Kroger එක්ක Microsoft , Amazonට එරෙහිව නැගිටියි.

Kroger එක්ක Microsoft , Amazonට එරෙහිව නැගිටියි.

1441
0
SHARE
The Kroger Co. logo is seen on a shopping bag at a supermarket in Peoria, Illinois, U.S., on Tuesday, June 12, 2012. Kroger Co. is scheduled to announce quarterly earnings results on June 14. Photographer: Daniel Acker/Bloomberg via Getty Images

ඇමරිකාවේ ලොකුම grocery retailer විදිහට හඳුන්වද්දී ඔබට Kroger කියන්නේ අහලා නැති වචනයක් නෙමෙයි. මේ වගේ දැවැන්තයෙක් Microsoft වගේ අති දැවැන්ත තාක්ෂණික දැවැන්තයෙක් එක්ක එකතු වුනාම මොනවා කරන්න බැරිද?

Kroger විසින් මේ වෙනස කරන්න සුදානම් වෙන්නේ, Microsoft Azure එක්ක බලසම්පන්න වෙලා. ඔවුන් cloud platform එක භාවිතා කරන්නේ RaaS තවත් විදිහකට කියනවනම් Retail as a service විදිහට. Microsoft Azure භාවිතය නිසා Kroger සමාගම grocery industry එක තුල world-class expertise වීම නවත්වන්නට බැහැ කියන කාරණාව Microsoft CEO වන Sathya Nadella ප්‍රකාශ කර සිටියා.

“Kroger is building a seamless ecosystem driven by data and technology to provide our customers with personalized food inspiration. We are identifying partners through Restock Kroger who will help us reinvent the customer experience and create new profit streams that will also accelerate our core business growth. We are excited to collaborate with Microsoft to redefine grocery retail,”

මේ විදිහට ප්‍රකාශ කරනු ලැබුවේ Rodney McMullen විසින්. ඔහු තමයි Kroger සමාගමේ CEO වශයෙන් කටයුතු කරන්නේ.

ඇත්තටම මොකක්ද මේ Azure පාවිච්චි කරලා Kroger කරන්න හදන්නේ? digital shelf labels හා  image recognition cameras, මඟින් Kroger බලාපොරොත්තු වෙන්නේ නැවුම් retail environment එකක් නිර්මාණය කරන්න  customersලා සහ retail employeesලට පහසු වෙන විදිහට.

ඔබට කුඩා හෝ මතකයක් තිබෙනවානම් 2018 වසරේ ජුලි මාසයේදී WallMart ආයතනයත් Microsoft සමඟ පස් අවුරුදු තාක්ෂණික ගිවිසුමකට එළඹෙනවා. WallMart, Microsoft හා Kroger මේ සියලු දෙනාම මේ එකතු වෙන්නේ පොදු සතුරෙක් වෙනුවෙන්. ඔබට සිතන්න පුලුවන්ද මේ වගේ ආයතන 3ක් සටන් කරන්න සුදානම් වෙන්නේ Amazon ආයතනය සමඟ. Microsoft ආයතනයේ Azure හා Microsoft 365 Wallmart විසින් භාවිත කරනු ලබයි.

කොහොමද මේ Microsoft හා Wallmart මේ තරම් දරුණු විදිහට Amazon එක්ක තරඟ කරන්න හේතු දෙකක් තිබෙනවා. Micosoft සතුව ඉන්න ලොකුම cloud product තරඟකරුවා. ඒ වගේමයි Wallmart ආයතනයේ ලොකුම retail competitor වෙන්නේ Amazon. ඔබට හිතාගන්න පුළුවන් කොතරම් පීඩනයක් Amazon වෙත එල්ල වේවිද කියන කරුණ.

Kroger භාවිත කරන කෙනෙක්ට ඔවුන්ගේ app එක වගේම, Scan, Bag, Go කියන නාමය යටතේ තිබෙන Kroger terminal භාවිත කරන්න පුළුවන්. මේ විදිහට ඔබේ බදු ලැයිස්තුව හදාගන්න ඔබ නිවැරදි අංශය වෙත ගියාම digital shelf එකක් මගින් ඔබට symbol එකක් දක්වනවා ඔබට මිලට ගැනීමට අවශ්‍ය භාණ්ඩය අසලදී. ඔබට පුළුවන් මේ භාණ්ඩය scan කරන්න. එවිට එය ඔබට ලබාගන්න පුළුවන් වගේම, මීළඟ භාණ්ඩය තමයි මීලගට දිස්වෙන්නේ. ඒ වගේමයි ඔබේ app එක මගින් ඔබ භාණ්ඩයක් මිලදී නොගන්න අවස්ථාවල ඔබ මිලට ගන්නා ලබන එදිනෙදා භාණ්ඩ වලට අදාල වෙළඳ දැන්වීම් මඟින් ඒවාට අදාලව තිබෙන වට්ටම් හා දීමනා ගැන දැනගන්න පුළුවන්. ඒ වගේමයි Kroger app එකට පුළුවන් පාරිභෝගිකයන්ගේ එදිනෙදා shopping habits මත items recommend කරන්න.

ඉහත රුපයේ දැක්වෙන්නේ digital සලකුණ පාවිච්චි කරලා දීමනා හා වට්ටම් දිනාගන්න පාරිභෝගිකයෙක්. මේ විදිහට දැනටමත් Kroger තාක්ෂණ කණ්ඩායම මේ පහසුකම් තමන්ගේ ශාඛා වල හදමින් යන්නේ. තව ඉදිරියට මේ තාක්ෂනය ලංකාවටත් ඒවි කියලා අපි බලාපොරොත්තු වෙමු…

නැවත හමුවෙමු…

Source: https://www.theverge.com/2019/1/8/18154802/microsoft-kroger-retail-partnership-digital-signs-image-recognition-temperature-sensor

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY