LinkedIn තමාගේ මුළු ආරක්ෂාව Azure වෙතට පවරයි!

LinkedIn තමාගේ මුළු ආරක්ෂාව Azure වෙතට පවරයි!

1788
0
SHARE

ලෝකයේ තිබෙන එක එක විදිහේ Social Media අතර LinkedIn කියන්නේ ඕනෑම ක්ෂේත්‍රයක professional කෙනෙකුගේ ඉඳන් amateur කෙනෙක් වෙනකන් ඕනෑම කෙනෙක් තමාගේ professionalism එක පවත්වාගෙන යන්න භාවිත කරන professional ගනයේ සමාජ ජාලයක් කිවොත් නිවැරදියි.

ඔබ දන්නවා 2016 වසරේදී Microsoft සමාගම විසින් LinkedIn මිලට ගනු ලබනවා. නමුත් සැහෙන කාලයක් යනකන්ම ඔවුන් තම තමන්ගේ මාර්ග වල ගමන්කලා මිසක් Microsoft කිසිම වෙලාවක තමන්ගේ තිබෙන products linkedIn වෙත යොමු කලේ නැහැ. Microsoft-නොවන වර්ගයට මෙතෙක් කල් අයිති වෙලා තිබ්බ LinkedInගේ මේ රැල්ල වෙනස් කරන්න Microsoft තීරණය කරලා තිබෙනවා.

2012 වසරේ සිටම LinkedIn වැඩ කලේ තමන්ගේ data centers පාවිච්චි කරලා. නමුත් 2017 වසරේදී LinkedIn නිල නිවේදනයක් නිකුත් කලා ඔවුන් තවදුරටත් ඔවුන්ගේම infrastructure එකක් ඉදිරි වැඩ කටයුතු වලට පාවිච්චි කරනවා කියලා. නමුත් මේ වසරේ ජුලි මාසයේ 23 වැනිදා ඔවුන් තමාගේ LinkedIn Engineering Blog එකේ ලිපියක් පළකරමින් ප්‍රකාශ කරන්නෙ LinkedIn තමන්ගේ පොදු cloud infrastructure එක විදිහට Microsoft Azure භාවිත කරනවා කියන කාරණාව. ඔබට මේ ලිපිය කියවන්න පුළුවන් මේ ලින්කුව තුලින්.

ඔබ දන්නවද Office365 සහ Xbox Live වගේ Microsoft ආයතනය සතු ප්‍රධාන products පවා තවමත් දුවන්නේ ඔවුන්ගේ data centers වල. මේවා Azure වලට මාරු වෙන බව Microsoft අධිකාරිය ප්‍රකාශ කලත් තවමත් එය සිදුවෙන බවක්නම් පෙනෙන්නට නැහැ.

නැවත හමුවෙමු…

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY