පසුගිය වර්ෂ 2 පුරාවට Microsoft සමාගම විසින් මේ වන විට විවිධ වර්ගයේ mobile apps බොහෝ ගණනක් අත්පත් කරගෙන ඇති අතර මෙවර එක තරමක් විශේෂයි. මෙවර ඔවුන් මිල දී ගත්තේ Microsoft හි පෙර සිටි chief architect වන Ray Ozzie ගේ Talko messaging app එකයි.
Talko, Skype සහ Skype for Business සමඟ යොදා ගන්න Microsoft සමාගම අදහස් කරගෙන ඉන්නවා. Voice communications මඟින් ව්‍යාපාර කටයුතු කරගෙන යාමට අවස්ථාව මෙමඟින් සලසා දෙනවා. Cloud-based calls වෙනුවට මුළු team conversation එකම record කර පසුව share කරගැනීමට හැකි වන ලෙසයි මෙය නිර්මාණය කරලා තියෙන්නේ. මහා පරිමාණයේ ව්‍යාපාරිකයන්ට සහ ව්‍යවසායකයින්ට වඩාත් සුදුසුයි. Microsoftලගේ Skype for Business app එකට මෙය හොඳින්ම ගැලපෙනවා.
මෙය කෙසේ වුවත් Talko තවත් මාස කිහිපයකින් ඉවත් වේවි. මොකද මේ විශේෂාංග ටික Skype for Business app එකට එක් කරන්න Microsoft සමාගම මේ වන විට කටයුතු කරගෙන යනවා.