company එක සමග එක්වී 2011 දී නිර්මාණය කළ original Switchblade prototype  එකත් වෙනස්ම විදියේ අලුත් අත්දැකීමක් , මේ laptop එකේ keyboard එක gamers ලට ගැලපෙනම ආකාරයට වෙනස් වන විදියේ එකක්. ඒ ගැන හරියටම දැනගන්න මෙතනින්. ඒ විතරක් නෙමෙයි first Razer Blade laptop එක touchpad එකට screen එකක්ම fit කරපු තවත් වෙනස් නිර්මාණයක්. ඒ ගැන මෙතනින් බලන්න.
 තමන්ගේ මේ අලුත් නිර්මාණය ගැන ආඩම්බර වෙන intel සමාගම මේ laptop එකේ අභ්‍යන්තර සැකැස්ම පිලිබඳ විස්තර ලබාදීම හෝ චායාරුප ගැනීම ප්‍රතික්ෂේප කොට තිබෙනවා. මෙහි සැකැස්මේ තවත් විශේෂත්වයක් වෙන්නේ cooling system එකට අදාලව එක fan එකකින් 195 watts ප්‍රමාණයක components cool කිරීමේ හැකියාව,වගේම   Tobii eye-tracking camera. e-sports playersලා match එකක් අතරවාරයේ gaze track කරන්න මේ eye-tracking cameras භාවිතා කරනවා. laptop එකේ  secondary screen එක ක්ෂණිකව focus කරන්න මේ eye-tracking cameras ඉතාමත් පහසු වෙනවා .

ඉතින් මේ වගේ දියුණු තාක්ෂණයක් එක්ක කරපු Honeycomb Glacier ගැන Intel company එක ආඩම්බරෙන් සඳහන් කරන්නේ  මෙතරම් PC manufacturersලා  සතුටු වන prototype එකක්  ඔවුන් විසින් නිර්මාණය වුනේ සැහෙන තරම් කාලයකට පසුව බවයි. වෙළදපොලට නම් තවමත් එක්වෙලා නැති වුනත් අනාගතයේදී මේ සුපිරි නිර්මාණයේ අත්දැකීම විඳගන්න හැකිවෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා.

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY