Microsoft, Facial Recognition Algorithms Datasets ඉවත්කර ගනී

Microsoft, Facial Recognition Algorithms Datasets ඉවත්කර ගනී

1425
0
SHARE

පසුගිය සතියක Financial Times එකේ තිබුණු වාර්තාවකට අනුව Microsoft සමාගම එයාලගේ facial recognition algorithms database එක ඉවත් කර ගත්තා.පරීක්ෂා කිරීමකට වගේම පුහුණු සැසියකට පමණක් මේ dataset එක පාවිච්චි කරා කියලයි Microsoft එක කියන්නේ.මොනාවුනත් මේ algorithm dataset එකේ මිලියන 10ක පමණ මුහුණු අඩංගු වෙලා තිබිල තියෙනවා.Microsoft ආයතනයේ ඉහල සාමාජිකයින් කියන විදිහට එයාලා මේ ඡායාරූප ලබාගෙන තියෙන්නේ online sources වලින්.මෙතන දලවශයෙන් පුද්ගලයින් 100,000කගේ පමණ ඡායාරූප අඩංගු වෙන බවයි සදහන් වෙන්නේ.තනිපුද්ගල ඡායාරූප හොයාගන්න බැරිවෙන අවස්ථාවල සමූහ ඡායාරූපයේ පරිමාව,ව්‍යුහගත දත්ත වලින් තනිපුද්ගල ඡායාරූපය වෙන්කරගන්න මේ facial recognition algorithm එකට හැකියාව තියෙනවා කියලයි සදහන් වෙන්නේ.

A display shows a facial recognition system for law enforcement during the NVIDIA GPU Technology Conference, which showcases artificial intelligence, deep learning, virtual reality and autonomous machines, in Washington, DC, November 1, 2017. / AFP PHOTO / SAUL LOEB (Photo credit should read SAUL LOEB/AFP/Getty Images)

මොනාවුනත් මේ Financial Times එකෙන් කියන විදිහට මේ dataset එකේ ඉන්න ගොඩක් පුද්ගලයෝ දන්නේ නෑ එයාලා මේ විදිහේ dataset එකක් නියෝජනය කරනවා කියලා.නීති වලට අනුව මේ විදිහට විෂයානුබද්ධ පුද්ගල දත්ත ගබඩා කරගැනීම,හුවමාරු කරගැනීම විශාල ලෙස නීතිවිරෝධී කියලයි General Data Protection Regulation එකේ දත්ත විශ්ලේෂකයෝ කියන්නේ.

තවමත් Microsoft එකෙන් මේ dataset සම්පුර්ණයෙන් ඉවත්කරා කියලා තහවුරු කරපු නිවේදනයක් නිකුත් කරලා නෑ.Financial Times එකට අදහස් දක්වපු Microsoft එකේ ප්‍රධාන නියෝජිතයෝ කිව්වේ මේ algorithm එක සම්පුර්ණයෙන්ම අධ්‍යන කටයුතු සදහා පමණක් භාවිතා කරපු එකක් කියලයි.මේ algorithm එක පවත්වාගෙන ගියපු සේවකයා තවදුරටත් Microsoft ආයතනයේ සේවය නොකරන බවද ඔවුන් පැවසුවා.

මේ FT එකේ වාර්තාව නිසා මේවගේම dataset එකක් පවත්වාගෙන ගියපු Duke University සහ Stanford ද එයාලගේ facial recognition algorithms ඉවත්කර ගත්ත බවයි සදහන් වෙන්නේ.

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY